Jump to content

රඹුකන සිද්ධාර්ථ හිමි

විකිපීඩියා වෙතින්
අතිපූජනීය
රඹුකන සිද්ධාර්ථ හිමි
Most Ven. Rambukana Siddhartha Thero
උපත
ආනන්ද ලියනගේ

මැයි 22, 1950(1950-05-22)[1]
මරණයඅගෝස්තු 18, 2026(2026-08-18) (වයස 76)
අධ්‍යාපනයමොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, හෙට්ඨාචල පිරිවෙන, ගාල්ල
පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන[2]
වෘත්තියගීත රචක
සක්‍රීය වසර1976 - 2026
මව්පියන්(s)බී. එල්. සයිමන්
සොබනා හාමි

අතිපූජනීය, ගෞරව ශාස්ත්‍රවේදී, රඹුකන සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලාංකීය සම්මානිත ගී පද රචකයෙක් හා කතුවරයෙකි. බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිතව මෙන්ම තන විවිධාකාරයේ ජනප්‍රිය ගීත රැසක් ඒ හිමියන් රචනා කර ඇත. ඒ අතර ලා දළු බෝපත්, මේ ඉර හඳ යට, සඳ තරු මල් වැනි ගීත ජනප්‍රියය.[1][2]

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, සඳකඩපහණ චිත්‍රපටය වෙනුවෙන් ලියූ පෙර සංසාරේ ගීතය සරසවිය සම්මානයෙන් ද, අලෝකෝ උදපාදී සඳහා රචිත විශාරද සමන්ත පෙරේරා ගයන සැඩ පහරක් සේ එකමුතු වූ දා ගීතය දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබිණි. වර්ෂ 1987 දී සංසාරේ අපි කැසට් පටය නිකුත් කරමින් ඇරඹෙන හිමිපාණන්ගේ ගීතාවලෝකනයේ ගම්මානේ අපි, සමනල කන්ද, සංසාරේ ගී යාතිකා, බුදු අමා වැස්ස හා සංසාර චාරිකා යන කැසට් පට සහ සංයුක්ත තැටිත්, සසර දනව්ව වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයත් පවතී.[2]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ගී පද වැල්
ගායනයගීතයසංගීතය
ගුණදාස කපුගේපිහිටක් නැතිගුණදාස කපුගේ
සද්ධර්ම මකරන්දගුණදාස කපුගේ
වික්ටර් රත්නායකබුදු හාමුදුරුවෝ අපිත් දකින්නැතිවික්ටර් රත්නායක
කඳුළු පැන් කෙණ්ඩියේ
කාසි වලටවික්ටර් රත්නායක
මාලනී බුලත්සිංහලහිමි සනරාමරඑච්.එම්. ජයවර්ධන
සෙනෙහස පුදා
පිපෙනා මලකටප්‍රේමසිරි කේමදාස
බුදු බණ ඇසුවාඑච්.එම්. ජයවර්ධන
එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනීපන්සලේ පල්ලියේ
එඩ්වඩ් ජයකොඩි සහ මාලනී බුලත්සිංහලබුදු බණ කිව්වා
එඩ්වඩ් ජයකොඩිමේ ඉර හඳ යට
මේ ප්‍රේම කතා
බණ කියන රටක්එච්.එම්. ජයවර්ධන
නුඹට හිතැති
ටී.එම්. ජයරත්නසියක් ආයු ලැබඑච්.එම්. ජයවර්ධන
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
සඳ වතුරක් සේඑම්.ආර්. චූලසිංහ
අබේවර්ධන බාලසූරියමලක මෙලෙක සිතාගන්න
නිරංජලා සරෝජනීඅනුරාධපුරේ අනුරාව නැගූ
ගෙල වට බැන්දා වූ
කරුණාරත්න දිවුල්ගනේළා දලු බෝපත්එච්.එම්. ජයවර්ධන
වෙහෙරක් වගේගුණදාස කපුගේ
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවසඳ තරු මල්රෝහණ වීරසිංහ

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 රෂිකා හෙන්නායක (22 මැයි 2024). "චිරං ජයතු රඹුකන කිවි යතිඳුනේ!". සම්ප්‍රවේශය 12 ජුනි 2025.
  2. 1 2 3 අම්පාරේ රන්ජිත් දළුවත්ත (13 අගෝස්තු 2023). "සිද්ධ අර්ථ ගී සංකල්පනා". සම්ප්‍රවේශය 12 ජුනි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=රඹුකන_සිද්ධාර්ථ_හිමි&oldid=798439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි