මොනරාගල රාජකීය විද්‍යාලය
| මොනරාගල රාජකීය විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
![]() | |
මොනරාගල අධ්‍යාපන කලාපය , , | |
| ඛණ්ඩාංක | 6°51′37″N 81°20′26″E / 6.8601762°N 81.3405264°E |
| තොරතුරු | |
| පාසල් වර්ගය | ජාතික පාසල |
| ආදර්ශ පාඨය | शील पञ्ञं वड्ढेमा
ශීල පඤ්ඤං වඩ්ඪේමා ගුණ නැණ වඩමු English: Let virtue and knowledge grow |
| ආගමික සබැඳියා(ව) | බෞද්ධ |
| ආරම්භ කලේ | 1969 මාර්තු 15; වරස 57කට පෙර |
| අධ්‍යාපන අධිකාරිය | අධ්‍යාපන අමාත්‍යාංශය |
| විදුහල්පති | චමින්ද අත්තනායක |
| ගුරුවරු | 150+ |
| ශ්‍රේණි | 1 සිට 13 දක්වා |
| බාලක/බාලිකා | පිරිමි හා ගැහැණු |
| වයස් පරාසය | 6 සිට 19 දක්වා |
| සිසුන් ගණන | 3000+ |
| භාෂාව | සිංහල ඉංග්‍රීසි |
| වර්ණ(ය) | නිල් සහ රන් |
| පාසල් ගීතය | ළහිරු වෙමින් පිබිදෙන අරුණේ... |
| Alumni | Uva royalists / Shakyans (ශාක්‍යන්ස්) |
මොනරාගල රාජකීය විද්‍යාලය හෙවත් ඌව රාජකීය විද්‍යාලය යනු ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජාතික පාසලකි. මෙය මොනරාගල අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති අතර වර්ෂ 1969 දී ආරම්භ වූ මෙම විද්‍යාලය, ජාතික පාසලක් ලෙස ශ්‍රී ලංකා මධ්‍යම රජය මගින් පාලනය කරනු ලබයි.
ඉතිහාසය
[සංස්කරණය]වර්ෂ 1969ක් වූ මාර්තු මස 15 වන දින ඌව රාජකීය විද්‍යාලයේ ආරම්භය සනිටුවහන් විය. ඒ එවකට නාමය වූ 'හුලන්දාව නව කණිටු විදුහල' ලෙසිනි. පාසල ආරම්භයේදී එක් ගොඩනැගිල්ලක් හා කුඩා ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ අතර මෙම පාසල ආරම්භ කිරීමට මූලිකම හේතුව වූයේ එවකට මොනරාගල කච්චේරියේ සේවයට පැමිණි අයගේ දූ දරුවන්ට අධ්‍යාපන අවස්ථා පහසුකර දීම සදහාය. එම නිසා ආරම්භයේ සිටම දිස්ත්‍රික්කයේ ප්‍රභල අවධානයක් පාසලට නිතැතින්ම හිමි විය. ප්‍රථම විදුහල්පති තුමා වූයේ P.S රණතුංග මහතාය.
පාසල වර්ධනයත් සමගම එය ශිෂ්‍ය හා ගුරු සංඛ්‍යාව පුළුල් කර ගනිමින් වර්ථමානයේදී තුන් දහසකට වඩා වැඩි ශිෂ්‍ය හා එකසිය පනහකට වැඩි ගුරු සංඛ්‍යාවක් සමග දිස්ත්‍රික්කයේ ඉහළම ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාව සහිත පාසල බවට වර්තමානයේ දී ඌව රාජකීය ජාතික පාසල පත්ව තිබේ. මෙම කෙටි කාලීන පුළුල් වර්ධනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පැරණි පාසල් පසු කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා බවට වර්ථමානයේ පත්ව තිබේ. මෙම වර්ධනයත් සමගම හුලන්දාව කණිටු විදුහල 1993 වසරේදී මොනරාගල රාජකීය විද්‍යාලය ලෙසත් පසුව මොනරාගල Royal college ලෙස නම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මධ්‍යම රජය මගින් පාලනය වන ජාතික පාසලක් බවට උසස් කරන ලදී. එ අනුව වර්ථමානයෙ දී දිස්ත්‍රික්කයේ ඉහමළ ශිෂ්‍ය හා පහසුකම් වලින් සුසැදි පාසල් කිහිපයෙන් එකක් බවට ඌව රාජකීය විද්‍යාලය පත්ව තිබේ.
ඌව රාජකීය විද්‍යාලයේ විද්‍යාලීය ගීතය වූ "ළහිරු වෙමින් පිබිදෙන අරුණේ..." ගීතය නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රවීණ ගේය පද රචකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා පද රචනයෙන් ද, ලලිතා අලහකෝන් මහත්මිය තනු නිර්මාණයෙන් ද දායක වී ඇත.
තවද රාජකීය විද්‍යාලයේ සංස්කෘතිය සතු ප්‍රධානම ලක්ෂණයක් වන්නේ ගුරුවරියන් සුදු සාරිය සිය ඇදුම ලෙස භාවිතා කරන ලංකාවෙ එකම පාසල වීමයි. මෙය දශක ගනනාවක් තිස්සේ පාසලේ ආරම්භයේ සිටම පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරයි.[1]
මෙය ඉදිරියේදී නිළ වශයෙන්ම 'ඌව රාජකීය විද්‍යාලය' ලෙස නම් කිරීමට යෝජනා වී ඇති අතර එමගින් විද්‍යාලයේ අනන්‍යතාවය තවත් නිවැරදිවම පිළිඹිබු කල හැකිය.
පහසුකම්
[සංස්කරණය]රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ඉහළම පහසුකම් සහිත පාසල් කිහිපය අතරින් එකකි. විද්‍යාලය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය හා උසස් පෙළ අංශයෙන් සමන්විත වේ. වාර්ශිකව පාසලෙන් 400+ පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර එය මොනරාගල දිස්ත්‍රික්කයේ පාසලකින් පෙනී සිටින ඉහළම සංඛ්‍යාව වේ. පාසල උසස් පෙළ විද්‍යාගාර පහසුකම් (ජීව විද්‍යාගාරය, භෞතික විද්‍යාගාරය හා රසායන විද්‍යාගාර) හා ද්විතීයික පාසල් විද්‍යාගාරයකින්ද සමන්විත වේ. තාක්ෂණ ගොඩනැගිල්ලක් හා කලා ගොඩනැගිල්ලක්ද විද්‍යාලය සතුය. තාක්ෂණ විද්‍යාගාර, කෘෂි විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, දන්ත විද්‍යාගාරය, ප්‍රථමාධාර ඒකකයකින්ද පාසල සමන්විත වේ. තවද ශ්‍රවණාගාර, පුස්තකාල, භෝජනාගාර හා සමූපකාර පහසුකම් වලින් හා ශිෂ්‍ය බැංකු පද්ධතියක්ද පාසල සතුය. පාසල සතුව පාසල් බස් රථ හා වාහන රථාංගනයක්ද ඇත. චිත්‍ර, නැටුම්, සංගීත, රංගකලා හා සාහිත්‍ය ඒකකයන්ද පාසල සතුය. තවද දිස්ත්‍රික්කයේ හොදම පෙරදිග හා බටහිර තූර්‍යවාදන කණ්ඩායම් වලින්ද පාසල සමන්විත අතර විශේෂයෙන් දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් සතුව නොමැති විශාල ක්‍රීඩා පහසුකම් පුමාණයක්ද පාසල සතුය. එම නිසා එම පහසුකම් විශේෂයෙන් රාජකීය පාසල් සිසුන් සදහා පමණක් නොව දිස්ත්‍රික්කයේ අනෙක් පාසල් සිසුන් සදහාද විවෘතව පවතී. මොනරාගල රාජකීය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය යනු දිස්ත්‍රික්කයේ ශක්තිමත්ම පාසල් මාධ්‍ය ඒකකයද වේ.
නිවාස හා ක්‍රීඩාව
[සංස්කරණය]ඌව රාජකීය විද්‍යාලය නිවාස හතරකින් සුසැදි අතර එම නිවාස නියෝජනය කරමින් වසර හතරකට වරක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. එහෙදී ජයග්‍රාහක නිවාසයට වර්ණ හා කුසලාන ප්‍රධානයද දක්ෂතා දැක්වූ සිසුන් සදහා සහතික පත් හා පදක්කම් පිරි නැමීමද සිදුවේ. මෙම නිවාස නම්,
තවද විශේෂයෙන් ඌව රාජකීය විද්‍යාලය හා මොනරාගල මහානාම විද්‍යාලය අතර 2008 වසරේ සිට වාර්ශිකව පැවැත්වෙන Battle of the Mayurens හෝ Battle of the wellassa brotherhood ලෙස හැදින්වෙන ක්‍රිකට් තරගාවලිය ප්‍රදේශයේ පාසල් අතර පැවැත්වෙන උත්කර්ෂවත්ම ක්‍රීඩා සැනකෙළියයි.[2]
මීට අමතරව පාසල ප්‍රධාන වශයෙන් මොනරාගල කලාප තරග, දිස්ත්‍රික් තරග හා පලාත් තරග සදහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි. ඌව රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහන සහිත මොනරාගල ප්‍රධානම පාසල් අතරින් එකකි.
2024 වර්ශයේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්තානයේදී (NCC Training Center,Rantambe)මොනරාගල දිස්ත්‍රික්කයේ පළමු වැනි තැන මෙන්ම ඌව පළාතේද පළමු තැන දිනා ගැනීමට ඌව රාජකීය විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම සමත් විය. එමෙන්ම පළාතේ අධ්‍යාපන පෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින්ද ප්‍රමුඛතම පාසල් අතර පවතින රාජකීය විද්‍යාල ජාතික මට්ටමේ විශාල ජයග්‍රහණ රැසකටද උරුමකම් කියනු ලබයි.
ආදි විදුහල්පතිවරුන්
[සංස්කරණය]- P.S. රණතුංග මයා
- H.M.ෆොන්සේකා මයා
- E.S.දිසානායක මයා
- H.M.ෆොන්සේකා මයා
- J.A.විසිදාගම මයා
- E.සූරියගේ මිය(1971- 1985)
- W.A.D.E.P. ද සිල්වා මිය (1985)
- D.P.දහනායක මයා (1985- 2001)
- P.G.ප්‍රේමදාස මයා (2001- 2003)
- D.M.ධර්මදාස මයා(2003- 2008)
- G.D.S.B.ගුණසේකර මයා(2008- 2012)
- පූජ්‍ය උල්ලාපොල චන්දානන්ද හිමි(2012- 2013)
- R.M.S.ජයසේකර මයා (2013- 2021)
- චමින්ද අත්තනායක මයා(2021- Present)
ඡායාරූප
[සංස්කරණය]







මූලාශ්‍ර
[සංස්කරණය]https://lankaleader.com/lankaleader/page/10?post_id=17705
- ↑ [(https://lankaleader.com/) [permanent dead link]
- ↑ [(https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/) [permanent dead link] Royal College Monaragala vs Mahanama NS - Scorecard] - CricHeroes.com
