රසායනික ප්‍රතික්‍රියා-ප්‍රතික්‍රියා වර්ග

විකිපීඩියා වෙතින්

රසායනික ප්‍රතික්‍රියාවීමේ විවිධ වූ ආකාර ඇත. විටෙක ඒවා කාණ්ඩ ගත කිරීමේ ක්‍රම එකමත එක වැටෙමින් හා එක්වර ද වීමෙන් හඳුනාගැනීම අපහසු කරයි. එමනිසා පහත දක්වා ඇත්තේ පොදු ප්‍රතික්‍රියා වර්ග කිහිපයක් පහදා දීමේ උදාහරණයන් ද සමගිනි.

*•	සමාවයවිකතාවය	- ශුද්ධ පරමාණු සංයුතියෙහි වෙනසක් නොමැතිව  එහි හැඩයේ ප්‍රතිව්‍යුහගත වීමක් සමාවයවිකතාව නම් වේ.
*•	සෘජු සැබැදුම (Direct Combination) හෝ විශ්ලේෂණය 

ප්‍රතික්‍රියක මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එක්වී වඩා සංකීර්ණ වූ ප්‍රතිඵලයක් ලබාදීම.

N2 + 3 H2 → 2 NH3

*•	රසායනික වියෝජනය හෝ සරල කොටස්වලට වෙන්කර ගැනීම
එනම් සංයෝගයක් කුඩා සංයෝගවලට හෝ මූලද්‍රව්‍යය වලට වෙන් කිරීම

2 H2O → 2 H2 + O2

*•	තනි විස්ථානගත වීම හෝ ආදේශ වීම

එනම් මූලද්‍රව්‍යයක් වෙනත් සක්‍රීය මූලද්‍රව්‍යයක් හමුවේ සංයෝගයෙන් විස්ථානගත වීමයි. 2 Na(s) + 2 HCl(aq) → 2 NaCl(aq) + H2(g)

*•	හුවමාරු වීම හෝ ද්විත්ව  ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා

එනම් සං‍යෝග දෙකක් අතර අයන හෝ බන්ධන හුවමාරුවෙන් තවත් සංයෝග දෙකක් සෑදීමයි. NaCl(aq) + AgNO3(aq) → NaNO3(aq) + AgCl(s)

*•	අම්ල   - භෂ්ම ප්‍රතික්‍රියා

අම්ල -භෂ්ම ප්‍රතික්‍රියාවකදී ඒවා විවිධ වූ ආකාරයට හැසිරෙන ‍නිසා අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවලට විවිධ වූ අර්ථ කථනයන් පවතී. ඉන් වැදගත්ම කිහිපයක් පහත දැක්වේ.


*	ආහීනියස් අර්ථ දැක්වීම

අම්ල ‍ජලය හමුවේදී H3O+ පිට කරමින් විඝටනය වේ. භෂ්මය OH- අයන් ජලයට පිට කරමින් විඝටනය වේ.

*	බ්‍රොන්ස්ටඩ් - ලෞරි අර්ථ දැක්වීම

අම්ල යනු (H+) ප්‍රෝටෝන ප්‍රදානය කරන්නන්ය. භෂ්ම යනු ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරන්නන්ය. එය මෙයට ආහීනියස් වාදය ද ඇතුළත් වේ.


*	ලුවිස් වාදය

අම්ල යනු එකසර යුගල් ප්‍රතිග්‍රහණය කරන්නන්වන අතර භෂ්ම යනු එකසර යුගල් ප්‍රදානය කරන්නන් වේ. එයට බ්‍රොන්ස්ටන් ලෞරිවාදයට ඇතුළත් වේ.


*•	රෙඩොක්ස් ප්‍රතික්‍රියා 

‍එනම් එම ප්‍රතික්‍රියාවට ලක්වන මූලද්‍රව්‍යවල ඔක්සිකරණ අංක වෙනස් වීමෙන් සිදුවන ප්‍රතික්‍රියා වේ. මෙම ප්‍රතික්‍රියාවල දී ප්‍රතික්‍රියක අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවීමක් සිදුවී අවසන් ඵලය ලබාදේ. උදාහරණ - 2 S2O32−(aq) + I2(aq) → S4O62−(aq) + 2 I−(aq)


මෙහිදී I2 හි ඔක්සිහරණ අංකය අඩු වී I- වන අතර S2O32- (තයෝ සල්ෆේට අයනය ) ඔක්සිකරණය වී S4O62- බවට පත් වේ.


දහනය

එය එක්තරා ආකාරයක රෙඩොක්සි ප්‍රතික්‍රියාවක් වේ. එහිදී දහනය කළ හැකි මූලද්‍රව්‍යයක් ඔක්සිකරණ මූලද්‍රව්‍යයක් හා එක්වීමෙන් තාපය පිට කරමින් ඔක්සිකරණය වේ. මෙහි ඔක්සිකරණ මූලද්‍රව්‍යය වශයෙන් බොහෝ විට O2 යොදා ගනී. දහනය යන පදය යොදාගනු ලබන්නේ සම්පූර්ණ පද්ධතියම ඔක්සිකරණයට ලක්වීමේදීය. එනම් පාලිත තත්වයන් යටතේ සිදුවන ඔක්සිකරණයන් දහනයන් නොවේ. C10H8+ 12 O2 → 10 CO2 + 4 H2O CH2S + 6 F2 → CF4 + 2 HF + SF6 කාබනික ප්‍රතික්‍රියා

කාබනික ප්‍රතික්‍රියා වර්ග ඉතා විශාල ප්‍රමාණයක් පවතින අතර එහිදී ප්‍රතික්‍රියාවට තම පරමාණුක ව්‍යුහයේ ප්‍රධාන මූලද්‍රව්‍ය වශයෙන් කාබන් පවතින සංයෝගවල ප්රතික්‍රියා‍වේ. කාබනික සංයෝගවල ප්‍රතික්‍රියාව එම සංයෝගයේ ඇති ක්‍රියාකාරී කාණ්ඩය මත වෙනස් අයුරින් අර්ථ දැක්විය හැකි. එනම් එය අකාබනික ප්‍රතික්‍රියාවලට විරුද්ධව අරුත් ගැන්විය හැක. තවද කාබනික ප්‍රතික්‍රියා ඒවායේ යාන්ත්‍රණය අනුව ද වෙනස් කළ හැක.


පහත උදාහරණ කිහිපයක් දක්වා ඇත[සංස්කරණය]

 *•	අයන ප්‍රතික්‍රියා - හයිපො ක්ලෝරයිට්වල ද්විධාකරණය
 *•	සක්‍රීය ආකාබනික මූලද්‍රව්‍ය සමග සිදුවන ප්‍රතික්‍රියා

උදා - ඉනොලේට්වල ප්‍රතික්‍රියා

 *•	සම්පූර්ණ  ප්‍රතික්‍රියා

උදා - අධික උෂ්ණත්වවලදී දහනය

 *•	කාබීන වල ප්‍රතික්‍රියා


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Chemical_reaction#Reaction_types