රෝම ආධිපත්‍ය

විකිපීඩියා වෙතින්

Actium යුද්ධයේදී Octavain හට මාක් ඇන්තනි සහ VIIවන ක්ලියෝපැට්‍රා රැජිණ පරාජය වීමෙන් පසු බු.ව.30දී ඊජීප්තුව,රෝම අධිරාජ්‍යයට අයත් රාජ්‍යක් බවට පත් විය.රෝමන් ජාතිකයන් ඊජීප්තුවෙන් ලැබෙන ධාන්‍ය නැව් බඩු තොග ගැන බෙහෙවින් විශ්වාසය තැබූ අතර අධිරාජ්‍යයා විසින් රෝම හමුදාවට,මෙම කාලය තුල ප්‍රකට ගැටලුවක්ව තිබූ දාමරිකයන්ගෙන් එල්ල වන ප්‍රහාර මැඩ පැවත්වීමටත් නියම කරන ලදී.රෝමය තුල විදේශීය සුඛෝපබෝගී භාණ්ඩ සඳහා අධික ඉල්ලුමක් පැවති බැවින් පෙරදිගින් එන වෙළඳ මාර්ගයේ ඇලෙක්ස්සැන්ඩ්‍රාව වැදගත් මධ්‍යස්ථානයක්ව තිබුනා..

රෝම ජාතිකයන් තුල ග්‍රීක ජාතිකයන්ට වඩා ඊජීප්තු ජාතිකයන් කෙරෙහි සතුරු ආකල්ප වැඩි වශයෙන් පැවතියද,ඇතැම් සිරිත් විරිත්(දෙවියන් ඇදහීම,මමී කරණය )දිගටම පැවතුනි.මාතෘ චායාරූප නිර්මාණ කලාව ප්‍රචලිතව තිබූ අතර සමහර රෝම අධිරාජ්‍යයන් ඔවුන්වම පාරාවෝ ලෙස විස්තර කරන ලදී.(නමුත් ටොලමින් තරම් නොතිබුනි.ඔවුන් ඊජීප්තුවෙන් පිට ජීවත් වූ අතර ඊජීප්තු අධිරාජ්‍යයේ උත්සව අවස්ථා සිදු නොකරන ලදී. )දේශීය ආණ්ඩුව රෝමයේ ක්‍රමයට හැඩගැසුනු අතර ස්වදේශීය ඊජීප්තු වැසියන්ට සමීප විය.

ක්‍රි.ව. පළමු ශතවර්ශයේ මැද භාගයේ සිට ක්‍රිස්තියානි ආගම ඇලෙක්සැන්ඩ්‍රා මුල් බැසගත් අතර එය ව්‍යාප්ත විය.අන් ආගමිකන් තම ආගමට හැරවීමට බලාපොරොත්තු වූ අතර ජනප්‍රිය ආගමික සිරිත් විරිත් වලට එය තර්ජනයක් විය.මෙය ක්‍රිස්තියානි ආගමට හැරුනු අයට හිංසා කිරීම් වලට හේතු විය.නමුත් ක්‍රිස්තියානිය ජය ගනු ලැබීය.ඵලයක් ලෙස ඊජීප්තුවන්ගේ මිත්‍යාදෘශ්ඨික සංස්කෘතිය ක්‍රමයෙන් පරිහානියට පත් විය.ස්වදේශීය ජනයා ඔවුන්ගේ භාෂාව දිගටම භාවිතා කරන අතරතුර ඊජීප්තු පූජකවරු සහ පූජකවරියන් අඩුවීම නිසා චිත්‍ර ලිපියෙන් සමන්විත ලේඛන කියවීමේ හැකියාව ක්‍රමයෙන් නැතිවී ගියේය.පැවති පන්සල් ඇතැම් විට පල්ලි බවට පත් කරගත් අතර ඇතැම්විට පාළු වී අත්හැර දමන ලදී

"https://si.wikipedia.org/w/index.php?title=රෝම_ආධිපත්‍ය&oldid=471419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි