රාජ්ය. සමය සහ අභාවය

විකිපීඩියා වෙතින්

රාජ්යක සමය සහ අභාවය

මේ අතර විජයගේ අමාත්යමවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කළහ. ඔවුනට එවැනි කාන්තාවක් හමු වන්නේ පඬු රටෙනි. ඒ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. පඬි රජු තම දියණිය ශ්රීඒ ලංකාවට එවීමට කටයුතු කළා පමණක් නොව "තම දියණියක් ශ්රීඬ ලංකාවට යැවීමට කැමැත්තෙන් සිටින අය ඉන්නේ නම් ඔවුන්ගේ දියණියට ඇඳුම් සපයා ඒවා ඔවුන්ගේ දොරකඩ තැබිය යුතුය. එවිට එම සළකුණෙන් අප ඒවා ලබා ගන්නවා ඇත" යනුවෙන් නියෝගයක්ද කළේය. මෙහිදී විජයගේ පිරිසේ සෑම කෙනෙකුටම බිරිඳක් ලැබුණේය. (ඔවුන්ගේ පළමු බිරින්දෑවරු ඔවුන්ගේ මුහුදු ගමනේදී ඔවුන්ගෙන් වෙන් වූහ. පුරාණ කථාවලට අනුව එකී බිරින්දෑවරු මාලදිවයිනට යැවෙන්නට ඇත.

අමාත්යෙවරු ඔවුන්ගේම නමින් තම්බපන්නිය අවට නගර ආරම්භ කිරීමට තරම් නිර්භය වූ බව පෙනේ. උජ්ජෙනි, උරුවෙල, උපතිස්සගම, විජිත සහ අනුරාධගාම යනාදී වශයෙනි. මෙයින් අනුරාධගාම ඉතා හොඳ ආරම්භයක් වූයේය. එය ඉන් පසු අවුරුදු දහසක පමණ කාලයක් රජරට අගනුවර විය.

පඬි රටේ කුමරිය මෙහි ළඟා වූ පසු ඇමතිවරු විශාල උත්සවයක් සංවිධානය කොට විජය අභිෂේක කරවූහ. අභ්යමන්තර වශයෙන් වෙනස් පුද්ගලයෙකු වීමට විජයගේ විවාහය සහ වයස බලපාන්නට ඇත. ඉන් පසු ගත වූ අවුරුදු තිස් අටක කාලය ඔහු දැහැමිව සහ සාමකාමී පාලනයක් ගෙන ගියේය.

පඬි රටෙන් පැමිණි කාන්තාවන් දකුණු මදුරෙයි නගරය මුල් කොට පැමිණි බව මහාවංශය සඳහන් කරයි. බොහෝ සිංහල විද්වතුන් එම ප්රුදේශය වර්තමාන තමිල්නාඩුවේ මදුරෙයි ලෙස අර්ථකතනය කරති. උතුරු මධුර යනු උත්තර ප්රදදේශයේ මථුර නගරයයි. කෙසේ වෙතත් දමිළ ඉතිහාසයේ මදුරෙයි යනුවෙන් සඳහන් වන නගර එකකට වැඩි ගණනක් තිබී ඇත. දෙමළ සාහිත්යි තොරතුරුවල සඳහන් වන්නේ සංගම් යුගයේ කාව්යත සංග්රභහවල පිටපත් සංසන්දනය කර බැලීමට විද්වතුන් පිරිස තුන්වරක් රැස් වූ බවයි. මෙයින් අන්තිම එක පවත්වන ලද්දේ මධුරෙයි හිදීය. දෙවැන්න කපටපුරම් නගරයේ පැවැත්විණ. එහෙත් පළමු වැන්න පවත්වන ලද්දේ තෙන් මදුරෙයි නොහොත් සිංහලට පරිවර්තනය කළහොත් දකුණු මදුරෙයිහිදීය. මෙම (තෙන් මදුරෙයි නොහොත්) දකුණු මදුරෙයි නම් ස්ථානය වර්තමාන කොර්කායි අසළ තමිල්නාඩුවේ ගිණිකොන දිග වෙරළේ පිහිටි සැබෑ නගරයක් වූ බව ඉතිහාසඥයෝ විස්තර කරති. එය විජය විසින් ලංකාවේ ගොඩනංවන ලද 'තම්බපණ්නි' නම් ජනාවාසයට ඉතා කිට්ටු ස්ථානයක්ව තිබෙන්නට ඇත. තෙන්මදුරෙයි නම් ස්ථානය මහාවංශයේ දැක්වෙන දක්ඛිණ මධුරා නම් ස්ථානය හා සම කරන්නේනම් පළමු සංගම් පැවැත්වූ තැන මිථ්යා ස්ථානයක් නොව සැබෑ ඓතිහාසික නගරයක් ලෙසින් අපට පිළිගැනීමට සාක්ෂි තිබේ.

විජයගේ අභාවය වටා බැඳුණු සිද්ධීන් ගැන බලන විට එම කාලය තුළ රජයේ ස්වභාවය පිළිබඳව ගැඹුරු දර්ශනයක් නැතහොත් අඩු ගණනේ එහි ආදර්ශයක් පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට පිළිවන. කලින් දැක තිබෙන කරුණුවලට අනුව විජයට බිරිඳක් සෙවීමේදී සහ නගර නිර්මාණය කිරීමේ කාර්යයන්හිදී මූලික කරුණු ඉටුකර ඇත්තේ අමාත්යරවරු විසිනි. ඔවුනට ඒ සඳහා නිදහසක් සහ බලයක් තිබුණු බව පෙනී යයි. මීට සමගාමීව විජය මිය ගිය අවස්ථාවේදී විජය විසින් තෝරන ලද අනුප්රාහප්තිකයා වූ සුමිත්ත, සිංහපුර සිට පැමිණෙනතෙක් අමාත්යිවරු උපතිස්ස ගම සිට අවුරුද්දක් පාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. එසේ වුවද සුමිත්ත මෙහි නොපැමිණි අතර ඒ වෙනුවට ඔහුගේ පුතා වූ පඬුවස් දෙව් පැමිණ විජයගේ පරම්පරාව දිගටම පවත්වා ගෙනයාම තහවුරු කරමින් රටේ පාලනය ගෙන ගියේය.

http://en.wikipedia.org/wiki/Vijaya#Reign_and_death

"https://si.wikipedia.org/w/index.php?title=රාජ්ය._සමය_සහ_අභාවය&oldid=471927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි