රවි

විකිපීඩියා වෙතින්

මෙම ලිපිය නක්ෂත්‍රෙය් එන රවි ග්‍රහයා පිළිබදවය.තාරකා විද්‍යාත්මක තොරතුරු සදහා හිරු බලන්න.

රවි

සූර්ය, ඉර, රිවි, දිනකර, දිවාකර, හේලි, භානු, තාපන, දිනක්‍රිත්, පුෂ, අරුණ, ආක, ආදිත්‍ය, භෂ්කර, මර්තන්ඩ, සවිත, තීක්ෂණමිස, ප්‍රභාකර, තමෝහනාථ, දිනමිණි යනාදී නම් වලින්ද හැඳින් වෙයි.

ග්‍රහමණ්ඩලයේ රජුය.රජු රජය පියා නියෝජනය කරයි.

ජීවබලය හා රෝගනාශක බලය හිරුගෙන් ලැබේ. නිර්භීතකම, ප්‍රසිද්ධිය, දීර්ගායුෂ බලය ක්‍රියා ශූරත්වය ගෞරවය,භක්තිය, ස්ථිර ප්‍රේමය, අවබෝද ඥානය, චිත්තවේගය මනුෂ්‍ය ශරීරයේ හෘදය වස්තුව කට ඇස්, මොලය, උගුර,ඇලදිව, ඇට, ලේ, සහ රක්තානු වලට අයත්වේ. දවල් උපන් අයට රවි පියාවේ. යමෙකු උපදිනවිට රවි බලවත්ව සිටිය හොත් ඔහුගේ ජීවිතය බලවත් වේ. රවි උප්පත්තියේ දී බලය අඩුකරන් ස්ථානවල සිටි විට මංකොල්ලා කෑම්, සොරකම්, වංචාලකම් පුහු අහංකාරය, අනුන් කෝපකරවීම තරහ වැඩිගතිය , පහත් අදහස්, චපල සොර හිත ආදිය ඇතිකරයි. රවි පුරුෂ ලිංගවේ. රන් වන් පැහය ඇත ස්වරූපය සතරැස්ය, නැමුණු අං ඇත. වයස අවු. 50 ක් පමන වේ. ස්ථිර ග්‍රහයෙකි. වාසස්ථාන දේවාල රජ මාළිගා රජාංගන වෙයි.කළු පැහැති ඇතුන් දස දෙනකු යෙදූ රථයක ගමන්කරයි.මණ්ඩල ග්‍රහයෙකි එනම් රවී ග්‍රහයා කිසි දිනෙක වක්‍රව ගමන් නොකරයි.එනම් ආපස්සට ගමණක් නැත.ස්වක්සේත්‍ර රාශිය සිංහය, උච්ච රාශිය මේෂය නීච රාශිය තුලාවය.වෘෂභ කුම්බ හා මකර රාශි රවීට සතුරුය.වෘශ්චික ධනූ මීන රාශි මිත්‍ර රාශිවේ.මිතුන කන්‍යා සම රාශිවේ.රවී ග්‍රහයාට අයත් නැකැත් ලෙස කැති උතුපල් උත්‍රසල යන නැකැත් සදහන්වේ.රවී ග්‍රහයාට අයත් දිශාව නැගෙනහිර දිශාවයි.

රවිට අයත් පාෂාණය පද්මරාගය,අධිපති දෙවියා ශිව දෙවියන්ය.එනම් රවීගේ අපලවලදී පිහිට පැතියයුතු දෙවියා ශිව දෙවියන්ය.රවීට අයත් යක්ෂයින් වන්නේ ත්‍රිභුවන යක්ෂයා ඕං කාලි යක්ෂනීය.එනම් රවීගේ අපල කාලවලදී මෙම යක්ෂයන්ගෙන් හානි පැමිනේ.රතු නෙළුම් මල් රතු රෙදි තිර්ඟු පිටි රත් සඳුන් රතුමල් රවීට අයත් ද්‍රව්‍ය වෙයි.රවිගේ අපල සදහා මෙම ද්‍රව්‍ය දන්දීම සුදුසු බව සැලකේ.ඉඹුල් වෘක්ෂය රවීට අයත් වෘක්ෂයයි.රවීට අයත් ලෝහය පිත්තලය.රවී අපල සදහා විෂ්ණු අඝොරය යන්ත්‍රය ශිව සූර්‍ය මණ්ඩලය ශිව සිලම්බරය යන යන්ත්‍ර පැළදීම සුදුසුය.

"https://si.wikipedia.org/w/index.php?title=රවි&oldid=396418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි