මෙස් අයිනක්
| මෙස් අයිනක් مس عينک | |
|---|---|
| මෙස් අයිනක් | |
| ඛණ්ඩාංක: 34°16′15″N 69°18′25″E / 34.2707°N 69.3070°E | |
| රට | ඇෆ්ඝනිස්තානය |
| පළාත | ලෝගාර් පළාත |
| දිස්ත්‍රික්කය | මොහම්මද් අඝා දිස්ත්‍රික්කය |
| උන්නතාංශය | 2,120 මී (6,958 අඩි) |
මෙස් අයිනක් ( Pashto / Persian : مس عينک "කුඩා තඹ ප්‍රභවය" යන අර්ථය ඇති), මිස් අයිනක් හෝ මිස්-ඉ-අයිනක් ලෙසද හැඳින්වෙන්නේ, පුරාතන ප්‍රධාන බෞද්ධ ජනාවාසයක් වන අතර එය 40 km[convert: unknown unit] ඇෆ්ඝනිස්තානයේ කාබුල් නගරයට ගිනිකොන දෙසින්, ලෝගාර් පළාතේ නිසරු ප්‍රදේශයක පිහිටා ඇත. මෙම ස්ථානය ඇෆ්ඝනිස්තානයේ විශාලතම තඹ නිධිය ඇති ස්ථානය ද වේ.
මෙස් අයිනක් අඩවියේ විශාලත්වය 40 ha (100 acre) පමණ භූමියක් පුරා විසිරුණු බෞද්ධ ආරාම සංකීර්ණයක්, නිවාස, බුද්ධ ප්‍රතිමා 400 කට අධික ප්‍රමාණයක්, ස්තූප සහ වෙළඳපොළ ප්‍රදේශ දක්නට ලැබේ. මෙම ස්ථානයේ ලෝකඩ යුගයේ කෞතුක වස්තු ද අඩංගු වන අතර, සොයා ගන්නා ලද සමහර කෞතුක වස්තු වසර 3000 කට වඩා පැරණි ය. මෙස් අයිනක් හි පදිංචිකරුවන්ගේ ධනය එම ස්ථානයේ විශාලත්වය යන ප්‍රමාණයෙන් සහ හොඳින් ආරක්ෂා කරන ලද පරිමිතිය තුළ හොඳින් නිරූපණය වී ඇත. පුරාවිද්‍යාඥයින් විසින් බෞද්ධ නටබුන්වලට පහළින් වසර 5,000 ක් පැරණි ලෝකඩ යුගයේ ස්ථානයක නටබුන් සොයා ගැනීමට පටන් ගෙන ඇති අතර, එයට පුරාණ තඹ උණු කිරීමේ ස්ථානයක් ද ඇතුළත් වේ.
ඇෆ්ඝනිස්තානය මෙම ස්ථානයට පහළින් ඇති තඹ ලබාගැනීමට ගැනීමට දක්වන උනන්දුව නිසා එම ස්ථානය සංරක්ෂණය කිරීමට වඩා විනාශ වීමට හේතු වී ඇත. පුරාවිද්‍යාඥයින් එම ස්ථානය ඡායාරූප ගත කර ඇති අතර පුරාවස්තූන් කැණීම් කර ඇත. [1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Rescuing Mes Aynak - Photo Gallery". National Geographic. 15 August 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-08-19.