මෝහනයේ බලපෑම
ඉලක්කගත අවධානය
ඇමරිකානු මෝහන විද්‍යා සංගමයේ වෙබ් අඩවිය පවසන පරිදි මෝහනය යනු අන්තර් අවශෝෂණය, ඒකාග්‍රතාවය සහ ඉලක්කගත අවධානය පවත්වා ගැනීමකි.
බොහෝ මෝහන විද්‍යාඥයන් විසින් මෝහනයට ලක් වූවන්ගේ අත්දැකීම් තම පාලනයට නතු කර ගනු ලබයි. මෝහන කාල පරිච්ඡේදයකට පසුව සහභාගී වූවන්ගෙන් අවසාන නිගමනය ඇසූ විට ඔවුන් පැවසුයේ එම අවස්ථාව අමතක බවයි. තවද ඇතැමෙක් පැවසුවේ මෝහන විද්‍යාඥයා වැරදි බව හැඟී ගියද එම අවස්ථාවේ දී මනෝ විද්‍යාඥයකුගේ උපදෙස් පිළිපැදීම පහසු ලෙස හැඟී ගිය බවයි.
(Richard Feynman ඔහුගේ “Surely You’re Joking Mr. Feynman” කෘතියේදී තම මෝහනගත අත්දැකීම් විස්තර කරයි)
මෝහනයේ ගැඹුරු බව
[සංස්කරණය]
කළු ඉංගිරියා ප්‍රතිකය
නෙදර්ලන්ත ජාතික මෝහන විද්‍යාඥ කාල් සෙප්ටස්ගේ මෝහනය පිළිබඳ ගුප්ත රහස් ප්‍රකාශනයේ කළු ඉංගිරියාවේ ප්‍රතික ක්‍රියාව මෝහනයේ දී සිදු නොවන බව සඳහන් වෙයි. විශේෂයෙන්ම මෝහනයට පත් පුද්ගලයාගේ ඇස් ඇරීමට උපදෙස් දී දීප්තිමත් ආලෝකයක් ඇසට යොමු කළ විට කළු ඉංගිරියාව සංකෝචනයට පත් නොවේ. මෝහන විද්‍යාඥයින් පුද්ගලයින් මෝහනයට පත් කිරීමට ඇතැම් ඉඟියන් යොදා ගත්ත ද ඇස් සම්බන්ධ ඉඟි , දෘෂ්ටි ඉලක්කයන්, ආලෝකය , සහ කළු ඉංගිරියාවේ සංකෝචන හා ප්‍රසාරණය සම්බන්ධ වන ඉඟියන් යොදා ගැනීම නොකළ යුතුමය.
සටහන්
[සංස්කරණය]
| Hypnosis General_effects |