රැහැන් සහිත අන්තර්ජාල සම්බන්ධතා සහ රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා මොනවාද?

විකිපීඩියා වෙතින්

රැහැන් සහිත අන්තර්ජාල සම්බන්ධතා සහ රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා.

 

රැහැන්ගත ජාලයක් අන්තර්ජාලය හරහා හෝ වෙනත් ජාලයකට සම්බන්ද වීමේදී කේබල් භාවිතා කරයි. බහුලව පවතින රැහැන්ගත ජාලයන් අතර දත්ත හුවමාරු වන්නේ සම්බන්ධ කර ඇති කේබල් මාර්ගයෙනි එහිදී එක අන්තයක සිට තවත් අන්තයකට දත්ත මුළුමනින්ම රැහැන් ඔස්සේ ගමන් කරයි.මෙය ඉතා වේගවත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවය කි. රැහැන් සහිත ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ක වේගය තත්පරයකට 1000 mbit පමණ වේ . කෙසේ වෙතත් රැහැන් ඔස්සේ වුව ද සම්පූර්ණ වේගයක් බලාපොරොත්තු විය නොහැක. සාමාන්‍යයෙන් රැහැන්ගත ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් සදහා ෆයිබර් ඔප්ටික් භාවිතා කරයි. රැහැන සහිත අන්තර්ජාල සම්බන්ධතාවයන් සඳහා අමතර දෘඩාංග අවශ්‍ය නො වේ. රැහැන් රහිත තාක්ෂණය ඉතා පැරණි තාක්ෂණික ක්‍රමයක් වුවත් වර්තමානයේදී පවා ඉතා වේගවත් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් වශයෙන් බහුල ව යොදා ගන්නා ක්‍රමයකි .එය කොතරම් ද යත් වර්තමාන wifi සබඳතා මෙන් තුන් ගුණයක් පමණ වේගවත් බව දැක්විය හැක.  

අධිවේගී දත්ත සම්ප්‍රේෂණ සඳහා මුලදී ISDN වැනි තාක්ෂණය යොදා ගැනුණි . ADSL හා ADSL2+ වැනි  තාක්ෂණයත් තාක්ෂණය වර්තමානයේ දී භාවිතා වන අතර එය පිරිවැය අඩු ක්‍රමයන් වේ. එසේම වර්තමානයේ දී දී ෆයිබර් ඔප්ටික් කේබල් ඔස්සේ ආලෝක කිරණ භාවිතයෙන් අධිවේගීව දත්ත අති විශාල ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කළ හැකි වී තිබේ .අදි ධාරිතාවයෙන් යුත් ෆයිබර් කේබල් හා සබ්මැරීන් ෆයිබර් කේබල් මගින් දුරකථන ඇමතුම් මිලියන ගණනක් හා දත්ත විශාල ප්‍රමාණයක් ලොව පුරා රටවල් අතර හුවමාරු කෙරේ. 

රැහැන් රහිත අන්තර්ජාල සබඳතා යනුවෙන් හඳුන්වනු ලබන්නේ කේබල් භාවිතා නොකරමින් රේඩියෝ තරංග භාවිතයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන ක්‍රමයන්ය. මෙම දත්ත සම්ප්‍රේෂණය වයිෆයි රවුටරයක් මගින් සිදුකරන අතර ඉතාමත් පහසු ක්‍රමවේදයක් වේ. කෙසේ නමුත් නමුත් මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවක් ලෙස සම්බන්ධතාවයේ ආරක්ෂාව අහිමි වීම දැක්විය හැකි ය . වර්තමානයෙදී  බාවිතා වන රැහැන් රහිත දත්ත සම්පෙෂණය කරන ක්‍රමයන් ලෙස පහත සදහන් දෑ දැක්විය හැකියි. 

බ්ලුටූත් (Bluetooth)

මේ තාක්ෂණය විතයෙන් අඩි 100ක වටපිටාවක වයර්ලස් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීමට පුළුවන. බොහොමයක් ජංගම දුරකථන සතු තාක්ෂණය මෙය වේ. 

යූ.එල්.පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රී (Wibree)

අඩු තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කල හැකි තාක්ෂණයක් ලෙස මෙය හදුන්වා දිය හැකියි.  

සිග්බී (Zigbee) 

බ්ලූටූත් හෝ වයිබ්‍රී මෙන් නොව මෙහිදී එකවර උපකරණ කිහිපයක් හරහා තොරතුරු හුමාරු කිරීමේ පහසුම සැලසේ.. 

එන්.එෆ්.සී (NFC - Near Field Communication) 

මෙම ක්‍රමය භාවිතයෙන් තොරතුරු හුවමාරු කල හැක්කේ සෙන්ටිමිටර් කිහිපයක දුරක් සදහා පමණකි.  

වයි-ෆයි (Wi-Fi)

මෙම ක්‍රමය භාවිතයෙන් කේබල් සම්බන්ධතා නොමැතිව පුළුල් පරාස (Broadband) වේගයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකියි. මෙය වර්ථමාන ජංගම දුරකථන වල සහ ලැප්ටොප් පරිගණක අතර ජනප්‍රිය පහසුකමකි.  

වයිමැක්ස් (WiMAX)

අන්තර්ජාල ලබාගැනීමට භාවිතයට බහුලව භාවිත කරන තාක්ෂණයක් සේම, ඉතා දුර ප්‍රදේශවලට මයික්‍රොවේව් තරංග උපකාරයෙන් තොරතුරු හුමමාරුවට යොදා ගන්නා තාක්ෂණයකි.  

ඩෙක්ට් හෙවත් කැට් (DECK/CAT)

ඩිජිටල් රැහැන් රහිත ජංගම දුරකථන වලදී භාවිත කරන ඩෙක්ට් තාක්ෂණය අනුව මීටර් 100 පරායක් තුල තොරතුරු හුමාරු කිරීමේ හැකියාවත් හිමිවේ.