රෝදය නිපදවීම

විකිපීඩියා වෙතින්
ඌර් හි සුමේරින් යුද්ධයේදි බුරුවන් විසින් ඇදගෙන යනු ලබන කරත්ත දැක්වෙන චිත්‍රයක් (ක්‍රි.පු 3200 දි පමණ)‎

රෝදයේ ඉතිහාසය[සංස්කරණය]

ටෙහෙරන්හි ඉරාක ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශණය සදහා ඇතිගරාදි සහිත රෝදයක් එම රෝදය ක්‍රි.පු. 2 වන සහස්‍රයේ පසු භාගයේ චෝකා සන්බිල්වල කැනිම් වලින් සොයා ගන්නා ලදී.

මෙම රෝදය බොහෝ දුරට ක්‍රි.පු. 4 වන සහස්‍රයේදී ප්‍රාග් මෙසේපොටේබියාවේ දී ආරම්භවුවා විය හැකිය. එම රෝදය ක්‍රි.පු. 3 වන සහස්ස්‍රයේදී ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය සමග පැරණි චන්ද්‍රයාවට ලගා විය. ක්‍රි.පු. 3700 පමණ සිට මිනිසුන් භුමිදාන කිරිම සදහා යොදා ගත් මැගන් රථ හෝ කරත්ත (දෙවර්ගයම) සහිත සොහොන් කිහිපයක් කොකේසස් හි උතුරු දෙසින් හමුවිය රෝද සහිත වාහනයක් යැයි සිතිය හැකි දේක. (රෝද හතරක් අක්ෂ දඹු දෙකක් සහිත මැගනයක් ) පැරණිම චිත්‍රගත කිරීම දක්නට ලැබෙන්නේ එවකට ප්‍රොටෝ ඉන්දු යුරෝපියානුවන් පදිංචිව සිටි ප්‍රදේශයක් වු දකුණු පෝලන්තයේ කැණිම් වලින් සොයාගත් ක්‍රි.පු3500 තරම් පැරණි රොනසිස් වලද ලෙස හැදින්වෙන මැටි වලදකය.

මෙම රෝදය ක්‍රි.පු 4 වෙනි සහස්‍ර‍යේදි යුරෝපයට හා ඉන්දියාවට (ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය) ලගා විය. චිනයේ ක්‍රි.පු. 1200 පමණ යුධ රථ යොදා ගැනිමත් සමග මෙම රෝදය පැවති බව පැහැදිලිවම සනාථ වන අතර බාර්බියරින් ලෝච් (2000) මීටත් ඈත අතීතයේ, එනම් ක්‍රි.පු. 2000 පමණ සිට චීනයේ රෝද සහිත වාහන පැවති බවට තර්ක කරයි. ඇඩම්වෝර්ක් හි ස්වාධින වු " රෝදයේ නිමවිමක්" විද යන්න විවෘත ප්‍රශ්නයක් ලෙස පවති. ඊට විකල්ප වශයෙන්, එම සංකල්පය හිමාලයානු මායිම් පැනඑමෙන් පසුව එහි ලගා වුවාද විය හැකිය. චීනයට රෝදය හදුන්වා දිම ෂැන්ක් පෙලපතෙහි (ක්‍රි.පු. 1700 දී පමණ) ආරම්භය හා බැදුණු ආක්‍රමණිකයන් විසින් යොදාගත් වාහනයන් ඔස්සේ සිදු වුනායැයි ද අදහස් ඉදිරිපත් වී ඇත.

ඔවුන් නියම රෝදය සැදුවේ නොවුවද, ක්‍රි.පු. 1500 පමණ අතිතයේදි කුඩා ළමයින්ගේ සෙල්ලම් බඩු ලෙස හදුනාගත් යම් යම් ද්‍රව්‍යයන්ගේ රෝද ආකාරයට කැටයම් කල ගල් හමුවීම නිසා, ඔල්මේක් සහ සමහර අනෙකුත් බටහිර අර්ධ ගෝලයේ සංස්කෘතින් ඊට ආසන්න වුවායැයි සිතිම‍ට ඉඩ ඇත.

එහෙයින් රෝදය නිපදවීම පශ්චාත් නියෝලිතික සමයට වැටෙන අතර ඒය ලෝකඩ යුගයේ මුල් කාලයේදි ආරම්භයට මගපැදු අනෙකුත් ශිල්පිය ප්‍රගමනයන් හා බැදි පැවතිනු බවද ‍පෙන්. කෘෂිකර්මය සොයා ගැනිමටත් පසුව රෝද රහිත සහස්‍රයන් කිහිපයක් පසු කර යාමත්, මින් හැ‍ගවෙන බව සැලකිය යුතුය. වඩාත් ඈත කාලය දෙස බැලිමේදි ශිරීරිකව නුතන මානවයාගේ ආරම්භය වර්ෂ 150,000 පමණ පෙර සිදුවු‍යේ යැයි පුරා මානව විද්‍යාඥයින් විසින් අනුමාන කර ද ඒ අතරින් වර්ෂ 143,000 ක් " රෝදරහිත" කාලයක් වු බව සැලකිල්ලට ලක් වේ. අප හා සමාන හැකියාවක් සහිත වු මිනිසුන් රෝදය පිලිබද අදහසක් පහල වීමට පෙර එතරම් දිගු කාලයක් පෘතුවියේ ඇවිදිමින් සිටියහ. යන අදහස අරම්භයේ දී විමිතිය දනවන සුළුවිය හැකිය. නමුත් මෙයින් බොහෝ කාලයක් තුල ජනගහනයට ඉතාමත් කුඩා වු අතර රෝදයක් ප්‍ර‍යෝජනවත් විම සදහා තව්වක් සහ අක්ෂ දණ්ඩක් අවශ්‍ය වන නිසා ඒ අසට පෙන තරම් සරල උපකරණයක් නොවිය හැකිය. රෝදයක් නිපදවිම සහ එය සමබරව තබා ගැනීමට අක්ෂ රෝද නිපදවන්නක් අවශ්‍ය වේ.

ආරම්භයේ දී නිපදවු රෝද සිදුරක් සහ අක්ෂ දණ්ඩක් සහිත සරල ලී තැටියක් විය. දැව වල වපුනයේ ස්වභාවය අනුව කඩා වැටිමක් සිදුනොවි බර ඉසිලිමට එහි වපුහය ශක්තිමත් නොවිම නිසා ගසක කදක හරස් පැතිකඩක් ඉට නොගැලපේ. දික් අතට කැපු ලෑලි වල රවුම් කැබලි ඒ සදහා අවශ්‍ය වේ. ඇලකර්න් ගොත්‍රකයින් විසින් සාදන ලදැයි විශ්වාස කරන එවැනි පැරිණිම රෝද‍ය ඉස්ලෝවේලියානු පුරාවිද්‍යාඥ ජැනස් ද ජෙක් විසින් 2002 පොදු සමයේදී ස්ලෝවේනියාවේ ලුබල්ජානා වගුරුවලින් ගිනිකොණ දෙස ක්‍රිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි ලුබුල් ජානා වගුරුවලින් සෝයා ගන්නා ලදී. ඔස්ට්‍රේලියාවේ වියනාහි විශේෂඥයන්ට අනුව මෙම නිර්දේශණය ක්‍රි.පු. 3350 -3100 අතර කාලයේදී නිර්මාණය කරන ලද්දක් වන අතර එය ස්විස්ටර් ලන්තයේ හා ජර්මනියේ හමුවු වු එවැනි නිර්මාණයන්ට වඩා පැරණිය.

ගරාදි සහිත රෝදය වඩා මෑතකදි නිමවන ලද අතර එය වඩා වේගවත් සැහැල්ලු වාහන නිර්මාණයට ඉඩ සැලසිය ඊට පැරණිම උදහරණ හමුවුයේ ක්‍රි.පු. 2000 තරම් පැරණි ඇන්ඩ්‍රනෝර්වෝ සංස්කෘතියෙහිය. ඊට ටික කාලයකට පසු කෝකේසස් කලාපයේ අශ්ව සංස්කෘතින් විසින් සියවස් 3 කින් වැඩි කොටසක් තුල අශ්වයින් විසින් ඇදගෙන යන ගරාදි සහිත රෝද වලින් යුක්ත යුධ රථ පාවිච්චි කලහ. මිනෝවාන් අධිපත්‍යය සහ පුර්ව සම්භාව්‍යය ස්පාටර් හා ඇකන්ස් වලින් නායකබයින්දුන් සංස්ථාපනයන් කඩා දමා ඔවුහු ග්‍රික අර්ධ වීපයේ ඉතාමත් අභ්‍යන්තරයට ඇතුලත් වි එහි ජීවත් වු මධ්‍යය රාජ්‍යය ජනතාව සමග එකතුවිය. ක්‍රි.පු. 1 වෙනි සහස්‍රයේදි සේල්ටික් රථවලින් රෝද‍ය වටා යොදන යකඩ පට්ටම හදුන්වා දෙන ලදී. වයර් රෝදය සහ සුලන් පුරවන ලද ටයර් නිමවනු ලැබු ක්‍රි.ව. 1870 වන තෙක් ගරාදි සහිත රෝද විශාල වෙනසක් කිරිම් වලින් තොරව අඛණ්ඩව භාවිතයේ යෙදිනි.

රෝදයේ නිමැවිම තාක්ෂණයට පොදු වේද, ජල රෝදය, දැති රෝදය කටින රෝදය, නරින්සුවර් හෝ ඇදරැම් රෝදය වැනි සොයා ගැනීම් වලට විශේෂ වශයෙන් ද වැදගත් විය. රෝද පරම්පරාවේ වඩා නුතන නිමැවිමක් වනුයේ අවරපෙත්ත, ජෙට් යන්ත්‍රය, ජව රෝදය හා ටර්බයිනයයි.

සටහන්[සංස්කරණය]

| Wheel History Wheel - History Wheel History |}

"https://si.wikipedia.org/w/index.php?title=රෝදය_නිපදවීම&oldid=503105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි