රයිට් සහෝදරයෝ

විකිපීඩියා වෙතින්


රයිට් සහෝදරයින් ලෙස ප්‍රකට, ඕවිල් (1871 අගොස්තූ 19 - 1948 ජනවාරි 30) සහ විල්බර් (1867 අප්‍රේල් 16 - 1912 මැයි 30) ඇමරිකානු ජාතිකයෝ වූහ. ඔවුන් දෙපළ ලොව පුරා ප්‍රචලිත වුයේ ප්‍රථම වරට සාර්ථකව ගුවන් යානයක් නිපදවීම නිසාය. එනම් ප්‍රථම වරට වඩා හොඳින් පාලනය කළ හැකි පියාපත් සහිත ගුවන්යානයක් නිපදවුයේ මොවුන් විසිනි.

මොවුන් හඳුන්වා දුන් ‘අක්‍ෂ තුනක පාලනය’ නැමැති ක්‍රමවේදය හරහා ගුවන් නියමුවාට වඩාත් කාර්යක්‍ෂම ලෙස තම යානය හසුරුවා ගැනීමට අවකාශ ලැබිනි. අදටද ගුවන්යානා පාලනයේ සම්මතය මෙයයි.

වසර ගණනාවක් පුරා මුද්‍රණ ශිල්පයේ, මෝටර් කාර්මික ශිල්පයේ යෙදෙමින් ලබාගත් පළපුරුද්ද සහ දැනුම ගුවන් යානය සොයා ගැනීම දක්වා සහෝදරයින් දෙපළ මෙහෙයවනු ලැබීය. බයිසිකලයක පවතින සමතුලිතතාව පවත්වාගැනීමේ හැකියාව ඔස්සේ කල්පනා කළ ඔවුන් සමතුලිතතාව පවත්වා ගතහැකි පියාඹන යානයක් පිළිබඳ සිහින දුටුවේය. ගුවන් යානය නිපදවුනේ ඒ අනුවය.


සටහන්[සංස්කරණය]

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=රයිට්_සහෝදරයෝ&oldid=464274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි