Jump to content

මොනරාගල මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලය, මොනරාගල හෙවත් මහානාම මධ්‍ය මහා විද්‍යාලය(MCC) යනු ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසලකි. 1907 වසරේ දී ආරම්භ වූ මෙම විද්‍යාලය මධ්‍යම රජය මගින් පාලනය කරනු ලබන ජාතික පාසලකි.

මොනරාගල මහානාම විද්‍යාලය
ස්ථානය
Map
මොනරාගල, ශ්‍රී ලංකාව

මොනරාගල අධ්‍යාපන කලාපය

, ,
ඛණ්ඩාංක6.877304,81.348075 6°52′38″N 81°20′53″E / 6.877304°N 81.348075°E / 6.877304; 81.348075
තොරතුරු
වර්ගයජාතික පාසල
ආදර්ශ පාඨයपञ्ञा नराणं रतनं පඤ්ඤා නරානං රතනං
ආගමික සබැඳියා(ව)බෞද්ධ
ආරම්භ කලේවර්ශ 1907, වසර 119කට පෙර
අධ්‍යාපන අධිකාරියඅධ්‍යාපන අමාත්‍යාංශය
ගුරුවරු120+
ශ්‍රේණි1 සිට 13 දක්වා
බාලක/බාලිකාපිරිමි හා ගැහැණු
සිසුන් ගණන2700+
භාෂාවසිංහල ඉංග්‍රීසි
වර්ණ(ය)රතු සහ කහ
        

ඉතිහාසය

[සංස්කරණය]

මොනරාගල මහානාම විද්‍යාලය 1907 වසරේදී ආරම්භ කරන ලද්දේ පාසලට ඉදිරිපසින් පිහිටි ශ්‍රී සුධර්මානන්ද විහාරයට අයත් භූමියකය. එකල ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබීම සඳහා වෙනත් කිසිදු පාසලක් නොපැවති අතර, බ්‍රිතාන්‍ය පාලන සමයේ වැල්ලස්ස ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපනය කෙරෙහි එතරම් අවධානයක් යොමු වී නොතිබුණි.

පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ පූජ්‍ය ඔබ්බේගොඩ තන්හංකර ස්වාමීන් වහන්සේය. ආරම්භයේදී පිරිවෙනක් ලෙස පවත්වාගෙන ගිය මෙම ආයතනය, පසුව සාමාන්‍ය සිසුන්ටද අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පරිදි විවෘත විය. 1907 සිට 1925 දක්වා කාලය තුළ පාසල ශ්‍රී සුධර්මානන්ද විහාරයට අයත් භූමියේ පවත්වාගෙන යන ලදී.

පසුව ශ්‍රී අනගාරික ධර්මපාලතුමා සහ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ව්‍යාපෘතියක් යටතේ, විහාරමුල්ලේ පිහිටි ඊ. මාටින් කොරාල මහතාට අයත් පෞද්ගලික ඉඩමක පාසල ස්ථාපිත කරන ලදී. 1925 වසරේදී මෙය රජයේ මිශ්‍ර පාසලක් ලෙස උසස් කෙරුණු අතර, ඒ වන විට විදුහල්පතිවරයා ලෙස ඒ. එච්. වී. අත්තනායක මහතා කටයුතු කර ඇත. එකල සිසුන් 50 දෙනෙකු පමණ ඉගෙනුම ලැබූ අතර ඔවුන් පොල් අතු සෙවිලි කළ ශාලාවල අධ්‍යාපනය ලබා ඇත.

පෞද්ගලික ඉඩමක පැවති බැවින්, පසුව වර්තමාන ප්‍රාථමික විද්‍යාලය පිහිටි ස්ථානයට පාසල ගෙන යන ලදී. 1944 අප්‍රේල් 28 දින වාර්තාවලට අනුව එස්. ඒ. ජයසේන මහතා විදුහල්පතිවරයා ලෙස සඳහන් වේ. අවසානයේදී, 1960 වසරේදී පාසල වර්තමානයේ පිහිටි ස්ථිර භූමියට ගෙන යන ලද අතර, එම කාලයේදී මහා විද්‍යාලයක් ලෙස උසස් වී ද්විතීයික පන්ති ද ආරම්භ විය. එහි ප්‍රථම විදුහල්පතිවරයා ලෙස වන්දුරාගල මහතා කටයුතු කර ඇත.

එම කාලවකවානුවේදී මොනරාගල මධ්‍ය මහා විද්‍යාලය ලෙස හැඳින්වුණු මෙම විද්‍යාලය, පසුව මොනරාගල මහානාම විද්‍යාලය ලෙස නම් කරන ලදී. පසුකාලීනව ජාතික පාසලක් දක්වා උසස් කෙරුණු මෙම විද්‍යාලය, වර්තමානයේ ශ්‍රී ලංකා මධ්‍යම රජය මගින් පාලනය කරනු ලබයි. දැනට මොනරාගල දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම සිසුන් සංඛ්‍යාවක් සහිත පාසල වන මෙය, දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පාසල් කිහිපය අතරින් එකකි.

ක්‍රීඩාව

[සංස්කරණය]

පාසලේ සිව් වසරකට වරක් පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙල පාසලේ ප්‍රධානම ක්‍රීඩා උත්සවයක් වේ.

පාසලේ විශේෂම ක්‍රීඩා උත්සවයන් වලින් එකක් වනුයේ මොනරාගල රාජකීය විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර 2008 වසරේ සිට වාර්ශිකව පැවැත්වෙන Battle of the Mayurens හෝ Battle of the Wellassa brotherhood ලෙස හැදින්වෙන ක්‍රිකට් තරගාවලිය වේ. මෙය ප්‍රදේශයේ පාසල් අතර පැවැත්වෙන උත්කර්ෂවත්ම ක්‍රීඩා සැනකෙළියයි.

2024 වර්ශයේ දී රැන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී (NCC Training Center,Rantambe) පැවති තරගයේදී මොනරාගල මහානාම පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයද ඌව පළාතේ හතර වන තැනද ලබා ගනිමින් ඌව පළාතේ හොදම පාසල් කිහිපය අතරින් එකක් වේ. තවද මහානාම විද්‍යාලය පළාත් ජයග්‍රහණ වලට අමතරව ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක්ද ලබාගෙන ඇති දිස්ත්‍රික්කයේ පාසල් කිහිපය අතරින් එකකි.

ඡායාරූප

[සංස්කරණය]
ප්‍රධාන බුදු මැදුර
විද්‍යාල ප්‍රධාන පිවිසුම
ප්‍රධාන ගොඩනැගිල්ල
පිහිනුම් තටාකය

මූලාශ්‍ර

[සංස්කරණය]