රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ
විද්‍යා විද්‍යාලය ( ඉංග්‍රීසි: Government Science College ) රජයේ මිශ්‍ර පාසැලක් වන අතර මාතලේ නගරයෙහි පිහිටා ඇත. වසර 70 කට අධික ඉතිහාසයක් ඇති මෙම පාසැල ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි පාසැලක් ලෙස ප්‍රසිද්ධියක් දරනු ලබයි.
ඉතිහාසය
[සංස්කරණය]ආරම්භය වර්ෂ 1954 පෙබරවාරි මස 15 වන දින. ප්‍රථම විදුහල්පති එස්.රත්නසභාපති .
මාතලේ විද්‍යා විද්යාලයේ ආදි කතෘ වරයා වන්නේ මාතලේ විජය විද්යාලයේ හිටපු විදුහල්පති සහ මාතලේ පලමුවැනි මහජන මන්ත්රී ( 1947-52 ) වී.ටී නානායක්කාර මහතා ය.එකල උසස් පෙල විද්‍යා අංශයෙන් ඉගෙනීම සඳහා පාසැලක් නොතිබුණු නිසා විජය විද්යාලයේ විද්‍යා අංශය ලෙස අනාගත විද්‍යා විද්‍යාලය පිලිබඳ මූලික සංකල්පය එතුමාගේ සිතේ ඇතිවී තිබිණි .පසුව වී ටී නානායක්කාර මහතා මාතලේ මන්ත්රී වශයෙන් තේරී පත්වූ පසු එම සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට කඩිනමින් පියවර ගත්තේය .ඒ සඳහා අක්කර එකොලහක ඉඩමක් ( දැන් විද්‍යා විද්‍යාලය පිහිටා ඇති භූමිය ) එතුමාගේ මූලිකත්වයෙන් කැළෑ දෙපාර්තමේන්තුවේ සන්තකයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුවට මාරුකරන ලදී.ඉන්පසු එය විජය විද්යාලයේ විද්‍යා අංශය වශයෙන් නොව වෙනම ස්වාධීන පාසැලක් වශයෙන් ඉදිකෙරිනි.
විදුහල් ගීය
[සංස්කරණය]විදු විදුහල් මාතා සැරදේ
ශ්‍රී ලංකා ධරණී තලයේ
පතුරා විදු නැණ ලෝ පතලේ
කරනෙමු ගුණ ගායන ඔබගේ ..//
රන් රතු අලු පැහැ ගත් ධජ සෙවනේ
සොහොයුරු ප්‍රේමෙන් එක් සිත් බැඳුනේ
සිසු කැල සැම සිප් සයුරෙහි ගිල්වා
වීර පුතුන් ඔබ ජනිත කරන්නා
විදු විදුහල් මාතා සැරදේ ........//
නව ලෝකයකට පෙර මඟ පෙන්වා
සිසු කැල විදු නුවනින් නෙත් පහදා
අප රට දියුනේ පෙරමුණ ගන්නා
වීර පුතුන් ඔබ ජනිත කරන්නා
විදු විදුහල් මාතා සැරදේ ........//
විදුහල්පතිවරුන්
[සංස්කරණය]- එස්. රත්නසභාපති (1954–1960)
- H. R. P.රූපසිංහ (1960–1964)
- E. P. W. හෙලපිටගේ (1964–1967)
- H. D. E. ප්‍රේමවර්ධන (1967–1969)
- A. බොපිටිය (1969–1970)
- L. M. පෙරේරා (1970–1972)
- C. A. S. B. සිල්වා (1972–1973)
- L. M. පෙරේරා (1973–1976)
- K. B. වේරගම (1976–1980)
- A. ඒකනායක (1980–1981)
- R. B. ඒකනායක (1981–1985)
- A. H. ගොඩවිතාරන
- A. ඒකනායක (1986–1990)
- G. K. W. K. ඇටිපොල (1990 - 2015)
- H.M.B.Herath (2015-2016)
- C.N.Hettiarachchi(2016-2018)
- Shashikala Senadheera (2018-2022)
- Gayani Herath (2022-2024)
- Jeewanthi Hewawasam (2024-2025)
- Nimal Kulathunga (2025-present)
නිවාස
[සංස්කරණය]- අයිස්ටයින්
- ලැවොශියර්
- ඩාර්වින්
සමිති සහ සංගම්
[සංස්කරණය]- බෞද්ධ සංගමය
- සාමාන්‍ය දැනීම සංගමය
- චෙස් සංගමය
- විද්‍යා සංගමය
- Episcope මාධ්‍ය එ්කකය
- ACECS තාරකා විද්‍යා සංගමය