රූපවාහිනී අත්හදා බැලීම්
ප්‍රථම වරට 1926 වසරේදී ඡායාරූපයක චංචල ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ජෝන් ලොගී බෙයාර්ඩ්ටය.
රූපවාහිනී නිර්මාතෘ කීපදෙනෙකුගේ සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් වුවද වඩා ඉහළ දියුණුවක් මේ ක්ෂේත්‍රය තුළ ඇති කළ පුද්ගලයන් අතර මුල් ආරම්භකරුවෙකු ලෙස මොහුගේ නම ඉතිහාස ගතවනු ඇත. පරාවර්ථිත ආලෝකයක් තුළ අඩු හඬ ස්වරූපයක් යටතේ චංචල වන සජීව ඡායාරූප ප්‍රතිබිම්භයන් නිෂ්පාදනය කිරීමේ ගෞරවය ඔහුට හිමි වේ. අනෙකුත් නිර්මාණකරුවන්ට මෙවැනි සොයා ගැනීමක් කිරීමට අපහසු වුවද ජෝන් ලොගී බෙයාර්ඩ් සිය ඡායාරූප විද්‍යූත් තාක්ෂණය හා සංඥා පද්ධතීන්ගේ තත්වයන් දියුණු කරමින් විද්‍යූත් ඡායාරූප හා රූප විශාල කරණ වීඩියෝ භාවිතයෙන් ඔහු මෙම නිර්මාණය කිරීම කර ඇත.
රූපවාහිනී පද්ධතිය දියුණූකිරීම සඳහා 1924 දී ඔහු ගත් පළමු උත්සාහයේදී ඔහුගේ පරීක්ෂණ සඳහා නිප්කොව් තැටි (Nipkow disk) භාවිතා කළ අතර ඒ පිළිබඳ එළිදැක්වීමක් Radio Times වල කරන ලදී. එසේ කරන ලද්දේ සම යාන්ත්‍රිකව සම කාර්ය රූපවාහිනී ක්‍රමය මගින් අඳුරු සේයාවේ ප්‍රතිබිම්භය විකාශනය කරමිනි. එසේ විකාශනය කරනු ලැබුවේ සිය ලන්ඩන්හි පිහිටි විද්‍යාගාරයේදී ඔහුගේම නලියන අතැඟිලිය. ප්‍රථම වරට මහජන දර්ශනයක් සඳහා අඳුරු සේයා ප්‍රතිබිම්භයන් රූපවාහිනී මගින් විකාශනය කළේ 1925 මාර්තු 25 ලන්ඩන්හි පිහිටි සෙල්ප්‍රිඩජස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේදීය.
1925 ඔක්තෝම්බර් 02 දින ඔහුට සිය විද්‍යාගාරයේදී ඉතා සාර්ථකව පළමු රූපවාහිනී පින්තූරය අඩු ස්වරයකින් යුක්තව විකාශනය කිරීමට හැකිවිය. එහිදී තත්පරයට පින්තූර 05 ක් ලැබෙන සේ සිරස් රේඛා 30 න් සියුම් ලෙස ලබා ගත් ප්‍රතිබිම්භයක් ව්‍යාජ වූ තුන්වාදියෙකුගේ හිසකුත් සමගය.එය “ස්ටුකි බිල්” (“Stooky Bill”) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණි.එම පරීක්ෂණ අවස්ථා විඳීම පහළ මාලයට ගිය බෙයාර්ඩ් එහි සේවය කළ විසි හැවිරිදි විලියම් එඩ්වඩ් ටෙයින්ටන් කැටුව විත් මිනිස් රූපයක් කෙසේ විකාශනය වෙයිද යන්න පරීක්ෂණය කරන ලදී. ඒ අනුව සම්පූර්ණ හඬකින් විකාශය වූ පළමු මිනිස් ප්‍රතිබිම්භය ලෙස විලියම් එඩ්වඩ් පත්වුණි.