රුසියාවේ ෆෙඩරල් සමන්විතයන්

විකිපීඩියා වෙතින්

රුසියානු ෆෙඩරේෂනයෙහි සමන්විතයන් (රුසියානු: субъекты Российской Федерации සුබෙක්ති රසිස්කොයි ෆෙදරාත්සි) ලෙසින් හෝ සරල ලෙසින් ෆෙඩරේෂනයෙහි සමන්විතයන් (රුසියානු: субъекты федерации සුබෙක්ති ෆෙදරාත්සි ) ලෙසින්ද හැඳින්වෙන, රුසියාවේ ෆෙඩරල් සමන්විතයන් යනු, රුසියාවේ ආණ්ඩුක්‍රම ස්ථිතීන් වන අතර , රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර උසස්තම-මට්ටමේ දේශපාලන කොට්ඨාශ වෙති. [1] 2008 මාර්තු 1 දින පටන්, රුසියානු ෆෙඩරේෂණය, ෆෙඩරල් සමන්විතයන් අසූ-තුනකින් සමන්විත වෙයි.[2]

1992දී, රුසියානු ප්‍රදේශ විසින්, ෆෙඩරේෂන ගිවිසුම අත්සන් කල අතර, (රුසියානු: Федеративный договор ෆෙදරාතිවුනි දගවෝර්),[3] මෙය මගින් රුසියාවේ වර්තමාන අභ්‍යන්තර සංයුතිය පිහිටුවා නියාමනය කරන ලද්දේ, රුසියානු රාජ්‍ය සමූහනයන් සහ සංයෝගී ස්ථිතීන්හි රාජ්‍ය සමූහනයන් අතර අධිකාරීන් හා බලයන් බෙදාහැරීම පදනම් කර ගෙනය. මෙම ෆෙඩරේෂන ගිවිසුම, RSFSRහී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පෙළට අඩංගු කරන ලදි. 1993 දී, වර්තමාන රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා විට, ෆෙඩරල් සමන්විතයන් 89 ක් ලැයිස්තුගත කර තිබුණි. 2008 වන විට, ෆෙඩරල් සමන්විතයන් ගණන 83 දක්වා අඩුවුනේ, විවිධ ඒකාබද්ධවීම් නිසාය. ෆෙඩරල් වැදගත්කමක් සහිත රුසියානු නගර 2 ක් සතුව නගර තත්ත්වය සහ වෙන්වූ ෆෙඩරල් සමන්විත තත්ත්වය යන දෙකම සතු වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද කන්ස්ටිට්‍යුෂන් ඔෆ් ද රෂියන් ෆෙඩරේෂන්: චැප්ටර් 3, ද ෆෙඩරල් ස්ට්‍රක්චර්". සම්ප්‍රවේශය 2013-04-28.
  2. "කන්ස්ටිට්‍යුෂන් ඔෆ් ද රෂියන් ෆෙඩරේෂන්". රුසියානු ජනාධිපතිමය විධායක කාර්යාලය. සම්ප්‍රවේශය 2013-04-28.
  3. මෙම ගිවිසුම, ගිවිසුම් 3 කින් සමන්විත විය, කන්ක්ලූඩිං ඇන්ඩ් ට්‍රාන්ෂිනල් ප්‍රොවිෂන්ස්: [1] [2] ද බලන්න