රඹුකන සිද්ධාර්ථ හිමි
පෙනුම
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි Ven. Rambukana Siddhartha Thero | |
|---|---|
| උපත | ආනන්ද ලියනගේ 22 මැයි 1950[1] රඹුකන, දෙණියාය, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, හෙට්ඨාචල පිරිවෙන, ගාල්ල පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන[2] |
| වෘත්තිය | ගීත රචක |
| සක්‍රීය වසර | 1976 - වර්තමානය |
| මව්පියන්(s) | බී. එල්. සයිමන් සොබනා හාමි |
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ශ්‍රී ලාංකීය සම්මානිත ගී පද රචකයෙක් හා කතුවරයෙකි. බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිතව මෙන්ම තන විවිධාකාරයේ ජනප්‍රිය ගීත රැසක් ඒ හිමියන් රචනා කර ඇත. ඒ අතර ලා දළු බෝපත්, මේ ඉර හඳ යට, සඳ තරු මල් වැනි ගීත ජනප්‍රියය.[1][2]
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, සඳකඩපහණ චිත්‍රපටය වෙනුවෙන් ලියූ පෙර සංසාරේ ගීතය සරසවිය සම්මානයෙන් ද, අලෝකෝ උදපාදී සඳහා රචිත විශාරද සමන්ත පෙරේරා ගයන සැඩ පහරක් සේ එකමුතු වූ දා ගීතය දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබිණි. වර්ෂ 1987 දී සංසාරේ අපි කැසට් පටය නිකුත් කරමින් ඇරඹෙන හිමිපාණන්ගේ ගීතාවලෝකනයේ ගම්මානේ අපි, සමනල කන්ද, සංසාරේ ගී යාතිකා, බුදු අමා වැස්ස හා සංසාර චාරිකා යන කැසට් පට සහ සංයුක්ත තැටිත්, සසර දනව්ව වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයත් පවතී.[2]
ජනප්‍රිය ගීත
[සංස්කරණය]| ගායනය | ගීතය | සංගීතය |
|---|---|---|
| ගුණදාස කපුගේ | පිහිටක් නැති | ගුණදාස කපුගේ |
| සද්ධර්ම මකරන්ද | ගුණදාස කපුගේ | |
| වික්ටර් රත්නායක | බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති | වික්ටර් රත්නායක |
| කඳුළු පැන් කෙණ්ඩියේ | ||
| කාසි වලට | වික්ටර් රත්නායක | |
| මාලනී බුලත්සිංහල | හිමි සනරාමර | එච්.එම්. ජයවර්ධන |
| සෙනෙහස පුදා | ||
| පිපෙනා මලකට | ප්‍රේමසිරි කේමදාස | |
| බුදු බණ ඇසුවා | එච්.එම්. ජයවර්ධන | |
| එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී | පන්සලේ පල්ලියේ | |
| එඩ්වඩ් ජයකොඩි සහ මාලනී බුලත්සිංහල | බුදු බණ කිව්වා | |
| එඩ්වඩ් ජයකොඩි | මේ ඉර හඳ යට | |
| මේ ප්‍රේම කතා | ||
| බණ කියන රටක් | එච්.එම්. ජයවර්ධන | |
| නුඹට හිතැති | ||
| ටී.එම්. ජයරත්න | සියක් ආයු ලැබ | එච්.එම්. ජයවර්ධන |
| අව්වට වැස්සට හුරු මිනිසුන්නේ | ||
| සඳ වතුරක් සේ | එම්.ආර්. චූලසිංහ | |
| අබේවර්ධන බාලසූරිය | මලක මෙලෙක සිතාගන්න | |
| නිරංජලා සරෝජනී | අනුරාධපුරේ අනුරාව නැගූ | |
| ගෙල වට බැන්දා වූ | ||
| කරුණාරත්න දිවුල්ගනේ | ළා දලු බෝපත් | එච්.එම්. ජයවර්ධන |
| වෙහෙරක් වගේ | ගුණදාස කපුගේ | |
| අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව | සඳ තරු මල් | රෝහණ වීරසිංහ |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b රෂිකා හෙන්නායක (22 මැයි 2024). "චිරං ජයතු රඹුකන කිවි යතිඳුනේ!". සම්ප්‍රවේශය 12 ජුනි 2025.
- ^ a b c අම්පාරේ රන්ජිත් දළුවත්ත (13 අගෝස්තු 2023). "සිද්ධ අර්ථ ගී සංකල්පනා". සම්ප්‍රවේශය 12 ජුනි 2025.