රූපවාහිනී - PAL සම්මතයේ ඉතිහාසය
1950 දී බටහිර යුරෝපීය රටවල් වර්ණ රූපවාහිනී ප්‍රචාරණය කිරීමට සැලසුම් කරන විට ඔවුන් දැනට පවතින ඇමරිකානු NTSC සම්මතය යුරෝපීය ජව ජාලවල 50Hz AC සංඛ්‍යාතයට නොගැලපීමේ ගැටලුවට මුහුණ දෙන ලදී. මීට අමතරව NTSC පරිපූර්ණ සම්ෙප්‍ර්ෂණ තත්වවලට වඩා අඩු තත්ව යටතේ වර්ණ සංයෝග ආකාරයේ වෙනස් කිරීම ඇතුළත්ව දුර්වලතා කිහිපයක් පෙන්නුම් කරන ලදී. එම හේතු නිසා SECAM හා PAL සම්මතවල දියුණු වීම ආරම්භ වන ලදී. මෙහි අරමුණ වූයේ 50Hz රූප සංඛ්‍යාතයකින් හා NTSC ට වඩා හොඳ වර්ණ රූපවලින් යුත් වර්ණ ටීවී සම්මතයක් සපයා දීමයි.
PAL ජර්මනියේ ටෙලිෆන්කන් හි වෝල්ර් බ්රච් විසින් නිපදවන ලදී. ආකෘතියේ ප්රථම එලි දැක්වීම 1963 දී සිදු කළ අතර ප්රථම විකාශනය 1967 දී එක්සත් රාජධානියේ දී හා ජර්මනියේ දී ආරම්භ විය.
ටෙලිෆන්කන් ආයතනය පසුව ප්රංශ ඉලෙක්ට්රොනික නිෂ්පාදකයකු වූ තොම්සන් විසින් මිළට ගන්නා ලදී. තවද තොම්සන් විසින් ඓතිහාසිකව ප්රථම යුරෝපීය වර්ණ රූපවාහිනී සම්මතය වූ හේනරි ඩි ෆ්රාන්ස් නිර්මාණය කළ SECAM සම්මතය නිර්මාණය වූ කම්පැනි ජෙනරල් ඩි ටෙලිවිෂන් ආයතනය ද මිළට ගන්නා ලදී. වර්තමානයේ දී තොම්සන් ඔහු එයට ඇතුල් වීමට පෙර NTSC නිමානය කළ ඉලෙක්ට්රොනික උපාංග සඳහා වූ RCA වර්ගයේ සම අයිතිකරු ද වේ.
PAL යන වදන අවිධිමත් ලෙස බහුලව භාවිතා කරන්නේ 625-line/ 50Hz (576i, මූලිකව යුරෝපීය) රූපවාහිනී පද්ධති හැඳින්වීමට හා 525-line/60Hz (480i මූලිකව උතුරු ඇමරිකානු/මධ්යම ඇමරිකානු/ජපාන) NTSC පද්ධතිවලින් වෙන් කොට දැක්වීමටය. ඒ අනුවම DVD ද PAL හෝ NTSC ලෙස (අවිධිමත්ව රේඛා ගණනයට හා රාමු සීඝ්රතාවයට අදාල වේ) ලේබල්ගත කර ඇති නමුත් තාක්ෂණිකව යුරෝපානු තැටිවල PAL කොටස්වලින් යුත් වර්ණ නැත. මෙම භාවිතය මඟින්, පරිශීලකයන් PAL මඟින් අර්ථ දක්වන්නේ රූපවල විභේදක බලය යන පිළිගැනීමට ඔවුන් යොමු කරන නමුත් එය එසේ නොවේ. PAL වර්ණ පද්ධති ඕනෑම විභේදක බලයක් හා රාමු සීඝ්රතාවයක් සමඟ සම්බන්ධව භාවිතා කළ හැකි අතර එවැනි සම්බන්ධතා බොහෝමයක් පවතී. සංසංදනාත්මක ලෙස NTSC වීඩියෝ මාර්ගය හා රාමු ආකෘතිය අර්ථ දක්වයි.