යුවාන් රජ පරම්පරාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ජෝජන් ගෝත්රිකයන් ‘ජින් රාජ වංශිකයින් මොංගෝලියානුවන් අතින් පරාජයට පත්වීය . මොවුන්ගේ නාමයන් පින්යින් භාෂාව මගින් ජින් ලෙස උච්චාරණය කෙරේ. මෙම ජයග්රහණයෙන් අනතුරුව මොංගෝලියානුවන් දකුණු සොන්වරු සමග දිගු එමෙන්ම විනාශකාරී යුද්ධයක් ආරම්භ කළ අතර එය අවසානයේදී මොංගෝලියානුවන් ජයග්රහණය කරන ලදී . මෙම යුද්ධය ප්රථම වරට සැලකිය යුතු තරම් වැදගත් ප්රමාණයකට ගිනි අවි භාවිතා වූ යුද්ධයද වේ. මෙම යුද්ධයට පසුව එළඹුණු යුගය තුළ මාර්කෝ පෝර්ලෝ වැනි ගවේෂණ ශීලී බටහිර ජාතිකයන් චීනය වෙත පැමිණ එහි විෂ්මය පිළිබඳ තොරතුරු යුරෝපය වෙත ගෙන යන ලදී. මෙම යුගය පැක්ස් මොංගොලිකා ලෙස හැඳින් වේ. යුවාන් රාජ පරම්පරාව තුළදී මොංගෝලියානු ජාතිකයින් ස්ටෙප්ස් හි රැඳී සිටීමට කැමති වූවන් සහ චීන සම්ප්රධායන්ට අනුගත වීමට ප්රිය කළ පුද්ගලයන් ලෙස කොටස් දෙකකට බෙදුනි.

ජින් ගිස් කාන් ගේ මුණුපුරා වූ කුබ්ලායිඛාන් යුවාන් රාජ පරම්පරාව ආරම්භ කළ අතර චීන සම්ප්රධායන්ට අනුගත වීමට ඔහුට අවශ්යය විය. මෙම රාජ පරම්පරාව බීජිං අගනුවර කොට ගනිමින් සම්පූර්ණ චීනයම පාලනය කළ ප්රථම රාජ පරම්පරාව බවට පත් විය. ක්රි.ව 938 දී යෑංයුං යුගයේ දිස්ත්රික්ක 16 කාල සීමාව තුළදී අගනුවර ලෙස බීජිං වෙනුවට ලියාඕ නුවර භාවිතා විය. නමුත් ඊට පෙර යුගයේ බීජිං නුවර ජින් පරම්පරාවෙන් අගනුවරද වූ නමුත් එම පරම්පරාව මුළු චීනයම පාලනය කළ රජ පරම්පරාවක් නොවීය.

මොංගෝලියානු ආක්රමණයට ප්රථම චීන රාජයයන් තුළ දළ වශයෙන් මිලියන 120 ක ජනතාවක් සිටි බවට වාර්තා වී ඇත. 1279 වර්ෂය වන විට ආක්රමණය අවසන් වූ අතර 1300 පැවති සංගනනය අනුව නව ජනගහනය දළ වශයෙන් මිලියන 60 ක් විය. මේ අතර 14 වැනි සියවසේ වසංගතයක් ලෙස පැතිරුණු මහාමාරිය රෝගය හේතුවෙන් චීන ජනතාවගෙන් 30% ක ප්රතිශතයක් මරණයට පත් වූ බව ඇස්තමේන්තු කොට ඇත.

http://en.wikipedia.org/wiki/History_of_China#Yuan_Dynasty

"https://si.wikipedia.org/w/index.php?title=යුවාන්_රජ_පරම්පරාව&oldid=96972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි