යුද්ධ නැව්

විකිපීඩියා වෙතින්
(යුධ නෞකාව වෙතින් යළි-යොමු කරන ලදි)
tiny globe
USS IOWA යුධ නෞකාවේ අවි බලය

යුධ නෞකා ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර අධික බරකින්ද යුක්ත වේ. සන්නාහ සන්නද්ධ වූ මෙම නෞකා වල, විශාල තුවක්කු සංඛ්‍යාවක් සහිත කාලතුවක්කු කණ්ඩායමක් ඇත. මෙම යුධ නෞකා වල අවිබලය සහ සවිබලය, කෲශර් සහ ඩිස්ට්‍රෝය්‍රර් යාත්‍රා වලට වඩා ඉහළ තත්ත්වයක පවතී. සැම විටම තියුණු බව රඳවා ගැනීමට මෙම යුධ නෞකා වල මෝස්තර, කාලීනව, තාක්ෂණයට අනුකූලව වෙනස් කම් වලට බඳුන් වෙයි. "යුධ නෞකාව" යන අරුත 1974 වර්ෂයේදී පමණ "යුධ නෞකා සේනාව" යන්නෙන් බිඳී ආවකි. 1905 මැයි මස 27 වන දින "සුෂීමා සටන" අතරතුර වැඩියෙන්ම යොදා ගත් නැව් හැඳින්වීමට, යුධ නෞකා යන වචනය යොදා ගන්නා ලදී. මෙම නෞකා පූර්ව "ඩ්‍රෙ(ඩ්)නෝට් නෞකා ලෙස හඳුන්වයි. සුෂීමා සටනින් මාස පහකට පසු, එනම් 1905 ඔක්තෝම්බර් මාසයේදී යුධ නෞකාවල නව වංශ කතාව ආරම්භ විය. 1906 පමණ සිට මෙම යුධ නෞකා ඩ්‍රෙ(ඩ්)නෝට් ලෙස හඳුන්වනු ලැබිණි. යුධ නෞකා, නාවික ආධිපත්‍යයේ සහ ජාතික ශක්තියේ බලසම්පන්න සලකුණක් විය. දශක ගණනාවකට ජාතික හා හමුදාමය මූලයෝපයන්හි ප්‍රධාන සාධකය වීමට මෙම යුධ නෞකා වලට හැකි විය. යුධ නැවු තැනීම සඳහා වූ ගෝලීය අවි තරඟය පලමුවන ලෝක යුද්ධය සඳහා හේතු විය. වර්ෂ 1920-1930 අතර කාලයේදී යුධ නෞකා ප්‍රමාණයෙහි අඩුවක් දක්නට තිබුනද, ඒවායේ වර්ධනය හෝ නවීකරණය වීම පෙරසේම සිදු විය. දෙවැනි ලෝක යුද්ධයේදී, මිත්‍ර පාර්ශවයන් මෙන්ම අක්ස පාර්ශවයන් පැරණි හා අලුත් යුධ නෞකා භාවිත කලහ.

එහෙත් සමහර ඉතිහාසඥයින් සහ නාවික න්‍යායාචාරීන් ඩ්‍රෙ(ඩ්)නෝට් හි වටිනාකම පිළිබඳව ප්‍රශ්න කලහ. ඩ්‍රෙ(ඩ්)නෝට් නෞක වලට වැඩි අවිබලයක් හා සවිබලයක් තිබුනද, මේවා කුඩා හා මධ්‍යම ප්‍රමාණ යුධ නාශක උපක්‍රම වන, ටොර්පිඩෝ, නාවික බෝම්බ, ගුවන් ප්‍රහාර හා ඉලක්කගත මිසයිල වලට පහසුවෙන්ම ගොදුරු වෙයි. මෙම අනතුරු වල ඉහළ යාම නිසා මේවා ක්‍රමයෙන් ගුවන් යානා රැගෙන යන්නන් ලෙස ආදේශනය විය. එක්සත් ජනපද නාවික හමුදාව මඟින් මෙම නෞකා, වෙඩි තැබීම් සහායකයක් ලෙස යොදා ගත්හ. 2006 මාර්තු මාසයේදී අවසාන යුධ නෞකාවද එක්සත් ජනපද නාවික බලගණයෙන් ඉවත් කෙරිණි.

වර්තමානය දක්වා වර්ධනය වී ඇති අයුරු[සංස්කරණය]

Sailing frigate
French paddle frigate Descartes

වර්තමානයේ යුධ නෞකා නිෂ්පාදන කලාවේ යුධ නෞකා අනාවරණය වලක්වන තාක්ෂණ‍නයන් භාවිත වේ. එසේම යුධ නෞකා වල හැඩය නිර්මාණය වන්නේ අවට රේඛා හරස්කඩක් ද හොදින් සුළගට විරුද්ධව ගමන් ගැනීමට හැකිවන අයුරිනි. මෙම නෞකාවල තරණය කිරීමේ හැකියාව රුවල් නැව් වලට සමාන යැයි පවසා තිබේ. ඊට උදාහරණය වන්නේ ප්‍රංශ ලෆැයට් ශ්‍රේණියත් , ඇස්ටර් 15 මිසයිල ප්‍රතිමිසයිල හැකියාව සඳහා සහ ජර්මන් F125 පකිස්තාන් සැශන් පන්තියේ යුධ නෞකාව.

වර්තමානයේ ප්‍රංශ නාවික හමුදාව "යුධ නෞකා" යන පදය යුධ නෞකා මෙන්ම ප්‍රහාරක යුධ නෞකා වලට ද භාවිතා කරයි. මෙහිදී දිග කොඩ් අංක මෙන් කරනු ලබන්නේ, F ශ්‍රේණියේ අංක අන්තර්ජාලය ලෙස යුධ නෞකා ලෙසින් පිලිගත් නැව් වලට ලැබෙන පරිදි සහ D ශ්‍රේණියේ අංක සම්මතයක් ලෙස ප්‍රති ප්‍රහාරක නැව් ලෙස පිළිගත් නෞකාවලට ලැබෙන පරිදිය. මෙය මෙහි එක් ප්‍රතිඵලයක් වන්සේ ළගදී නිපදවුණු සමහර ප්‍රංශ නෞකා පන්ති ලොව විශාලතම යුධ නෞකා ලෙස හඳුන්වනු ලැබීමයි.

ක්‍රිටිසේන් කැන්සන් පංතියේ යුධ නෞකාවක් රේඩාර් සහ තුවක්කු සමඟ

තවද ජර්මන් ‍නාවික හමුදාව තුළ යුධ නෞකා ප්‍රහාරක යුධ නෞකා වෙනුවට භාවිතා කරන ලදී. නමුත් ප්‍රමාණයෙන් හා අරමුණෙන් අලුත් ජර්මන් යුධ නෞකා, ප්‍රහ්‍රරය යුධ නෞකා වලට වඩා විශාල විය. ටොන් 6800 කට විස්ථාපනයක් සහිත අනාගතයේ එළි දක්වන F125 S පන්ති යුධ නෞකා ලොව විශාලම යුධ නෞකා පන්තිය වේ. මෙම අයුරින්ම ස්පාඤ්ඤයේ ‍නාවික හමුදාවේද ඊජිස් යුධ නෞකාව ද F - 100 පන්තියේ යුධ නෞකා භාවිතා කරන ලදී.

සමහරෙක් නව පන්තියේ යුධ නෞකා වෙතින් තත්වයෙන් උපරිම ලබාගත්තේ මේ නිර්මාණය කර ඇත්තේ කුඩා නෞකා සමඟ සටන් වැඳීමට මිස සමාන ප්‍රතිවාදීන්ට එරෙහිව සටන් වදින්නට නොවේ. මීට උදාහරණයක් වන්නේ ඇමරිකානු ලිටොරල් ප්‍රහාර නෞකාව.

"https://si.wikipedia.org/w/index.php?title=යුද්ධ_නැව්&oldid=472291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි