රත්නපුර ඔරලෝසු කණුව

විකිපීඩියා වෙතින්
(රත්නපුරය ඔරලෝසු කණුව වෙතින් යළි-යොමු කරන ලදි)
රත්නපුරය ඔරලෝසු කණුව
පිහිටීමරත්නපුරය, ශ්‍රී ලංකාව
කැප කරන ලද්දේලෝක යුද්ධයේදී මියගිය භටයන් සිහි කිරීම සඳහා (යුද ස්මාරකයකි)[1]

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුරය නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන රත්නපුරය ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

අතීතය[සංස්කරණය]

1920 මුල් ගණන් වලදී, දේශීය යුධ අනුස්මරණ කමිටුව (Local War Memorial Committee) විසින් ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘතියක් යටතේ, රත්නපුරය නගර මධ්‍යයෙහි මෙම ඔරලෝසු කණුව ඉදිකරන ලදී.

ඔරලෝසු කණුවට සුදුසු ආකෘතියක් තෝරා ගැනීම පිණිස, එම කාලයේදී නිර්මාණ තරඟයක් පවත්වා ඇති අතර, එම තරඟයේ ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනැමූ බව සඳහන් වේ. තරඟය සඳහා ඉදිරිපත් කරනු ලැබූ ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් අතුරින් හොඳම ත්‍රිත්වයක් තෝරා, ඒ අතරිනුත් වඩා සුදුසු ආකෘතිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් තෝරා ගත් බව පැවසෙයි.[2]

ඔරලෝසු සඳහා යූරෝ (£) 300 ක මුදලක් වියදම්ව තිබෙන අතර, ඒවා ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සිය (Times Supply Agency) වෙතින් රැගෙන ආ බව සඳහන් වෙයි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ලංකාවේ යුද ස්මාරක". සිළුමිණ. 2012. සම්ප්‍රවේශය 27 මැයි 2014.
  2. 2.0 2.1 "රිලිජස් ඇන්ඩ් හෙරිටේජ්". සබරගමුව ප්‍රාදේශීය සභාව. 2013. සම්ප්‍රවේශය 27 මැයි 2014.

06°40′48″N 80°24′8″E / 6.68000°N 80.40222°E / 6.68000; 80.40222 (රත්නපුරය ඔරලෝසු කණුව)

"https://si.wikipedia.org/w/index.php?title=රත්නපුර_ඔරලෝසු_කණුව&oldid=366715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි