Jump to content

රෝමානුක භාෂා

විකිපීඩියා වෙතින්

ලතින් හෝ නව-ලතින් භාෂා ලෙසද හැඳින්වෙන රෝමානුක භාෂා, ග්‍රාම්‍ය ලතින් භාෂාවෙන් ඍජුව පැවත එන භාෂා වේ. ඒවා ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ඉතාලි ශාඛාවේ දැනට පවතින එකම උපභාෂා කාණ්ඩය වේ.

රෝමානුක
ලතින්/ නව-ලතින්
භූගෝලීය
බෙදා හැරීම
ඉතාලි අර්ධද්වීපයේ පැරණි ලතියුම් හි ආරම්භ වූ මෙය දැන් ලතින් යුරෝපය (නැගෙනහිර යුරෝපයේ, දකුණු යුරෝපයේ සහ බටහිර යුරෝපයේ කොටස්) සහ ලතින් ඇමරිකාව ([මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල්වල) මෙන්ම අප්‍රිකාවේ ප්‍රදේශ (ලතින් අප්‍රිකාව), ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව සහ ඕෂනියාව යන ප්‍රදේශවල ව්‍යවහාර කරයි.
Native speakers
මිලියන 900 පමණ[1]
භාෂාමය වර්ගීකරණයඉන්දු-යුරෝපීය
මුල් ආකෘති
මූල භාෂාවමූල රෝමානුක
අනු කොටස්
ISO 639-2 / 5roa
භාෂාගෝලය51- (phylozone)
ග්ලෝටෝලොග්roma1334
ELPඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.

ගෝලීය රෝමානුක භාෂා
  බහුතර ස්වදේශීය භාෂාව
  සම-නිලලත් හා බහුතරය වන ස්වදේශීය භාෂාව
  නිලලත් නමුත් සුළුතරය වන ස්වදේශීය භාෂාව
  සංස්කෘතික හෝ ද්විතියික වන භාෂාව

ස්වදේශීය ව්‍යවහාරකයින් සංඛ්‍යාව අනුව වඩාත් පුළුල් ලෙස ව්‍යවහාර වන රෝමානුක භාෂා පහ නම්:

යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව පුරා ලතින් භාෂාව පැතිරීම ආරම්භ වූයේ රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් සමඟ ය. රෝමය ප්‍රදේශයන් අත්පත් කර ගැනීමත් සමඟ ලතින් භාෂාව පරිපාලන, හමුදා සහ වෙළඳාමේ භාෂාව බවට පත් විය. එය විශේෂයෙන් බටහිර සහ දකුණු යුරෝපයේ ගැඹුරින් මුල් බැස ගනු ලැබූ අතර, අවසානයේ මෙම භාෂාව සුළු ප්‍රදේශීය වෙනස්කම් සහිත ග්‍රාම්‍ය ලතින් බවටත්, ඉන් රෝමානුක භාෂා බවටත් විකාශනය විය.

15 වන සියවසේ ආරම්භ වූ යුරෝපීය යටත් විජිතවාදයේ කාල පරිච්ඡේදය හේතුවෙන් රොමානුක භාෂා ලොව පුරා ව්‍යාප්ත විය. ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ, යුරෝපයේ සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ව්‍යාප්ත වූ රෝමානුක භාෂා ව්‍යවහාර කරන ස්වදේශික කථිකයන් ගණන මිලියන 900 ඉක්මවයි. පෘතුගීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවන්ට ද ස්වදේශික නොවන කථිකයන් බොහෝ දෙනෙක් සිටින අතර ඒවා පොදු ව්‍යවහාරික භාෂා ලෙස බහුලව භාවිතා වේ. ප්‍රධාන භාෂා පහට අමතර ව කලාපීය රෝමානුක භාෂා සහ උපභාෂා රාශියක් ද ඇත. බහුලව භාවිතා වන රෝමානුක භාෂා පහම යුරෝපීය සංගමයේ නිල භාෂා ලෙස ද හඳුනා ගෙන ඇත.

භාෂා පවුලේ නාමය සහ සාමාජික භාෂා

[සංස්කරණය]
  1. ^ ලුවිස්, M. පෝල්, ed. (2009-05-30). "Summary by language size". Ethnologue : Languages of the World (16 ed.). Ethnologue. p. 1248. ISBN 978-1556712166. 2013-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානුක_භාෂා&oldid=751059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි