Jump to content

මුහුදු ජාතීන්

විකිපීඩියා වෙතින්
මෙඩිනෙට් හාබු දේවාලයෙහි උතුරු දිග පවුර වෙත දක්නට ලැබෙන මෙම දර්ශනය වෙතින් බොහෝ විට විස්තර කිරීමට භාවිතා කෙරෙන්නේ, පසුව ඩෙල්ටා සටන (ප. 1175 ක්‍රිපූ) ලෙසින් හැඳින්වුනු,[1] III වන රැමසීස්ගේ රාජ්‍ය පාලනය සමයෙහිදී මුහුදු ජාතීන්ට එරෙහිව ඊජිප්තියානු මෙහෙයුම වෙයි. මෙහි දක්නට ලැබෙන චිත්‍රාක්ෂර වෙතින් ඊජිප්තුවෙහි සතුරන්ගේ නම සඳහන් නොවී සරල වශයෙන් "උතුරු රටවල්" ලෙසින් පමණක් සඳහන් වුවත්, මුල් ප්‍රාඥයින් සටහන් කරන්නේ සටන්කරුවන්ගේ හිසකෙස් රටාව සහ ඔවුන් පැළඳ සිටි ආම්පන්න සහ එවන් කණ්ඩායම් නම් කර ඇති වෙනත් කැටයම් අතර සමානකම් ඇති බවය.

මුහුදු ජාතීන් යනු, ඊජිප්තුව සහ අනෙකුත් නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශ වෙත පශ්ච ලෝකඩ යුගයෙහි දී ක්‍රිපූ 1200 පමණ කාලසීමාවෙහිදී ප්‍රහාර එල්ල කල බවට උපකල්පනය කෙරෙන ගෝත්‍ර කණ්ඩායමක් වෙයි.[2][a] 19වන සියවසෙහි ඊජිප්තු වේදීන් වූ ඉමැනුවෙල් ඩ රෝෂ් සහ ගැස්ටන් මැස්පෙයරො විසින් මෙම උපකල්පනය යෝජනා කරන ලද්දේ, මෙඩිනෙට් හාබුහී III වන රැමසීස්ගේ ශවෝපචාර දේවාලය තුල වූ කැටයම් වැනි ප්‍රාථමික මූලාශ්‍ර පදනම් කොට ගෙනය. පසුව සිදු කෙරුණු පර්යේෂණ වෙතින් මෙම කල්පිතය තවදුරටත් ප්‍රවර්ධනය කෙරුණේ, සංක්‍රමණය, මුහුදු කොල්ලකෑම, සහ විනාශය පිළිබඳ අනෙකුත් පශ්ච ලෝකඩ යුග සාක්ෂ්‍ය සමග මෙම මූලාශ්‍ර සම්බන්ධ කිරීමට ප්‍රයත්න දැරීමෙනි. කල්පිතයෙහි ප්‍රාරම්භ අනුවාද වෙතින්, පශ්ච ලෝකඩ යුග අභිපාතයෙහි ප්‍රාථමික හේතුව ලෙසින් මුහුදු ජාතීන් සැලකුණද, වඩාත් මෑත අනුවාදයන් සාමාන්‍යයෙන් සලකනුයේ මුහුදු ජාතීන් විසින් අභිප්‍රාය කල ප්‍රහාර සිදු කෙරෙන විටත් සිදුවෙමින් පැවති සිද්ධි මාලාවක් තුල මුහුදු ජාතීන් එක් ලක්ෂණයක් පමණක් බවයි.

මුහුදු ජාතීන් යන කාණ්ඩය තුල, හොඳින් සාක්ෂ්‍යකෘත ලුක්කා වැනි කණ්ඩායම් මෙන්ම , එහි සම්භවය ගැන අප විසින් කරුණු නොදන්නා වශේෂ් වැනි කණ්ඩායම්ද අඩංගු වූහ. විවිධ කණ්ඩායම්හී සම්භවය පිළිබඳ කල්පිතයන්, අනුමාන කල්පනාවන් බොහෝමයකට හේතු පාදක වන්නාවූ මූලාශ්‍ර වෙයි. මෙම කණ්ඩායම් සමහරක් එජියන් ගෝත්‍රයන් ලෙසින් සැලකීමට හැකියාවක් ඇත්තා මෙන්ම, අන් සමහරක් සිසිලියෙහි, සාර්ඩිනියාවෙහි, සයිප්‍රසයෙහි, සහ බටහිර ඇනටෝලියාවෙහි සම්භවය ලැබුවා වීමට ඉඩ ඇත.

සංකල්පයෙහි ඉතිහාසය

[සංස්කරණය]
මෙඩිනෙට් හාබු දේවාලයෙහි දෙවන අටලුවෙහි දකුණු ස්තම්භයෙහි චිත්‍රාක්ෂර පෙළෙහි අසම්පූර්ණ විස්තරයක් (වම) සහ රැකවල්ලන ලද නැගෙනහිර ද්වාරයෙහි පාදමෙහි විස්තරකර දැක්වෙන සිරකරුවන් පිළිබඳ නිදර්ශනයක් (දකුණ), පළමුවෙන් සපයන ලද්දේ ඊජිප්තුව වෙත ඔහුගේ 1828–29 සංචාරයන්ට පසුව ජොන්-ෆ්‍රොන්සුවා ෂම්පොලියොන් විසින් වන අතර ඒවා මරණාපර වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.[b] ෂම්පොලියොන් විසින් ඒවා ලේබල් නොකරන ලද නමුදු, දශක ගණනාවකට පසුව 4 සිට 8 දක්වා ලේබල් කෙරුණු චිත්‍රාක්ෂර (වම) පෙලෙසෙට්, චෙගා, සෙකලෙෂ්, ඩෙංයෙං සහ වෙෂේෂ් ලෙසින් පරිවර්තනය කෙරුණු අතර, 3 සහ 4 සිරකරුවන්ට යාබදව තිබූ චිත්‍රාක්ෂර (දෙවන පේළිය, දකුණ), චෙගා සහ සර්ඩන් ලෙසින් පරිවර්තනය කෙරිණි.[c]


සටහන්

[සංස්කරණය]
  1. ^ උද්ධරණය: " 'මුහුදු ජාතීන්ගේ මහා සංක්‍රමණය' ක්‍රි.පූ 1200දී පමණ සිදුවූ බවට දැක්වෙන ප්‍රත්‍යය, එකක් මර්නප්ටාගේ පාලන සමයෙහිදී සහ තවෙකක් III වන රැමසීස්ගේ පාලන සමයෙහිදී ලෙසින් සටහන්වූ ඊජිප්තියානු ශිලාලේඛන මත පදනම් වන බවට සිතනු ලබයි. එවුවත් එම ශිලාලේඛන තුල, එවන් සංක්‍රමණයක් පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නොලැබෙයි... එබැයින්, මෙම සංක්‍රමණ උපකල්පනය පදනම්ව ඇත්තේ ශිලාලේඛන මත නොව ඒවායේ අර්ථ නිරූපනය මතය"
  2. ^ ෂම්පොලියොන්, මොනියුමන්ට්ස් හී පසුව දැක්වෙන දළ රූප සටහන්ද බලන්න: දෙවන අටලුවෙහි වම් පැත්තෙන්: Plate CCVIII, සහ රැකවල්ලන ලද නැගෙනහිර ද්වාරයෙහි දකුණු පැත්තෙහි පාදමෙන් Plate CCIII.
  3. ^ වුඩ්හයිසන් 2006, p. 36 විසින් සපයන ලද චිත්‍රාක්ෂර හා සමගින් සංසන්දනය කර බලන්න.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ පෙයින්, ලින්කන් (2015-10-27). ද සී ඇන්ඩ් සිවිලිෂේසන්: අ මැරිටයිම් හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් (ඉංග්‍රීසි බසින්). ක්නොප්ෆ් ඩබ්ල්ඩේ ප්‍රකාශක කණ්ඩායම. p. 76. ISBN 978-1-101-97035-5.
  2. ^ ඩ්‍රීව්ස් 1995, pp. 48–61
"https://si.wikipedia.org/w/index.php?title=මුහුදු_ජාතීන්&oldid=758632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි