රක්ෂණ කරුවාගේ ව්‍ය‍ාපාරික මොඩලය

විකිපීඩියා වෙතින්

රක්ෂණ කරුවාගේ ව්‍ය‍ාපාරික මොඩලය

රක්ෂණ කරුවා දෙවිදියකට මුදල් උපයයි. (1) රක්ෂණය කර මුදල් ඉපයීම - එනම් රක්ෂණ කරුවා විසින් දැරිය යුතු අවදානම හා ඒ සඳහා තමන් විසින් අය කළ යුතු මුලික අයකිරීම සහ (2) ඒ මුදල ආයෝජනය කිරීම යනුවෙනි.

රක්ෂණ ව්‍යාපාරයේ දුෂ්කරම කාර්යය රක්ෂණය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමයි. දත්තයන් රාශියක් ගලපා රක්ෂණකරු විසින් තීරණය කළ යුතු වන්නේ අනාගතයේ සිය වගකීම් වලට එරෙහිව රක්ෂිතයා විසින් කරනු ලැබිය හැකි ඉල්ලීම් කව‍ෙර්ද හා ඒව‍ා සඳහා මිල නියම කිරීම යන කරුණුය.

මේ සඳහා ඔව්හු සම්භාවිතා විද්‍ය‍ාව යොදා අනාගත අවදානමට සරිලන ආකාරයේ මූලික අය කිරීම කළ යුතු ප්‍රමාණය ගණනය කරති.මෙහිදී ලබාදී ඇති අවදානම් අතුරින් අනාගත ගෙවීම් සඳහා ඉල්ලීම් ඇති විය හැකි ප්‍රමාණය ලබා දී ඇති දත්ත ඇසුරින් නියත ලෙස ගණන් බලනු ඇත.සම්භාවිතා විද්‍යාව මගින් සංඛ්‍යා හා අනාගත විය හැකි ආවරණය කර ඇති උපද්‍රව වල වපසරිය දැන ගන්නා අතරම එයින් රක්ෂණ කරුගේ සම්පුර්ණ අනාවරණය දත හැකිය. රක්ෂණ ඔප්පුව අවසාන කිරීමේදී එකතු කර ගන්නා ලද මූලික ගෙවීම් අඩු කොට උපද්‍රව සඳහා කරන ලද ගෙවීම්ද අඩුකොට අවසානයේදී ලාභය ගණන් බලනු ලැබේ. ඇත්තවශයෙන් රක්ෂණ කරු‍ෙග් පැත්තෙන් සාපෙක්ෂකව බලන කල සමහර ඔප්පුහිමියන් ජයග්‍රහනය කර ඇත.( උදා- රක්ෂණ කරු ඔප්පු හිමියාගෙන් මුලික ගෙවීම් හා අය කර ගන්නා මුදලට වඩා වැඩිපුර වියදම් කර ඇත.)

රක්ෂණ කරු රක්ෂණය කිරීමේ ක්‍රියාකාරිත්වය තක්සේරු කරනුයේ ඔහු ගේ රක්ෂණ ආදායම හා උපද්‍රව වලට ගෙවීම් අතර ඇති අනුපාතය මතය. පාඩු අනුපාතය ( ලැබු ශුද්ධ මූලික ‍ඉපයී‍ෙමන් අලාභ ස‍ඳහා ගෙවීම් හා අලාභ සඳහා ගෙවීමට සකස් කර ඇති වියදම් බෙදී‍ෙමන් ගණනය කරනු ලැබේ.) වියදම් අනුපාතයට ( රක්ෂණ වියදම් මුලික මුදල් ආදායමින් බෙදනු ලැබේ.) එකතු කිරීමෙන් සමාගමේ අනුබද්ධිත අනුපාතය තීරණය කරනු ලැබේ. මෙම අනුබද්ධිත අනුපාතය වනාහි ව්‍යාපාරයේ සම්පුර්ණ රක්ෂණ ලාභය පිළිබිඹු කර දක්වන්නකි. 100% අඩු අනුබද්ධිත අනුපාතය ව්‍යාපාරයේ රක්ෂණ ලාභය දක්වන අතර 100% වැඩි අනුප‍ාතය රක්ෂණ පාඩුවක් පෙන්වයි.

රක්ෂණ සමාගම් ආරම්භක මුලධනයෙන්ද ලාභයක් උපයයි. මේ මුදල් ලැබෙන්නේ ආරම්භයේදී මුලික ‍මුදලක් ලබා ගන්නා නමුත් අනතුරු සඳහා මුදල් ඉල්ලීම් නොසිදුවන වි‍ට අත ඉතිරි වන මුදල් නිසාය. මේ නිසා රක්ෂණ සමාගම් සිය මුලික අරමුදල අනතුරු ඉල්ලීම් කරන්නට පෙරම ආයෝජනය කිරී‍මට පෙළඹෙත්. 2003 න් අවසන්වූ වර්ෂ 05 තුළ පමණක් එක්සත් රාජධානියේ දේපල හා අනතුරු රක්ෂණ සමාගම් වල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 142.3 ක් විය. නමුත් ‍එම කාලසීමාවේ දීම අතැති මුදල් ආයෝජනයෙන් එම සමාගම් ලැබූ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 68.4 විය.  හැන්ක් ග්‍රීන්බර්ග් වැනි රක්ෂණ ව්‍යාපාරයේ රැදීසිටින සමහර සමාගම් අතැති මුදලින් ලාභ ඉපයීම සැමදා කළ හැකි කාර්යයක් ලෙස නොසලකති. කෙසේ වෙතත් මේ අදහසට පොදු ‍ව්‍යාපාරිකයෝ එකඟ නොවෙත්. ස්වභා‍වයෙන්ම ආර්ථික වශයෙන් පරිහානියක් පවතින අවස්ථාවක මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම උගහටය. කොටස් වෙළඳ පොල වැටෙතැයි සැකසිතන අවස්ථාවලදි ව්‍යාපාරිකයෝ මෙම අයෝජනය පසෙකලා රක්ෂණ කාර්යයෙන් ලාභ ඉපයීමට පෙළෙඹෙත්. රක්ෂණය සඳහා විශාල මුලික මුදල් ලබාගැනීම දිළිඳු ආර්ථිකයක ලක්ෂණයකි. මෙසේ ලාභ ලැබෙන හා පාඩු ලැබෙන කාලසීමා අතර එහා මෙහා පැද්දීම රක්ෂණ චක්‍රයක් ලෙස හඳුන්වනු ලැබේ.

දේපල හා අනතුරු රක්ෂණ කරුවෝ සිය වාහන රක්ෂණ කාර්යයෙන් ගෙන් වාසි ලබති. සමාන්‍යයෙන් මෙවැනි ව්‍යා‍පාර වලදී වාහන නැතිවීම් හා වෙනත් අනතුරු වලදී පරිගණක ආධාරයෙන් ලැබෙන දත්ත ප්‍රයෝජනයට ගත හැකිවේ. එක්සත් ජනපදයේ ස්වභාවික විපත් නිසා සිදුවන අලාභ ප්‍රමාණය සිත් අවුස්සන සුළුය.

අවසාන වශයෙන් අලාභ සඳහා වන්දි ඉල්ලීම් හා අලාභ සඳහා ගෙවීම් රක්ෂණයේ ද්‍රව්‍යමය වශයෙන් ඇති උපයෝගී භාවයයි. අලාභ ගෙවීම් කාර්යයේදී රක්ෂිතයාගේ තෘප්තිමත් භාවය, මේ කටයුතු සඳහා වැයවන පරිපාලනමය වියදම් මෙන්ම අලාභ ගෙවීමේදී විය හැකි සුළු පාඩු ගැනද රක්ෂණ කලමනාකරණයේදී සැළකිලිමත් වනු ලැ‍ෙබ්. මෙම තුලනය කිරීමේ කාර්යයේ කොටසක් ලෙස ව්‍යාජ රක්ෂණ කරුවන් පහළ වීම රක්ෂණ ව්‍යාපාරයට මහත් අවදානමත් වන බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමට කළමනාකරණය කරගැනීම අවශ්‍යයෙන් කළයුත්තකි.