රක්ෂණ කර්මාන්තය සහ එහි රක්ෂණ කර්මාන්තය සහ එහි අසම්මත භාවිත (Rent Seeking)සම්මත භාවිත (Rent Seeking)

විකිපීඩියා වෙතින්

විවේචකයන් විසින් ඇතැම් රක්ෂණ නිපැයුම් හා භාවිතයන් අසම්මත භාවිත (Rent Seeking) යනුවෙන් පැහැදිලි කර තිබේ. අහිත කර සිද්ධි වලින් ආරක්ෂාව සපයා ගැනීමට අමතරව බදු බර අඩු කිරීම වැනි නීතිමය වාසින් හේතුවෙන් සමහර රක්ෂණ නිපැයුම් හා භාවිතයන් එලෙස හදුන්වනු ලබයි. උදා - එක්සත් ජනපදයේ බදු නීතිය අනුව විචල්‍ය වාර්ෂික (Variable annuities) සහ විචල්‍ය ජීවිත රක්ෂණ (Variable Life Insurance) හිමි කරුවන්ට තම අධි මිල ගෙවීම් කොටස් වෙළෙද පොලෙ හි ආයෝජනය කිරීමට සහ ආපසු ගැනීම් සිදු කරන තුරු ඔවුන්ගේ ආයෝජන මත බදු ගෙවීම කල් දැමීමට හෝ ඉවත් කිරීමට පුළුවන. සමහර අවස්ථා වල පුද්ගලයන්ට මුළු නිෂ්පාදන භාවිතය සදහා බලපාන එකම කාරණය වනුයේ මෙම බදු අන්තරයයි. අනෙක් උදාහරණය වන්නේ ඉඩම් මත අයකරන බදු ගෙවීම සදහා නැවත අයකරගත නොහැකි ජිවිති රක්ෂණ අරමුදල් දරා සිටීමට නීතිමය යටිතල පහසුකම් අවසර දෙන අතරම ඉපැයුම් ඉඩම් මත බදු වලින් නිර්මුක්ත කරන ලබයි.


රක්ෂණ සමාගම් විමර්ශනය[සංස්කරණය]

සමහර පුද්ගලයන් රක්ෂණ සමාගම් මුදල් උපයන ව්‍යාපාරයක් බවත් රක්ෂණය සදහා ඇත්තේ කුඩා ඇල්මක් බවත් විශ්වාස කරයි. රක්ෂණය කිරීමේ අරමුණ ලෙස ඔවුන් තර්ක කරනුයේ, අවධානම විසුරුවා හැරීමයි. ඒ හේතුවෙන් ඉහළ අවධානම් සහිත අවස්ථා භාර ගැනීමට රක්ෂණ සමාගම් වල ඇති අකමැත්ත (ගං වතුර ප්‍රශ්ණයට මුහුණ පෑ හැකි නිවාස, හෝ තරණ රියදුරන්) රක්ෂණ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරයි.

අනෙක් විවේචනයන්හි පහත දෑ අන්තර්ගතය.

  • රක්ෂණ ඔප්පු බොහෝ බැහැර කිරීමේ වගන්ති වලින් යුක්ත වීම (Exclwim clauses) උදාහරණයක් ලෙස සමහර නිවාස රක්ෂණ ගිවිසුම් උද්‍යානයේ තාප්පයට සිදුවන අලාභ හානි ආවරණය නොකරයි.
  • බොහෝ රක්ෂණ සමාගම් අදවන විට ඇමතුම් මධ්‍යස්ථාන භාවිතා කරයි. ඒවායේ සේවක පිරිස පාරිභෝගික ගැටළු වලට පිලිතුරු සැපයීමට උත්සාහ කරන්නේ අත්පත කියවීම මගිනි. විශේෂඥ දැනුම ඇති කෙනෙකු සමග කතා කිරීම මේ හේතුවෙන් අපහසු කර්යයක් වේ.



Reference: http://en.wikipedia.org/wiki/Insurance#The_insurance_industry_and_rent_seeking