Jump to content

මොන්ට්රියල් සම්මුතිය

විකිපීඩියා වෙතින්

ඕසෝන් ස්ථරය හායනය කරන ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්රියල් නියමාවලිය යනු ඕසෝන වියන ආරක්ෂා කිරීම අරමුණු කරගත් අන්තර්ජාතික ගිවිසුමකි. මෙමගින් ඕසෝන හායනය සඳහා දායක වන ද්‍රව්‍යයන් ගණනාවක් නිෂ්පාදනය කිරීම ක්‍රමයෙන් අත් හිටුවනු ලැබීය. මෙයට 1987 සැප්තැම්බර් 16 වැනිදා අත්සන් කෙරෙනු ලැබුනු අතර, 1989 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාවට නැංවුනි. ඉන් පසු එය කිහිපවතාවක්ම සංශෝධන සහ සීරුමාරු කිරීම් වලට ලක් වූ අතර, 1990 (ලන්ඩන්), 1992 (කෝපන්හේගන්), 1995 (වියෙනා), 1997 (මොන්ට්රියල්), 1999 (බීජිං), 2007 (මොන්ට්රියල්), 2016 (කිගාලි) සහ 2018 (කිතෝ) යන වර්ෂවලදී එම සංශෝධනයන්ට එකඟතාව ලැබුනි. මෙම සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස ඇන්ටාක්ටිකාවට ඉහලින් ඇති ඕසෝන් සිදුර ක්‍රමයෙන් ප්‍රතිස්ථාපනය වෙමින් පවතී. දේශගුණ ප්‍රක්ෂේපණ වලට අනුව 2040 වන විට ලෝකයේ බොහෝ ප්‍රදේශ වලත්, 2066 වන ඇන්ටාක්ටිකාවේත්, ඕසෝන වියන එය 1980 හි තිබූ තත්ත්වයටම පත්වනු ඇත. ලොව පුරා රටවල් ගණනාවක් විසින් එකඟතාවකට පැමිණ ක්‍රියාත්මක කිරීම නිසා මෙම ගිවිසුම සාර්ථක අන්තර්ජාතික සහයෝගීතාවකට උදාහරණයක් ලෙස ප්‍රශංසාවට ලක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් කොෆී අනාන් ප්‍රකාශ කළේ "අද වෙන තුරු [ක්‍රියාවට නංවනු ලැබූ] සාර්ථකම ජාත්‍යන්තර ගිවිසුම මොන්ට්රියල් නියමාවලිය" බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=මොන්ට්රියල්_සම්මුතිය&oldid=733179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි