රිවසයිඩ් පිටිය

විකිපීඩියා වෙතින්

රිවේසයිඩැ පිටිය (ඉංගිරිසියෙන්: Riverside Ground; //"රිව'සයිඩ් ග්රඋන්ඩ්"//) යනු අනුගැනුම් හේතූන් මත සීට් යුනීක් රිව'සයිඩ් ලෙසැ හැඳින්වෙන, 2021 වසර අවසන තෙක් එමිරේට්ස් රිව'සයිඩ් ලෙසැ හැඳින්වුණු, එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයෙහි චෙස්ට-ල-වීදියෙහි පිහිටි ක්‍රිකට් පිටියෙකි. ජාත්‍යන්තර තරඟ කිහිපයෙකට ද සත්කාරකත්වය ලබා දී ඇති එය ඩැරම් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ නිවහන වේ.

ඉතිහස[සංස්කරණය]

ඊසාන දෙස සිටැ ලුම්ලි මාළිගාව (පසුබිමේ) දෙසට වන පිටියෙහි දසුනෙකි. පෙරැ ජාත්‍යන්තර තරඟ සඳහා තාවකාලික අසුන් සහිත වැ ධාරිතාව වැඩි කරන ලද පිටියෙහි මෙ පස අමතර අසුන් දැන් තිර වැ ඉදිකොටැ ඇති.

1991 දී ඩරැහැමය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට පිළිගැන්ම නව ටෙස්ට් මට්ටමේ ක්‍රිකට් පිටියෙක් ගොඩැනැගීමේ එකඟත්වයට යටත් වැ වියැ. ගඟ අසැ, ලුම්ලි මාළිගාව විසින් නොසලකා හරින ලද තැනෙකැ 1990 දී නව පිටියේ වැඩ ඇරැඹුණු අතර, එහි වැඩ අදියර විසින් නොකඩවා සිදු වියැ. පිටියෙහි හා තණතිලි කොටසෙහි වැඩ 1993 දී ඇරැඹිණ. ප්‍රාන්ත ශූරතාවලියේ පළමු වාර තුනේ දී, සමාජය ප්‍රාන්තය තුළැ නොයෙක් තන්හි ක්‍රීඩා කළ නමුදු, බොහෝ ගොඩැනැඟිලි එ වන විටැ තාවකාලික හෝ නිම නො කැරුණු තතුවෙක වූව ද, රිවේසයිඩැ පිටිය 1995 වාරය සඳහා නියමිත වේලාවට ක්‍රිකට් සඳහා සූදානම් බව් පැවැසිණ. පිටියෙහි පළමු තරඟය, ඩරම් එදිරි වැ වොවික්ෂය, 1995 මැයි 18 වන දා පැවැත්විණ. [1]

පිටියේ අනෙකුත් පහසුකම් එ ට පසු අවුරුදු පුරා ඉදිවෙමින් පැවැති අතර, සමාජයේ දොන් රොබ්සන් මණ්ඩපය 1996 දී ඉංගිරිසින්ගේ දෙ වන එලිසැබෙත් රැජන විසින් විවෘත කරන ලදී. තිර සහ තාවකාලික අසුන් ඇතුළු වැ පිටියේ මුළු ධාරිතාව 17,000 කි. [2]

දොන් රොබ්සන් මණ්ඩපයට පිවිසෙන එක් දොරටුව කි.

2008 සැප්තැම්බරයේ දී පිටියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබැඳි සැලසුම් නිවේදනය කරන ලදී. [3] මේවාට තිර විදිලි පහන් ටැම් සවි කිරීම සහ ඩැරම් ප්‍රාන්ත ප්‍රේක්ෂකාගාරය දිගු කිරීම ඇතුළත් වූ අතර එ මඟින් පිටියේ ධාරිතාව 20,000 දක්වා ඉහළ නංවමින් තිර අසුන් මුළු පිටිය වටා මැ සවි කෙරිණ. බොක්ස් ඔෆිස් සහ ක්‍රීඩා සමාජ සාප්පුව මෙන් මැ ක්‍රීඩා සමාජ නිලදරුවන් සඳහා කාර්යාල, නව පරිමිතිය මඟක් සහ හෝටලයක් , නව පිවිසුම් ගොඩැනැඟිල්ලෙක් දු සැලැසුම් කොටැ තිබිණ. 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා පිටියේ තතුව තහවුරු කර ගැනීම සඳහා එංගලන්ත හා වේලැස් කඩුලු පන්දු මඬුල්ල (ඊසීබී) ඒවා සිදු විය යුතු බව් සඳහන් කොටැ තුබූ බැවින් මේ ඉදිකිරීම් ඇවැසි සේ සැලැකිණ.

2015 අප්රියෙල් මාසයේ දී, පිටිය වටා මීටර 55ක තිර විදුලි පහන් ටැම් හයෙක් ඉදිකිරීමට සැලැසුම් කිරීමේ අවසරය ලබා දෙන ලදී. සති කිහිපයෙක් ඇතුළත, විදිලි එළිය මැදැ යෝක්ෂයර වයිකින්ස් පිල ට "වි20 බ්ලාස්ට්" තරඟයෙක සත්කාරකත්වය දීමට "ඩැරම් ජෙට්ස්" පිල ට හැකි වියැ.

2017 සැප්තැම්බර 16 වන දා, බටහිරි ඉන්දු කොදිව්වනට එරෙහි වැ එංගලන්තයේ විස්සයි20 ජාත්‍යන්තර තරඟය ට රිවෙරසයිඩැ පිටිය සත්කාරකත්වය දරන අතරතුරැ, ඊසානදිගැ ටෙරසයෙහි නැරඹුම්හලක් අඩ වැ කඩා වැටිණ. නරඹන්නන් තිදෙනකු තුවාල ලැබූ අතර, නැරඹුම්හලේ නරඹන්නන්ගෙන් කොටසක් ඉවත් කරන ලදී. [4]

අයරලන්ත පොප් සගයු කණ්ඩායමක් වන "වෙස්ට්ලයිෆ්" ඔවුනගේ "ගිම්හාන ක්‍රීඩාංගන සැරියාව" සඳහා 2020 ජූලි 18 වන දා මේ පිටියෙහි දී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත වැ තුබූ නමුදු COVID-19 වසංගතය හේතුවෙන් ප්‍රසංගය අවලංගු කරන ලදී.

දෑ අතර තරඟ[සංස්කරණය]

රිවසයිඩය සැලැකියැ යුතු ක්‍රිකට් පිටියෙක් බවට වැඩුමට 1999 දී පකිස්ථානය, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය සබැඳුණු ලෝක කුසලාන තරඟ දෙකකට සත්කාරකත්වය දීම සහ පසු වැ 2000 දී එංගලන්තය, සිම්බාබ්වේ සහ බටහිරි ඉන්දු කොදිව් අතර තුන්කොන් තරඟාවලියෙක දෑ අතර එක්දින තරඟ දෙකක් පැවැත්වීම ඉවහල් වියැ. කිතු වසින් 2001 දී ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තරඟය වැසි හේතුවෙන් එක පන්දුවෙකුදු හෝ නොයවා මැ අත්හැර දමන ලදී.[5]

2003 දී රිවේසයිඩැ පිටිය ටෙස්ට් තතුවට උසස් කැරුණි. එය එංගලන්ත ටෙස්ට් තරඟ හයක ට සත්කාරකත්වය ලබා දී ඇත: 2003 දී සිම්බාබ්වේ, 2005 දී බංග්ලාදේශය, 2007 සහ 2009 දී බටහිරි ඉන්දු කොදිව්, 2013 දී ඕස්ට්‍රේලියාව සහ 2016 දී ශ්‍රී ලංකාව. 2007 ජුනි 18 වන දා, මේ පිටියෙහි පැවැත්වුණු බටහිරි ඉන්දු කොදිව් ටෙස්ට් තරඟයේ සිව් වන දා, පෝල් කොලිංවුඩ් කොදිව්වනට එදිරි වැ එංගලන්තය වෙනුවෙන් ඔහුට හුරුපුරුදු තණතිල්ලේ දී සියයක් ලබා ගත් අතර, ඒ අනුවැ රිවේසයිඩැ පිටියේ දී ටෙස්ට් සියයක් රැස් කළ පළමු දේසීය ඩැරම් ක්‍රීඩකයා බවට පත් වියැ. [6]

2013 අළු බඳුන තරගාවලියේ සිවුවැනි අළු බඳුන ටෙස්ට් තරගයට සත්කාරකත්වය සපයන බව් 2009 ජූලියේ දී නිවේදනය කරන ලදී. 2009 අළු බඳුන ටෙස්ට් තරඟයෙක් පැවැත්වීම ට තැබූ ලංසුවේදී කාඩිෆය හමුවේ එය අහිමි වීමෙන් පසු වැ 1992 සිටැ පළමු පෙළ ප්‍රාන්තයෙක් ලෙසැ ඩරහැමයේ නැග්මෙහි මුදුන් පැමිණුම යි ඒ. [1] අළු බඳුන ටෙස්ට් තරගයෙක් පැවැත්වීමෙන් පෙදෙසි ආර්ථිකයට පවුම් මිලියන 20ක් උපයා ගත හැකි වනු ඇතැ යි අනාවැකි පළ වියැ. [7]

2008 වසරේ දී දකුණු අප්‍රිකාවට එදිරි වැ මේ පිටියෙ දී පැවැත්වීමට නියමිත වැ තුබූ පළමු විස්සයි20 දෑ අතර තරඟය තද වැසි හේතුවෙන් අත්හැර දමන ලදී. [8] 2012 දී රිවේසයිඩැ පිටියේ දෙවන වි20 තරඟය සඳහා දකුණු අප්රිකාව යළි පැමිණියේ, බටහිරි ඉන්දු කොදිව්වන්ට එදිරි වැ කාන්තා වි20දෑ අතරෙක් හා සමඟ පැවැති තරඟයෙක දී එංගලන්තය පරදවමිනි. [9] දෙ වැනි වරටත් වි20දෑ පිට පිට තරඟ දෙකෙක් සඳහා 2013 අගෝස්තු මාසයේ දී සත්කාරකත්වය දරන ලද අතර එහි දී එංගලන්තය පිරිමි සහ කාන්තා තරඟ දෙකෙහි දී මැ ඕස්ට්‍රේලියාව පැරැදවී යැ. කාන්තා තරඟය 2013 කාන්තා අළුබඳුන තරඟාවලියේ අවසන් හමුව වියැ. [10]

රිවේසයිඩැ පිටියෙ දී තවදුරටත් පැවැත්වුණු දෑ-අතර තරඟ අතර ට, 2014 දී ශ්‍රී ලංකාවට එදිරි වැ හා 2015 දී නවසීලන්තයට එදිරි වැ පැවැත්වුණු එක්දින දෑ-අතර තරඟ දෙකෙක් ඇතුළත් වියැ. 2016 ශ්‍රී ලංකාව ට එදිරි වැ ටෙස්ට් තරඟයෙකුදු පැවැත්විණ.

2016 ඔක්තෝම්බර මස දැනුම්දෙන ලද මුදල් ආධාර පැකේජයෙක කොන්දේසිවලැ කොටසක් ලෙසැ, ඊසීබිය විසින් ඩරහැම් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට රිවේසයිඩැ පිටියෙහි  ටෙස්ට් ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහා ලංසු තැබීමට ඇති සුදුසුකම ඉවත් කිරීම ඇතුලු වැ සම්බාධක ගණනාවෙක් පැනැවී යැ. සමාජය තවමත් එක් දින සහ විස්සයි 20 දෑ-අතර තරඟ සත්කාරකත්වය සඳහා ලංසු තැබීම ට සුදුසුකම් ලබන අතර බටහිරි ඉන්දු කොදිව් පිල ට එරෙහි වැ වි20 දෑ-අතරෙක් 2017 දී පැවැත්වීම ට නියමිත යි. එය 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ තුනකට සත්කාරකත්වය ලබා දුනි.

අනුග්‍රහකත්වය[සංස්කරණය]

අනුගැනුම් හේතූන් මත පිටිය 'එමිරේට්ස් ඩරම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය' ලෙස නම් කරන බව 2010 ජුනි 4 වන දින නිවේදනය වියැ. 2016 පෙබරවාරි මාසයේ දී ඒ යළි එමිරේට්ස් රිව'සයිඩ් ලෙස නම් වියැ. ඒ ප්‍රාන්තය සමඟ එමිරේට්ස් ගිවිසුම 2022 දක්වා දිගු කිරීමෙන් පසුව යි. කොවිඩ්19 නිසා ගුවන් සේවයට වූ බලපෑම හේතුවෙන් 2021 තරඟ සමය අවසන පිටිය යළි ද රිව'සයිඩ් ක්‍රිකට් පිටිය ලෙසැ නම් විණ. [11]

මේකත් බලන්න[සංස්කරණය]

  • එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් පිටි නම්වැල
  • ටෙස්ට් ක්‍රිකට් පිටි නම්වැල
  • රිව~සයිඩ් පිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කඩුලු පහක් දවාගත් පන්දු යවන්නන්ගේ නම්වැල 

බාහිර සබැඳි[සංස්කරණය]

  1. 1.0 1.1 "Will staging an Ashes Test help Durham join cricket's elite?". BBC Sport. 8 August 2013. සම්ප්‍රවේශය 18 August 2013.
  2. "Riverside Ground". Cricinfo. සම්ප්‍රවේශය 16 August 2013.
  3. Durham reveal ground plans, Cricinfo, Retrieved 3 May 2009
  4. "England v West Indies: Three spectators injured as part of stand collapses". BBC Sport. 2017-09-16. සම්ප්‍රවේශය 2017-10-01.
  5. "Rain dominates: Australia - Pakistan share points". Cricinfo. 16 June 2001. සම්ප්‍රවේශය 18 August 2013.
  6. "Collingwood gives England hope". The Telegraph. 18 June 2007. සම්ප්‍රවේශය 18 August 2013.
  7. "Ashes North East boost predicted to be more than £20m". BBC News. 6 August 2013. සම්ප්‍රවේශය 2013-08-06.
  8. "Twenty20 called off a day early". Cricinfo. 19 August 2008. සම්ප්‍රවේශය 18 August 2013.
  9. "All-round England sweep to victory". Cricinfo. 8 September 2012. සම්ප්‍රවේශය 18 August 2013.
  10. "England women 'can't wait' for their chance to get at the Aussies". The Independent. 10 August 2013. සම්ප්‍රවේශය 18 August 2013.
  11. Wellock, Tim (5 June 2010). "A new name – but the same old story". Durham Times. 12 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 January 2011.
"https://si.wikipedia.org/w/index.php?title=රිවසයිඩ්_පිටිය&oldid=597707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි