මුද්‍රණයේ විධික‍්‍රමයන්
නිරේඛනය සහ තහඩු මුද්‍රණය වැනි ඉන්ටාලියෝ ශිල්පක‍්‍රමයන් හා සැසඳීමේදී ඒවායේ අවශ්‍ය වන්නේ අඩු පීඩනයක් යෙදීමකි. මේ ක‍්‍රමයෙන් හොඳ මුද්‍රණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ අච්චුව මත තීන්ත තවරා කඩදාසියක් හෝ රෙද්දක් සමඟ ගැටීමට සැලැස්වීම පමණකි. මුද්‍රණයේදී සැලකිල්ලට ගතයුතු විධික‍්‍රම තුනක් පවතී. x මුද්‍රා තැබීම : රෙදි මෙන්ම මුල්කාලීන යුරෝපීය ලී අච්චු (1400-40) සඳහාද යොදාගනු ලැබිණ. මෙහිදී කඩදාසිය හෝ රෙද්ද මේසයක් වැනි පැතලි මතුපිටක් මතත තබා ඒ මත තබන ලද අච්චුව තද කිරීම හෝ හෝ මිටියකින් තට්ටුකිරීම මඟින් මුද්‍රණය සිදුකෙරින. x සම්මර්ෂණය : සෑම කාලයන්හිම ඈත පෙරදිග රටවල ජනපි‍්‍රය මුද්‍රණ විධික‍්‍රමය වූයේ මෙයයි. යුරෝපීය ලී අච්චු මුද්‍රණය සඳහා මෙම ක‍්‍රමය 15 වන සියවසේදී පමණ යොදාගැනින. යුරෝපයේදී මෙය වැඩි වශයෙන් යොදාගැනුනේ රෙදි මුද්‍රණය සඳහාය. එමෙන්ම 1910 පමණ සිට වර්තමානය දක්වා බටහිර ලී අච්චු මුද්‍රණ සඳහා මෙය යොදාගනු ලබයි. අච්චුව එහි මුහුණ ඉහලට සිටින ලෙස මේසයක් මත තබා ඒ මත කඩදාසිය හෝ රෙද්ද තබනු ලබයි. කඩදාසිය පිටිපැත්ත පැතලි ලීයකින්, ඔපකරයකින් සම්මර්ෂණය හෙවත් පිරිමැදීම සිදුකරනු ලබය.ි පසුකාලීනව ජපානයේ ලී අච්චුව නොවෙනස්ව රඳවා ගැනීම සහ මුද්‍රණයේදී නිසි පීඩනයක් ලබාදීම සඳහා සංකීර්ණ ලී යාන්ති‍්‍රක මෙවලම් යොදාගනු ලැබිණ. මෙහි අවශ්‍යතාව තදින් දැනෙන්නට පටන් ගත්තේ බහු වර්ණ යෙදීම ආරම්භ වූ පසු තීන්ත තට්ටු කිහිපයක් යෙදීමට අවශ්‍ය වූ විටය. x මුද්‍රණාල මුද්‍රණය : බෙහෝ කාලයක් වනතුරු මුද්‍රණාල දැකගත හැකිවූයේ ආසියාවේ පමණකි. මුද්‍රණාල මුද්‍රණය 1480 පමණ සිට යුරෝපීය මුද්‍රණයන් පොත් මුද්‍රණය සඳහාද ඊට පෙර සිටම ලී අච්චු මගින් මුද්‍රත පොත් මුද්‍රණය සඳහාද යොදාගනු ලැබිණි. මුද්‍රණාල මුද්‍රණයන්ට පෙර සරළ මුද්‍රණ ක‍්‍රම යුරෝපයේ පැවත තිබිය හැකි වුව ඒ පිලිබඳ ප‍්‍රබල සාධක නොමැත.