රූපවාහිනී සම්ප්‍රේෂණය
රූපවාහිනී සම්ප්‍රේෂණය 1927 දී ජෝන් ලොගී බෙයාඩ් දිගු-දුර රූපවාහිනී තරංගයක්" සැතපුම් 438 දිග දුරකථන මාර්ගයක් හරහා ලන්ඩන් හා ග්ලාස් ගෝ අතර සම්ප්‍රේශණය කරන ලදී. බෙයාඩ් ලොව පලමු දිගු-දුර රූපවාහිනි දර්ශන ග්ලාස්ගෝ කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍ර හෝටලයට (central Hotel) වලට සම්ප්‍රේෂණය කරන ලදී. අනතුරුව ඔහු බෙයාඩ් රූපවාහිනී ප්‍රවර්ධන ආයතන පිහටවූ අතර 1928 දී අත්ලාන්තික් සාගරය හරහා ප්‍රථම රූපවාහිනි සම්ප්‍රේෂණය ලන්ඩන් සිට හාට්ස්ඩාලේ, නිව්යොක් වලට හා ප්‍රථම BBC රූපවාහිනී වැඩසටහන් සම්ප්‍රේෂණයද සිදුකලේය. 1929 නොවැම්බර් හිදී ප්‍රංශයේ බර්නාඩ් කාටන් සමඟ එක්ව ඔහු ප්‍රංශයේ පලමු රූපාවහිනී ආයතනයය වන "රූපවාහිනී-බෙයාඩ්-නාටන්" ආයතනය ඇති කලේය. "එප්සොම් ඩර්බි" (Epsom Derby) නම් පළමු සජීවි වැඩසටහන 1931 දී වවිකාශය කිරීමට ඔහු පුරෝගාමී විය. ඔහු 1930 දී "ලන්ඩන් කොලීසියම්" "බර්ලින්", "පැරිස්" හා "ස්ටොක්හොල්ම්" හිදී අඩි දෙක x අඩි දෙකක රූප රාමුවක් ශාලා රූපවාහිනී පද්ධතියක් ප්‍රදර්ශනය කලේය. 1939 වන විට ඔහු තම ශාලා ප්‍රක්ෂේපණ පද්ධතිය බොක්සිං ක්‍රීඩා තරඟයක් පෙන්වීමට හැකි තරම් අඩි 15 x අඩි 12 රූප රාමුවක් තරමට දියුණු කර සිටියේය.
1929 සිට 1932 දක්වා 30-මාර්ග බෙයාඩ් පද්ධතියක් භාවිතයෙන් BBC සම්ප්‍රේෂකයන් රූපවාහිනී වැඩසටහන් ප්‍රචාරණය කිරීම සිදුවිය. 1932-1935 දක්වා BBC ය ඔවුන්ගේ වැඩසටහන් ඔවුන්ගේ 16 පෝට්ලන්ඩ් හි තිබු මැදිරියේ නිෂ්පාදනය කලේය. 1936 නොවැම්බර් හිදී BBC ය ඔවුන්ගේ බෙයාඩ් 240 මාර්ග සම්ප්‍රේෂණය EMI ඉලෙක්ට්‍රොනික සුපිරික්සීම් පද්ධතියකට මාරු කරන ලදී. මැක්‍රොනී සමඟ සංයුක්ත කිරීමෙන් අනතුරුට මෑතකදී එම පද්ධතිය 405-මාර්ග බවට පත්කර තිබේ. බෙයාඩ් පද්ධතියේ කැමරා රැගෙන යාමේ අපහසුව නිසා 1937 දී BBC ය බෙයාඩ් පද්ධතිය මඟින් ස්මප්‍රේෂණය අතහැර දමන ලදී.
අයිසැක් ෂොන්‍බර්ග් යටතේ ගෙනගිය අලුතින් පටන් ගත් EMI - මාර්කෝනි (මෙයට RCA හා ව්ලැද්මීර් ස්වොරියකින්ගේ බලපත්‍ර වලට පරිශීලනයටද හැකියා තිබිණි) ආයතනයේ ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධතිය බෙයාඩ් රූපවාහිනී පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන ලදී. එසේම ෆිලියෝ T. ෆැන්ස්වරක්ගේ ඉලෙක්ට්‍රොනික රූප උපකරණය බලපත්‍ර සම්මුතියක ආධාරයෙන් බෙයාඩ් ආයතනයට පරිශීලනයට ලැබිණ. කෙසේ වුවත් මෙම රූප විච්ඡේදක කැමරාව ආලෝක සංවේදීතාවයෙන් හිඟ වූ අතර එයට වැඩි දීප්තියක් අවශ්‍ය වුයේය.
බෙයාඩ් ලොකු දායකත්වයක් ඉලෙක්ට්‍රොනික රූපවාහිනී ක්ෂේත්‍රයට යාන්ත්‍රික පද්ධතිවල භාවිතය අවසානයෙන් පසුව ලබා දෙන ලදී. පාට පෙරනයක් සවිකල කවයක් ඉදිරියෙන් කැරෙන කැතෝඩ කිරණ නලයක් ආධාරයෙන් 1939 දී, ඔහු වර්ණ රූපවාහිනී දර්ශන පනේවන ලදී. පසුව මෙම ක්‍රමයට ඇමරිකාවේ CBS හා RCA මඟින් ද යොදාගන්නා ලදී. 1944 අගෝස්තු 16 දින ඔහු ලොව ප්‍රථම සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික වර්ණ රූපවාහිනී දර්ශනය පෙන්වන ලදී. ඔහුගේ 600-තීරු වර්ණ පද්ධතිය රූපයක් නිර්මාණය කිරීමට 6 වරක් ප්‍රස්තාර කරන (scanning) ත්‍රිත්ව-වියමනක් (triple interlacing) යොදාගන්නා ලදී. 1943 දී යුද්ධයෙන් පසුව රූපවාහිනී සම්ප්‍රේෂණ සිදුකිරීම සලකා බැලීම සඳහා හැන්කී කොමිටිය පත්කරන ලදී. බෙයාඩ් තමන්ගේ 1000-තීරු ටෙලික්‍රෝම් ඉලෙක්ට්‍රොනික වර්ණ පද්ධතිය යුද්ධයෙන් පසු සම්මතය බවට පත්කරගන්නා ලෙස හැන්කී කොමිටියට ඒත්තු ගැන්වීය. හැන්කී කොමිටියේ සැලසුම් සියල්ල පාර්ශ්විකවව යුද්ධයෙන්-පසු ප්‍රතිසංස්කරණ අභියෝග නිසා නැතිවිය. මොනොත්‍රෝම් 405-තීරු සම්මතය 1985 දක්වා සමහර ප්‍රදේශවල දිගටම පැවතිණ. දශක 3කින් පසුව 625-තීරු පද්ධතිය 1964 දී හඳුන්වා දුන් අතර 1967 දී PAL වර්ණ පද්ධතිය හඳුන්වා දෙන ලදී.