රූප සංයෝජනය (දෘශ්‍ය කලාවන්හි)

විකිපීඩියා වෙතින්


ද්‍රෘෂ්‍ය කලාවන්හි විශේෂයෙන් චිත‍්‍රය, ග‍්‍රැෆික් නිර්මාණය, ඡායාරූප ශිල්පය සහ මූර්ති කලාවේ රූප සංයෝජනය යනුවෙන් හඳුන්වනු ලබනනේ කලා කෘතිය තුල ද්‍රව්‍යයන් ස්ථානගත කරනු ලබන සැලසුමයි. කලාකෘතිය තුල අවශ්‍ය ද්‍රව්‍ය තෝරාගෙන ඒවා සැලසුම් කිරීමේ මූලධර්මයන් මත ස්ථානගත කිරීම මෙහිදී සිදුවේ. එය නරඹන්නාගේ ප‍්‍රතිචාරය කෙරෙහි බලපෑම් කරයි. කලාකෘතියක වස්තූන් සමතුලිත හා සමායෝජනයකින් යුතුව ස්ථානගතකොට තිබීම නරඹන්නාගේ ඇස සෞන්දර්යාත්මකව ප‍්‍රමෝදයට පත්කරනු ඇත. කෙසේවෙතත් සාම්ප‍්‍රදායික රූප සංයෝජනයට බාධා කිරීම තුලින් කලා කෘතියක් තුල සමතුලිතභාවය සහ රටාවන් පිලිබඳව නැවත සිතා බැලීමට බලකිරීම අරමුණු කොටගත් සිත්තරුද සිටිති. සැවල්වදෝර් දාලි එවැන්නෙකි.

මූලිකවම සමායෝජනය යන්නෙහි එර්ථය සියල්ල එකට තැබීමයි. සංගීතයේ සිට ලිවීම දක්වා වූ සෑම කලාකෘතියක්ම මෙසේ විඥ්ඥාණිකව විවිධ දේ එකට තැබීමෙන් නිර්මාණය කෙරේ. මෙසේ තැබෙන විවිධ දේ කිසියම් ආකාරයකින් සමස්ථ කලා තෘතිය හා බැඳෙයි. විධිමත් හා අවිධිමත් ලෙස දැක්විය හැකි රූප සංයෝජන ආකාර දෙකක් පවතී. රූප සංයෝජනය සෞන්දර්යාත්මක න්‍යායන් සමඟද බැඳි පවතී ග‍්‍රැෆික් සැලසුම්කරණයේදී රූප සංයෝජනය පිටු සැකසීම යනුවෙන් හඳුන්වනු ලබයි.