රෙම්බ්‍රොන්ට් (Rembrandt)

විකිපීඩියා වෙතින්


රෙම්බ්‍රොන්ට් හාර්මෙන්ස්සූන් වැන් රිජින්

උපන් නම - රෙම්බ්‍රොන්ට් හාර්මෙන්ස්සූන් වැන් රිජින්

ඉපදීම - 1606 ජූලි 15 ලෙයිඩන්, නෙදර්ලන්තය

ජාතිය - ලන්දේසි

ක්ෂේත්‍ර - සිතුවම්කරණය, මුද්‍රණකරණය

රෙම්බ්‍රොන්ට් හාර්මෙන්ස්සූන් වැන් රිජින් (1606 ජූලි 15 – 1669 ඔක්තෝබර් 4) යනු ලන්දේසි චිත්‍රකරුවෙකු හා නිරේඛණකරුවෙකි. ඔහු යුරෝපීය කලා ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රකරුවන්ගෙන් හා මුද්‍රණකරුවන් ගෙන් එක් අයෙකු සේ සැලකේ. තවද ඔහු ලන්දේසි ඉතිහාසයේ ඉතාමත් වැදගත් චරිතයකි. කලාවට ඔහුගේ දායකත්වය ලැබුණේ ඉතිහාසඥයන් විසින් ලන්දේසි ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන කාලයක දීය.

ආලේඛ සිත්තරෙකු ලෙස මුලින් සාර්ථකත්වය ලබා ගත් ඔහුගේ ඊට පසුව වූ අවුරුදු කිහිපය පුද්ගලික දුක් කම්කටොළු හා ආර්ථිකමය අර්බුධවලින් යුක්ත විය. එසේ නමුත් ඔහුගේ ජීවිත කාලය පුරාවමට ඔහුගේ චිත්‍රවල ජනප්‍රියතාවය හා කලාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රසිද්ධිය ඉතා ඉහල තත්වයක පැවතුණු අතර අවුරුදු 20 පුරාවට ඔහු සියළු වැදගත් ලන්දේසි චිත්‍රකරුවන්ට පාහේ ඉගැන්වීම සිදු කරන ලදී. රෙම්බ්‍රෑන්ඩ්ගේ අතිවිශිෂ්ට වූ නිර්මාණ කුසලතාවයන් ඔහුගේ සමකාලීනයන්ගේ හා ඔහුගේ ස්ව ආලේඛ චිත්‍රවලින් ද බයිබලයේ සඳහන් සිද්ධි විස්තර කරන චිත්‍රවලින් ද වඩාත් හොඳින් දැක්වේ.

චිත්‍ර ඇඳීම හා මුද්‍රණකරණය යන ක්ෂේත්‍ර දෙකේ දීම ඔහු සම්භාව්‍ය ප්‍රතිමා ශිල්පය පිළිබඳව පූර්ණ දැනුමක් ප්‍රදර්ශනය කරවීය. ඔහු ඒවා ඔහුගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි හැඩගස්වා ගත්තේය. එමනිසා මොහු විසින් සිදු කරන ලද බයිබලයේ සිද්ධි නිරූපණය විශේෂිත වදන් පිළිබඳ ඔහුගෙ දැනුමෙන්, සම්භාව්‍ය සංයුති පිළිබඳ ඔහුගේ සමාග්‍රහණයෙන් හා ඇමෙස්ටර්ඩෑම්හි යුදෙව් ජනගහනය පිළිබඳ ඔහුගේ නිරීක්ෂණවලින් වඩා ඔප් නැංවිනි. ඔහුගේ මිනිස් තත්ව සඳහා වූ සහ කම්පනය නිසා ඔහු ශිෂ්ටාචාරයේ එක් ශ්‍රේෂ්ට වක්තෘවරයෙකු ලෙස හඳුන්වයි‍.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Rembrandt_Harmenszoon_van_Rijn

"https://si.wikipedia.org/w/index.php?title=රෙම්බ්‍රොන්ට්_(Rembrandt)&oldid=98483" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි