මොනරා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මොනරා
කාලීන ව්‍යාප්තිය: 3–0 Ma
පසුකාලීන ප්ලියෝසීන – මෑතකාලය
Peacock Plumage.jpg
ඉන්දියානු මොනරා පිල්විදහා සිටින අයුරු. දිගැටි ඉහළ වලිග ඇවිරි මගින් ඉන්දියානු මොනරාගේ පිල් කළඹ සෑදේ.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
කුලය: Phasianidae
උපකුලය: Phasianinae
විශේෂය

Pavo cristatus
Pavo muticus
Afropavo congensis

මොනරා ආසියාතික පක්ෂි විශේෂ දෙකක් (ඉන්දියාව හා ශ්‍රී ලංකාවෙන් පැවතගෙන එන්නාවූ නිල් නැතහොත් ඉන්දීය මොණර (Pavo cristatus) සහ මියන්මාරය, ඉන්දු චීනය ,ජාවා ආශ්‍රිතව ජිවත් වන  හරිත මොණරුන්) සහ අප්රිකානු විශේෂ එකක් (කොංගෝ ද්‍රෝණියට පමණක් ඒක දේශික වන මොණරුන්) ඇතුළත් වේ. මෙම අප්‍රිකානු විශේෂය සහ ඔවුන්ගේ සගයන්, පිරිමි සතුන්ගේ ගේ විදින ඇමතුමක් හා, ආසියාතික විශේෂ අතර පිරිමි සතුන් නිදහසේ තම වලිගය(මොණර පිල) විදහා දැක්වීම මගින් රහසිගත පිහාටු ප්‍රදර්ශනය කර එමගින් විවාහ ඇසුරකට ආරාධනා කිරීම සිදු කරති. "මොනරා" යන නාමය පිරිමි සතුන් සඳහා භාවිත වන අතර "සෙබඩ" යනුවෙන් ගැහැණු සත්වයාව හඳුන්වයි.

මෙම මොණරුන් හට "iridescent"(කොළ නිල) වර්ණයක් පැවතීම සහ අලංකාරවත් වලිගයක් (පිල් කලබක්) පැවතීම පුළුල් විද්යාත්මක විවාදයට විෂය වී ඇත. චාර්ල්ස් ඩාර්වින් අදහස් කරන පරිදි  මොණරුන් ඔවුන්ගේ ස්ත්‍රී වර්ගයා ආකර්ෂණය කර ගැනීම සඳහාත් ලිංගික වශයෙන් තෝරා ගැනීම් සිදු කර ගැනීම සඳහාත් ඔවුන්ගේ විචිත්‍රවත් ලක්ෂණ ප්‍රයෝජනයට ගනී. වඩාත් මෑතක දී, අමොට්ස් Zසඅහවි ඔහුගේ ප්‍රතිබන්දන නියාය මගින් යෝජනා කල පරිදි මෙම විචිත්‍රවත් හැඩහුරුකම් මොනරුන්ගේ ශක්තිය පෙන්නුම් කරන අවංක ලක්ෂණ වන අතර අඩු වශයෙන් ශක්තිමත් මොණරුන් හට එමගින් කැපී පෙනෙන ව්‍යූහයක් සමඟ නොනැසී පැවැත්මේ දුෂ්කරතා සහ වරප්ප්‍රසාද අහිමි වේ.   

පිල් කළබ[සංස්කරණය]

ඉන්දියානු මොණර විශේෂයේ හිස සහ ගෙල (Pavo cristatus)
ඉන්දියානු ඇලි මොනරෙක්

ඉන්දියානු මොණරුන් හට නිල් සහ කොළ වර්ණයන්ගෙන් සැදුම් ලත් (iridescent) පිල් කලබක් පවතී. මෙම මොනරුන්ගේ වලිගය පිල් කලබ ලෙස හදුන්වනු ලැබේ,මෙම වලිගය කුයිල් (quill) නම් වූ පිහාටු වලින් පමණක් සෑදී නොමැති අතර බෙහෙවින් දිගටි පිහාටු  කොටසකින් ද ආවරණය වී පවතී. මොණරුන්ගේ පිල් කලබ විදහා පෑම ඉතාමත් අලංකාරවත් දර්ශයක් වේ. සෑම මොණර විශේෂයකම ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම මොණරුන් හට හිස මුදුනේ ලාංඡනයක් පවතී. ඉන්දියානු සෙබඩුන්ගේ පිහාටු තද අළු, දුඹුරු සහ කොළ වර්ණ වලින් සැදුම්ලත් වේ. සෙබඩුන්ද ඔවුන්ගේ පිහාටු සෙබඩුන් අතර තරඟ වලදී මෙන්ම අනතුරු සංඥා ලෙස ද භාවිතා කරති. 

හරිත මොණරුන් ඉන්දියානු මොණරුන්ගෙන් වෙනස් වන්නේ ඔවුන්ගේ ඇති කොළ සහ රන්වන් පැහැති පිහාටු වලිනුත් කළු පැහැති පියාපත් වලිනුත්ය. තවද ඉන්දියානු මොණරුන් සහ සෙබඩුන් පෙනුමෙන් අසමාන නමුත් හරිත සෙබඩුන් හරිත මොණරුන් පෙනුමෙන් වෙනස් වනුයේ සෙබඩුන්ගේ කෙටි ඉහළ වලිගය, වඩාත් තඹවන් ගෙල සහ නිල් කොළ වර්ණය (iridescence) සමස්ත වශයෙන් අඩු වීමත් පමණකි.  

කොංගෝ(Congo) මොණරුන් ඔවුන්ගේ රහසිගත පිහාටු ප්‍රදර්ශනය නොකරයි, නමුත් ඔවුන් විවාහයක් සදහා ඇරයුමක් කරද්දී පමණක් ඔහුගේ සැබෑ වලිගය විදහා පායි. මෙම පිහාටු, ඉන්දියානු හා හරිත මොනර විශේෂ වලට වඩා බෙහෙවින් කෙටි වේ. ඉන්දියානු සහ අප්රිකානු විශේෂ වල සෙබඩුන් අඳුරු අළු හෝ දුඹුරු වේ.

සියලු විශේෂ වල ස්ත්රී පුරුෂ දෙවර්ගයේම පැටවුන්ගේ වර්ණයක් ස්ථිරවම කිව නොහැකි අතර, ඔවුන්ගේ වර්ණ කහ,පිංගල,තද දුඹුරු, ලා දුඹුරු, අපිරිසිදු සුදු වර්ණය සහ ඇත් දළ පාට අතර විචලනය වේ.

කලාතුරකින් සුදු පැහැති පිහාටු ඇති මොණරුන් දක්නට ලැබේ. එසේම ඇළි මොණරුන්ද ජිවත් වන අතර ඔවුන් තරමක් දුර්ලභ වන අතර තනිකරම පාහේ සුදු මොණරුන් නැත සිටීනම් ඔවුන් ඇළි මොණරුන් වේ. ඇළි  මොණරුන් හට ලේයුසිස්ම්" leucism" යන ජාන විකෘතිතව පවතී. එම නිසා ඔවුන්ගේ පිහාටු වල වර්ණක අඩු වේ. නමුත් වෙනස්කම් බැලීමේදී සැබෑ ඇළි මොණරුන් හට මෙලනින් සම්පුර්ණයෙන්ම නොමැති අතර එමනිසා ඔවුන්ට සුදු පැහැති පිල් කලබක් පවතී. "Leucistic" වර්ගයේ මොණර පැටවුන් කහ පැහැති වන අතර ඔවුන් පරිණත වූ පසු සම්පුර්ණයෙන්ම සුදු පැහැති වේ.

වර්ණයන්[සංස්කරණය]

බොහෝ කුරුල්ලන් මෙන්, දීප්තිමත් දේදුනු පැහැ පිහාටු වර්ණ මූලික වශයෙන් වර්ණක නොවන නමුත් ව්යුහාත්මක වර්නයකි. ප්‍රකාශ මැදිහත් බ්රැග් පරාවර්තන නිතිපතා ආවර්තිත පිච්ජිකාංග මත පදනම් වන පිහාටු මොනරුන්ගේ වර්ණ නිපදවයි.

පරිණාමය හා විරුද්ධ ලිංගිකයන් තෝරා ගැනීම[සංස්කරණය]

චාර්ල්ස් ඩාර්වින් සිය "ඔන් ද ඔරිජින් ඔෆ් ස්පිසිස්" (On the Origin of Species) ග්‍රන්ථයේ මුලින් ඉදිරිපත් කරන ලද සිද්ධාන්තයට අනුව  මොනරුන්ගේ පිල් කළඹ ලිංගික වශයෙන් තෝරාගැනීම් සිදු කරන විට භාවිතා කල හැකි පරිදි විකාශනය වී ඇත. මෙම අදහස ඔහුගේ දෙවන ග්‍රන්හය වන "The Descent of Man and Selection in Relation to Sex" හි දැක්වේ.

මොණරුන් සංසර්ගයේ යෙදීමේදී එකිනෙකාගේ අවයව මත බලය යොදයි.[1] .සාමාන්‍යයෙන් ඩිම්බ ශුක්‍රානු වලට වැඩ විශාල වන අතර සෙබඩුන් මොනරුන්ට සාපේක්ෂව අඩු වශයෙන් ඩිම්බ නිපදවයි. එමනිසා ඩිම්බ විශාල ආයෝජනයක් වේ. තවද එම හේතුව නිසා සෙබඩුන් සිය කාලත්රයාගේ ලක්ෂණ සිය පැටවුන්ට හිමි වනවාට අකමැත්තක් දක්වයි. සෙබඩුන් සාර්ථකව ප්‍රජනනය කරන අතර පැටවුන්ගේ පැවැත්මෙන් කොටසක් මොනරාගේ ජාන මත රඳා පවතී.[2] 

සෙබඩුන්ගේ තෝරා ගැනීම[සංස්කරණය]

සෙබඩුන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිදු කරන ප්‍රදර්ශනය

සෙබඩුන්ගේ තෝරාගැනීම පිළිබඳව විවිධ වූ කල්පිත ඉදිරිපත් වී තිබේ. මෙයින් සමහරක් යෝජනා කරන පරිදි මෙමගින් සෙබඩුන්ට, ආරක්ෂාව රැකවරණය වැනි වාසි අත් වේ. තවත් කල්පිතයක දැක්වෙන පරිදි සෙබඩුන්ට වඩා හොද මට්ටමේ ජාන සහිත එනම් ශරීරයෙන් විශාල දීප්තිමත් මොණර පිලක් හිමි මොණරෙකු තෝරා ගත හැකිය. මෙම වැදගත් ජාන සෙබඩාගේ පැටවුන්ට පිහිටීම වාසි සහගත වේ. එසේම ඇයගේ ශක්තිමත් භාවයට සහ ප්‍රජනනය සාර්ථකව කර ගැනීමට එය වැදගත් වේ.[3]

ස්වාභාවික වරණය[සංස්කරණය]

මොනරුන්ගේ පිල් කලඹ, උච්ච ස්වරය සහ  නිර්භීත හැසිරීම් ඔවුන්ව ස්වභාවික තෝරා ගැනීමට (ලිංගික වශයෙන් තෝරාගැනීමට නොවේ), සහ විලෝපිකයන් හා ප්රතිවාදීන්ගේ බිය ගැන්වීම සඳහා අපසංඥාකාර ප්‍රදර්ශනයක් ලෙසද භාවිතා වේ.[4]

පිහාටු වර්ණ මගින් ආකර්ෂණය කර ගැනීම්[සංස්කරණය]

මොණර පිල් කළඹේ ඇසක්

මොනරෙකුගේ ප්‍රජනනය කිරීමේ සාර්ථකත්වය රදා පවතින්නේ ඔහුගේ පිල් කලබේ "ඇස්" වල වර්ණයන්" සහ පිල් කළඹ ප්‍රදර්ශනය කිරීමේ කෝණය අනුවය. රොස්ලින් ඩකින් සහ රොබර්ට් මොන්ට්ගොමේරි, මොණරුන්ගේ පිහාටු වල ඇස සෙබඩුන්ට තෝරාගැනීම් සිදු කරගැනීමේදී බෙහෙවින් වැදගත් වන දක්වා ඇත.[5]

මොණර නාදය[සංස්කරණය]

සෙබඩුන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රාථමික ක්‍රමයක් ලෙස මොණර නාදය හැදින්වේ . සමහර අධ්‍යනයන් යෝජනා කරන පරිදි මෙම මොණර නාදය එක්තරා ගීතයක් බවත් එයින් සෙබඩුන්ගේ සිත් බැඳ ගන්නා බවත් දැක්වේ..[clarification needed][6]

හැසිරීම[සංස්කරණය]

මොණරුන් වනාන්තර ආශ්‍රිතව වෙසෙන සතුන් වන අතර ඔවුන් භුමියෙහි කැදලි තනන නමුත් ඔවුන් ගස් මත ලගී. ඔවුන් භෞමික පෝෂකයන් වේ. සෑම වර්ගයකම මොණරුන් බහු විවාහික(බහු යෝගික)වේ.මොණරුන් සිය අන්තර් විශේෂ අතර සටන් වලදී සිය පාද වල ඇති කටු භාවිතා කරති. 

ආහාර[සංස්කරණය]

හරිත මොනරෙක්(Pavo muticus)

මොණරුන් සර්වභාක්ෂක වන අතර පැළෑටි කොටස්, මල් පෙති, බීජ, කෘමීන් සහ අනිත් ආත්රපෝඩාවන්, උරගයන්, හා උභය ජීවින් ආහාරයට ගනී. කැලෑබද මොණරුන් හිරු නගින විට සහ හිරු බැස යන විට කොළ රොඩු අවුස්සමින් ඔවුන්ගේ අහාර සොයා ගනී. ඔවුන් දෛනික උණුසුම් අවස්ථා වල සෙවණවල් සහ ලී කොට වල ආරක්ෂාව ලබා ගනී. මෙම පක්ෂීන් ඔවුන්ගේ හොටට ගැලපෙන සහ දිරවන ඕනෑම දෙයක් ආහාරයට ගන්නා අතර අහාර පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් නොවේ. ඔවුන් ක්‍රියාකාරී ලෙස කුබින් වෙයන් ආත්රෝපොදවන් සහ කුඩා ක්ෂීරපායි සතුන් දඩයම් කර ආහාරයට ගනී.[7]

ගෘහාස්රිත මොණරුන් පාන් බඩ ඉරිගු චීස් පිසූ බත් සහ සමහරුන් බළලුන් සදහා විශේෂිත අහාර පවා ආහාරයට ගනී. මොණරුන් ඇති කරන්නන් නිරීක්ෂණය කර ඇති පරිදි මොණරුන් ප්‍රෝටීන් බහුල   ධාන්ය ගබඩා වලට හානි පමුණු වන කීටයන්, විවිධ වර්ගයේ මස් වර්ග, කැරට්, බෝංචි, බීට්, හා ඇට ඇතුළු එළවළු අහාර පිලිබදව විශේෂ ඇල්මක් දක්වයි..ඔවුන් පලතුරුද ආහාරයට ගනී .[8]

සංස්කෘතික වැදගත්කම[සංස්කරණය]

කතරගම දෙවිදුන් සිය භාර්යාවන් සමග මොනරෙකු පිට වැඩ සිටීම.
1948 සිතුවමක් Annunciation with St. Emidius by Carlo Crivelli,මේරි කන්‍යාව යාච්ඤා කරන විට මොනරෙකු ඇයට ඉහලින් වහලයේ සිටීම.

හින්දු දහමට අනුව, යුද්ධයට අධිපති කතරගම දෙවිදුන්(කඳ සුරිඳු) මොනරෙකු පිට වැඩ සිටින බවත් උන්වහන්සේගේ වාහනය මොනරෙකු බවත් දැක්වේ. සුරපද්මන් නැමති යක්ෂ රජතුමන්ව කඳ සුරිදුන් දෙකට වෙන් කල බවත්, එක් කොටසක් මොනරෙක් වූ බවත් අනිත් කොටස එතුමාගේ ධජය අතැති  කුකුලෙකු වූ බවත් දැක්වේ. මොණරා විසින් වක්‍රාකාරව පිල් විදහන විට ඔම්කරගේ දේවගැති ස්වරුපය පෙන්නුම් කරන බව කියවේ. ක්‍රිෂ්ණ දෙවිදුන් විෂ්ණු අවතාරය සහ එක් ට්‍රිමුර්ටි වරයෙක් මොණර පිහාටුවක් ශීර්ෂයේ පළදින බවද දැක්වේ. 

ඓතිහාසිම ග්‍රීක වැසියන් මොණර මාංශ අනුබවයෙන් මරණයෙන් පසු අමරණීය වන බවට විශ්වාස කර ඇත, එමනිසා එය අමරණීයත්වයේ සංකේතය බවට පත්වී ඇත. මෙම සලකුණු මුල් ක්රිස්තියානු විසින් සම්මත කර ගන්නා ලදී, මේ අනුව බොහෝ මුල් ක්රිස්තියානි සිතුවම් හා මොසායික්(mosaics) වල මොනරා ප්‍රදර්ශනය කර තිබේ. මොනරා තවමත් පාස්කු සමයේදී භාවිතා වේ, විශේෂයෙන් නැගෙනහිර.[9] මොනරාගේ පිල් කළඹේ පිහාටු වල 'ඇස' සියලු දේ දකින ක්රිස්තියානි දෙවියන් වහන්සේ සංකේතවත් කරන බව දැක්වේ. මොනරා විශ්වය සංකේතවත් කරන බවද දැක්වේ. පුරාතන බැබිලෝනියානුවන්ගේ සහ පර්සියනුවන්ගේ සංකේත ආශ්‍රයෙන් ඇති කරගත් ක්‍රිස්තියානුවන් සංකේත වලට අනුව මොණරා ස්වර්ගයට  සහ ජීවිතය නැමති ගස සමග සම්බන්දයක් ඇති අතර අමරණීයත්වය සමග සම්බන්දයකුත් ඇත. 

මොනරාගේ නිජබිම ඉන්දියාව වුවත්, මොනරා රාජකීය  ආරක්ෂකයා ලෙස බැබිලෝනියාවේ සහ පර්සියාවේ පිළිගැනීමක් පවතී. එසේ වුවද ඉන්දියාවේද  රාජකීයත්වය සහ සම්භාවනීය පෙලපත ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් ලෙස මොනරා භාවිතා කරයි. ඉන්දියානු උප මහාද්වීපයේ ඒකාබද්ධ පළමු මහා රාජ වංශය "මෞර්ය වංශය " ලෙස හදුන්වා ඇත. මයුර යනු මොනරා සංස්කෘත භාෂාවෙන් අඳුන්වන නාමයක් වේ.

සමහර සංස්කෘතීන් වල, උඩඟුකම හෝ නිෂ්ඵල බව පෙන්නුම් කරන සංකේත ලෙසද භාවිතා කරයි.

භෝජන කලාව [සංස්කරණය]

මධ්‍යතන යුගයේදී, පක්ෂි විශේෂ රාශියක් මිනිසුන් විසින් අහාර ලෙස පරිභෝජනයට ගෙන ඇත, දුප්පත් ජනතාව කුකුලන් වැනි පොදු පක්ෂීන් ආහාරයට ගෙන ඇත. එසේ වුවත්, බොහෝ ධනවත් වරප්‍රසාද හිමි වූ ය සාමාන්‍යා ආහාර අඩු වශයෙන් ගෙන ඇති අතර ඔවුන් හංසයන් සහ මොණරුන් පවා ආහාර ලෙස ගෙන ඇත. රජ වරුන්ගේ රාජකීය බෝජන මෙසයන් මොණරුන් ආහාර ලෙස මෙන්ම අලංකාරවත් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසත් තබා තිබේ. [10]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. Jacobs, M. March 10, 1999.
  2. Manning, JT.
  3. Jacobs, M. (10 March 1999).
  4. Jordania, Joseph (2011) "Peacock's Tail: Tale of Beauty and Intimidation". pp. 192–196 in Why do People Sing?
  5. Dakin, Roslyn; Robert Montgomerie (2013). "Eye for an Eyespot: How Iridescent Plumage Ocelli Influence Peacock Mating Success". Ebscohost. The Original Journal of the ISBE. |access-date= requires |url= (help)
  6. Yorzinski, Jessica L.; K. R. Annop (5 November 2012). "Peacock Copulation Calls Attract Distant Females". Ebscohost. Brill. |access-date= requires |url= (help)
  7. "Peacock".
  8. Amistadt, Axi.
  9. "Birds, symbolic".
  10. "Fowl Recipes". Medieval-Recipes.com. 2010. Retrieved 30 March 2012.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මොනරා&oldid=414566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි