රයිට් ෆ්ලයර් (ලොව ප්‍රථම ගුවන්යානය)

විකිපීඩියා වෙතින්

1903 වසරේ දෙසැම්බර් 17 වැනි දින උතුරු කැරොලිනාවේ කිටිහෝක්හිදි ලෝක ඉතිහාසයේ තවත් ස්වර්ණමය අවස්ථාවක් උදාවිය. ලෝකයේ ප්‍රථම ගුවන් යානය වූ රයිට් සහෝදරයෝ විසින් 1903 දි නිපදවූ රයිට් ෆ්ලයර් නම් වූ කුඩා ගුවන් යානයේ පලම පියාසැරිය එදින සිදුවිය. වාතයට වඩා බරින් යුතු බලගන්වන ලද සම්පූර්ණයෙන් පාලනය කල හැකි එන්ජිමකින් එම යානය සමන්විත විය. එමෙන්ම එයට එක් ගුවන් නියමුවෙකු දරාසිටිමේ හැකියාවද පැවතිණි. ආරම්භක වේගයේ සිටම වේගය අඩුවීමකින් තොරව ගමන් කල හැකිවූ අතර අපහසුවකින් තොරව බිමට පහත් කිරීමටද හැකිවිය.

රයිට් ෆ්ලයර් යානය
රයිට් ෆ්ලයර් යානය

ගුවන් නියමුවා ලෙස ඕවිල් රයිට් තත්පර 12 ක් පුරා මීටර් 37 ක් දුර ගමන් කිරීමට සමත් විය. එම දිනය තුල තවත් තුන් වතාවක් එම ගුවන් යානය පියාසර කරවීමට විලිබර් සහ ඔවිල් යන සොහොයුරන් සමත් විය. එම ගමන්වල දී ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට ගුවන් නියමුවන් ලෙස ක්‍රියා කළහ. දීර්ඝතම ගුවන් ගමනේදි එය තත්පර 59 ක් පුරා මිටර් 260 ක් දුර ගමන් කිරීමට සමත් විය එහිදි ගුවන් නියමුවා ලෙස ක්‍රියා කළේ විල්බර් රයිට්ය.

රයිට් ෆ්ලයර් යානය පුළුල් පර්යේෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙස ඕවිල් සහ විල්බර් රයිට් සොහොයුරන් අතින් නිපැයිනි. ක්‍රි.ව 1899 දී ඔවුන් නිපද වූ සරුංගලයකින් මේම අත්හදහා බැලීම ආරම්භ වූ අතර 1905 දි ඔවුන්ට සාර්ථක ගුවන් යානයක් තනා නිම කළ හැකි විය. ගුවන් යානා නිපදවීමේදි මතුවන යාන්ත්‍රික, ඉන්ධනවල, පාලනික සහ එසවිමේ ගැටලුවලට රයිට් යානයෙන් සාර්තක පිලියම් යොදා තිබිණි.

ගුවන්යානා පිළිබද සම්මතයන් හා ප්‍රමීතින් පවත්වා ගෙන් යන අන්තර්ජාතික ගුවන්තාක්ශණ සම්මේලනයට (Faderation Aeronautique Internationale, FAI) අනුව රයිට් සහෝදරයන් 1903 දී ඉදිරිපත් කරන ලද යානය පළමූ තිරසර පාලනය කරන ලද ගුවන්යානය ලෙස ඉතිහාසගත වෙයි. 1905 වන විට යානයට ස්ථාවර සම්පූර්නයෙන්ම පාලනයක් සහිත ගුවන් වාර කිහිපයක් යෑමේ හැකියාව පැවතුනි. රයිට් සහෝදරයින් තමන්ට මිනිසෙකු රැගෙන යා හැකි ගුවන්යානයක් නිර්මාණයට අවශ්‍ය දිරිමත් වීම ලැබුනේ ඔටෝ ලිලියන්තල් ගේ නිර්මාණ හරහා බව පසුව ප්‍රකාශ කලෝය.

රයිට් ෆ්ලයර් යානය 1905 දි පියසාර කරන අවස්ථාවක්
1903 යානයේ විස්තර
තටු අතර දුර - මීටර් 12.3 (අඩි 40 අගල් 4යි)
දිග - මීටර් 6.4 (අඩි 21යි)
උස - මිටර් 28 (අඩි 9 අගල් 3යි)
බර හිස්වූ (විට) - කිලෝග්‍රෑම් 274යි
එන්ජිම - භූමෙිතෙල් එන්ජිම, අශ්වබල 12යි
නිෂ්පාදනය - ඔහියෝවල ඩේල්ටන්හිදි විල්බර් සහ ඕවිල් රයිට් විසින් 1903 දී