මුදල් විශුද්ධිකරණ ක‍්‍රියාවලිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මුදල් විශුද්ධිකරණ ක‍්‍රියාවලිය

භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ දී මුදල් යන්න වැදගත්ම සාධකයයි. ලොව පුරා සමාජ ශරීරය පුරාම පැතිරි පවත්නා මුදල් රැුස්කර ගැනීමේ දී මිනිසා විසින් ක‍්‍රමවේද රාශියක් භාවිතා කරයි. මේ සියල්ල ලඝුකොට දක්වන්නේ නම් යහපත් අයහපත් හා නීත්‍යානුකූල හා නීති විරෝධි ඉපයීම් ලෙස හ`දුන්වා දිය හැක. මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් ‘කළු සල්ලි’ ලෙස ප‍්‍රකට වී ඇත. සමාජයේ වෙනස් වීමත් සමග මෙම නීති විරෝධි මුදල් ඉපයීම් ජාත්‍යන්තර තලය දක්වා විහිදුනු ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. බොහෝ විට මෙම ඉපයීම් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්, කුලියට මිනිමැරීම්, කැෂිනෝ වැනි සූදු, ආදායම් බදු හා පොදු දේපල වංචාවන් තුලිනි. මූල්‍ය හා ආරක්‍ෂක අංශ වලට හදුනාගත නොහැකි වුවත් තවත් විවිධ ආකාරයේ පාතාල ආර්ථික කටයුතු ඇත.

කෙසේ වුවත් මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් හා අනෙකුත් දේපළ නීතිමය මාර්ග වලින් උපයාගත් ඒවා සේ ඒවාට නව මුහුණුවරක් ලබාදීම මුදල් විශුද්ධිකරණයය මගින් සිදු කරයි. බොහෝමයක් රටවල් මුදල් විශුද්ධිකරණයයට අදාළ අර්ථ දැක්වීම් වලදී ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ ‘1988 - නිද්‍රාකරණ මත්ද්‍රව්‍ය සහ සයිකොට්‍රොෆික් මත්ද්‍රව්‍ය නීති විරෝධි ලෙස ප‍්‍රවාහනයට එරෙහිව වියනා සම්මුතිය’ සහ පරදේශාන්තර සංවිධානාත්මක අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් ‘පැලටෝ සම්මුතියයි’ මේ අනුව මුදල් විශුද්ධිකරණයයට අදාළ අර්ථ දැක්වීම පහත ආකාරයට පෙළගැස්විය හැක. ”කිසියම් වත්කමක් ඕනම ආකාරයක අපරාධයක් හෝ අපරාධයකට සහභාගි වීම තුළින් උත්පාදනය කළ බව දැන දැනම අදාළ වත්කමේ නීති විරෝධි ප‍්‍රභවය සැඟවීම පිණිස පරිවර්තනය හෝ පැවරීමේ ක‍්‍රියාවලියයි.” නැතහොත් එවැනි කටයුත්තක නිරත වන පුද්ගලයෙකු හට ඔහුගේ කටයුතු තුළින් ඇතිවන නීතිමය ප‍්‍රතිවිපාක මඟහැර යාමට සහය වීම ද මෙයට අයත් වේ. මුදල් විශුද්ධිකරණයය යන යෙදුම පිළිබඳ මූලික අවධානය යොමු වන්නේ කුප‍්‍රටකට ‘වෝටර් ගේට්’ සිද්ධිය සමගිනි. ඇමරිකානු ජනපති රිචඞ් නික්සන්ගේ ”ජනපතිවරයා නැවත පත් කිරීමේ කමිටුව” විසින් කිසියම් ආකාර වූ නීත්‍යානුකූල නොවන ප‍්‍රචාරණ කටයුතු සඳහා මියාම්හි සමාගමක් හරහා මුදල් රැුගෙන ඒමේ සිදුවීමක් මේ හා සම්බන්ධ වේ. බි‍්‍රතාන්‍ය සුප‍්‍රකට ගාඩියන් පුවත්පත මෙම කි‍්‍රයාව හ`දුන්වාදීම සඳහා ” විශුද්ධිකරණයය” පසුගිය දශක කිහිපය තුළ මෙම ගැටළුව වඩාත් උග‍්‍ර අතට හැරීමට හේතු වූයේ ජාතීන් අතර අන්‍යෝන්‍ය ආර්ථික සම්බන්ධතා ශක්තිමත් වීම, ප‍්‍රාග්ධන ප‍්‍රවාහයන් සඳහා වූ පාලනයන් ලිහිල් කිරීම, මුදල් ප‍්‍රවාහ දිරිමත් කිරීමට විනිමය පාලනයන් ඉවත් කිරීම, නිර්නාමික අරමුදල් මාරු කිරීම් වලට පහසුකම් සපයනු ලබන නව මූල්‍ය උපකරණ දියුණු වීම ආදියයි


මුදල් විශුද්ධිකරණයේ ප‍්‍රතිවිපාක[සංස්කරණය]

මුදල් විශුද්ධිකරණයය මගින් ඒ ඒ රටවල් අභ්‍යන්තරයේත් ගෝලිය වශයෙනුත් විශාල බලපෑමක් එල්ල කරයි. විශේෂයෙන්ම මූල්‍යායතන දුර්වලවීම කෙරෙහි මෙය දැඩිලෙස බලපෑමක් එල්ල කරයි. මූල්‍යායතන වල ශක්තිමත් බව ස්ථායිතාවය බිඳ වැටීම පමණක් නොව රක්‍ෂණ සමාගම් මෙන්ම සුරැුකුම් ආයතන ආයෝජන සමාගම් ද එයින් බලපෑමට ලක් වේ. එයට හේතු වන්නේ එම ක‍්‍රියාමාර්ග වල ප‍්‍රතිඵල ලෙස කීර්තිය අහිමිවීම, මෙහෙයුම් කටයුතු අඩාල වීම, නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදුවීම ආදි අවදානම් උද්ගතවීම සිදුවන අතර සමස්තයක් වශයෙන් ලාභදායී ව්‍යාපාර අවස්ථා අහිමි වීම, අරමුදල් පිටතට ගලායෑම තුළින් ද්‍රවශීලතා ගැටළු මතුවීම, ණය පැහැර හැරීම, කොටස් අගය පහළ වැටීම වැනි ප‍්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම ආර්ථිකයේ මුදල් විශුද්ධිකරණයය ප‍්‍රචලිත වීමත් සමග විදේශීය මූල්‍යායතන සිය ගනුදෙනු සීමා කිරීමට ඉඩ ඇත. එමෙන්ම අදාළ ගණුදෙනු වඩාත් ප‍්‍රවේශම් සහගත, පිරිවැය අධික විය හැක. ජාත්‍යන්තර වෙළඳ පොළට ඇතුළු වීමේදී නීත්‍යානුකූල ව්‍යවසායකයින්ට පවා ඉහළ ප‍්‍රමිතීන්ට අනුගත වීමටත් ඉහළ පිරිවැයක් දැරීමටත් සිදුවනු ඇත. එමෙන්ම මුදල් විශුද්ධිකරණයය හා ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි ක‍්‍රියාමාර්ග අඩුවෙන් ඇති රටකට විදේශ පෞද්ගලික ආයෝජකයින් ඉතා අඩුවෙන් ආකර්ශනය වීමක් සිදුවේ.

ආර්ථිකයේ පෞද්ගලික අංශයට හානිවීම ද බරපතල ගැටළුවකි. මුදල් විශුද්ධිකරණයයේ දී යොදා ගැනෙන ඉදිරිපෙළ සමාගම් නියමාකාරයෙන් නීත්‍යානුකූල ආර්ථික කටයුතු වල නිරත වුවද, අනියමින් අපරාධකරුවන්ගේ පාලනයට නතු වීමේ අවදානමක් තිබේ. අනෙක් අතට මෙවැනි ඉදිරිපෙළ සමාගම් ඇතැම් විට වෙළඳ පොළ මිලට වඩා අඩුවෙන් භාණ්ඩ හා සේවා සැපයිය හැකි පරිදි සහනාධාර ලබන නිසා ආර්ථිකයේ සෙසු තරඟකාරි ආයතන දුෂ්කරතා වලට මුහුණ දිය හැක. එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත වෙළඳපොළ යන්ත‍්‍රණය බිඳ වැටීම ද සිදුවිය හැක. ඒකාධිකාරි තත්වයන් පැන නැඟීම, ආර්ථිකයේ ඇතැම් අංශ වලට සම්පත් කේන්ද්‍රගතවීම ආදී බලපෑම් එල්ල විය හැකි අතර, මෙබ`දු වැරදි සහගත සම්පත් උපයෝජනය තුළින් ආර්ථික හා මිළ ස්ථායිතාවය බිඳ වැටිය හැක.

අපරාධ ඉහළ යාමද, මුදල් විශුද්ධිකරණයය මගින් සිදුවේ. මුදල් විශුද්ධිකරණයය සාර්ථකව ක‍්‍රියාත්මක වන නිසා අපරාධ ක‍්‍රියාවල නිරත වීම බෙහෙවින් ලාභදායක වේ. අනෙක් අතට මුදල් විශුද්ධිකරණය කටයුතු සාර්ථක ලෙස පවත්වා ගැනීමට පහසුකම් සැපයෙන පරිදි මූල්‍යායතන නිලධාරීන් වෘත්තිකයන් නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්, නියාමකයන් මෙන්ම අධිකරණය ද අල්ලස් ආදී ක‍්‍රියාවලට නැඹුරු කරවීමට ඉඩ ඇති අතර අපරාධ හා ඉහළ යාමට මුදල් විශුද්ධිකරණයය හොද උත්තේජනයක් සපයයි. අරමුදල් ප‍්‍රවාහ ආයෝජන මත පදනම් නොවීමද අහිතකර ප‍්‍රතිඵලයකි. සම්පත් වලින් උපරිම ප‍්‍රතිලාභ ලැබෙන ආකාරයට සම්පත් යෙදවීම සාමාන්‍ය නිදහස් වෙළඳපොල ප‍්‍රතිපත්තියක් වුවත් මුදල් විශුඅධිකරුවන් වඩාත් සැලකිලිමත් වන්නේ වඩා හො`ද ප‍්‍රතිලාභ ලබා ගැනීමට වඩා ඔවුන්ගේ අරමුදල් ශුද්ධ කිරීමයි. මෙලෙස අරමුදල් විශුද්ධ වේ නම් අව උපරිම ප‍්‍රතිලාභ යටතේ වුවද, එම අරමුදල් ව්‍යවසායන් හි ආයෝජනය කරයි. මෙවැනි තත්වයක් තුළ අයහපත් සාර්ව ආර්ථික තත්වයන් යටතේ වුවද, එම රටවල විශාල අරමුදල් ප‍්‍රවාහ දැකිය හැකි අතර, වෙළඳපොල තුළින් මතුවන සංඥාවන් දුර්වල ආර්ථික ප‍්‍රතිපත්ති සකස් වීමට හේතුවනු ඇත. එමගින් නිදහස් වෙළඳපොල ප‍්‍රධාන වාසිය වන කාර්යක්‍ෂමතා සම්පත් භාවිතය අහෝසි විය හැක.

තව දුරටත් ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව අඩාල වීම, බදුකරණ ක‍්‍රියාවලිය බි`ද වැටීම, මුදලකට ඇති ඉල්ලූම මගින් ආර්ථික කටයුතු නිරූපණය නොවීම, පෞද්ගලික ප‍්‍රයන්ත අසාර්ථකවීම, වත්කම් මිළ ගණන් අධිතක්සේරුවීම, ආදායම් පුනර්ව්‍යාප්තිය වෙනස්වීම ආදී සාර්ව ආර්ථික බලපෑම් රැුසක් මුදල් විශුද්ධිකරණයය මගින් ඇතිවේ. මෙම සියළු බලපෑම් වල ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකයක පදනම වන මිළ හා මූල්‍ය ස්ථායිතාවයට අහිතකර බලපෑම් ඇතිවිය හැක.

මුදල් විශුද්ධිකරණයේ ගෝලීය තත්ත්වය[සංස්කරණය]

සැඟවුණු හෝ නීති විරෝධි ආර්ථික ක‍්‍රියා පිළිබඳ සංඛ්‍යා ලේඛන සපයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. කෙසේ වුවද නියැදි සමීක්‍ෂණ, මූල්‍ය හා බදු වැනි වාර්තා මගින් ලබාගත් තොරතුරු වලින් කළ ඇස්තමේන්තු අනුව නීති විරෝධි ආර්ථික කටයුතු වල විශාලත්වය ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස ඉතාලියේ 1030% ක් ද, එ. ජනපදයේ 433% ක් ද, ජපානයේ 415% ක් ද, ඕස්ටේ‍්‍රලියාවේ 412% ක් ද, ජර්මනියේ 211% ක් ද, එක්සත් රාජධානියේ 115% ක් ද ලෙස ඇස්තමේන්තු කර ඇත. 1996 දී පීටර් ජේ. කර්ක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී ඔහු විසින් එළඹුනු නිගමනයක් වූයේ අපරාධ 10% කින් වැඩි වන විට ව්‍යවහාර මුදල් ඉල්ලූම 10% කින් අඩුවන අතර, සමස්ත ඉල්ලූම 6% කින් ද අඩුවන බවයි. කෙසේ වුවත් 1980 ගණන් වල තිබූ ප‍්‍රවණතාවය වූයේ අපරාධ වැඩිවීම හා මුදල් ඉල්ලූම එකම දිශාවකට ගමන් කිරීමයි. වර්තමානයේ මෙම තත්වය වෙනස් වීමට හේතුව මුදල් විශුද්ධිකරණයය බැංකු පද්ධතියෙන් ඉවත් වී සමාන්තර වෙළඳ පොළ වෙත නැඹුරු වීම, මූල්‍යමය නොවන ව්‍යුත්පන්න වැනි උපකරණ සඳහා නැඹුරු වීම, බෝට්ටු මත්ද්‍රව්‍ය, ආයුධ ආදී භාණ්ඩ හුවමාරු ක‍්‍රමයට නැඹුරුවීම ආදියයි.

1999 දී ජේ. වොකර් විසින් සිදුකරන ලද අධ්‍යන අනුව වසරකට ලොව පුරා ඩොලර් බිලියන 2850 ක වටිනාකමකින් යුත් මුදල් විශුද්ධිකරණයයක් සිදුවේ. මෙයින් ඩොලර් බිලියන 1043 ක් උතුරු ඇමෙරිකාවේ ද, ඩොලර් බිලියන 1006 ක් යුරෝපයේ ද, ඩොලර් බිලියන 329 ක් නැගෙනහිර ආසියාවේ ද විශුද්ධිකරණයය කෙරේ. ඒ අනුව වැඩිම විශුද්ධිකරණයයක් සිදුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා කලාපයේය. ෂඵත්‍ පර්යේෂණ කටයුතු වල නිරත වන ටිටෝ නැන්සිගේ පර්යේෂණ පත‍්‍රිකා උපුටා දක්වන ආකාරයට ලෝකයේ මුදල් විශුද්ධිකරණය ප‍්‍රමාණය ලෝක ද.දේ.නි. යෙන් 2% - 5% අතර වන බවයි.

මුදල් විශුද්ධිකරණයයට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රයන්තය[සංස්කරණය]

විශුද්ධිකරණයය වැළක්වීමේ ගෝලීය පරිශ‍්‍රමය 1980 දී ඇරඹි අතර නීති විරෝධි මත්ද්‍රව්‍ය වලට එරෙහි එ.ජ. සම්මුතිය හෙවත් ‘වියනා (1988*’ මේ සම්බන්ධයෙන් බිහිකළ ප‍්‍රථම සංවිධානයයි. ඉන් අනතුරුව මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ අන්තර් රාජ්‍ය ආයතනයක් ලෙස මූල්‍ය කාර්ය සාධන බලකාය 1989 දී ස්ථාපිත කරයි. ඔවුන් මූල්‍ය බුද්ධි ඒකක පිහිටුවීම, සැක කටයුතු හෝ සීමාවකට යටත් ව හෝ මුදල් ගණුදෙනු වාර්තා කිරීම, මූල්‍ය ආයතන සඳහා උපදෙස් හා නිර්දේශ නිකුත් කිරීම, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම ආදී නිර්දේශ 40 ක් මෙයට අන්තර්ගත කරන ලදී. 2001 දී ඇමෙරිකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග මුදල් විශුද්ධිකරණයය කෙරේ ජාත්‍යන්තරයේ සුවිශේෂ අවධානය යොමු විය. එහිදී ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීමට සම්බන්ධ සැක කටයුතු ගණුදෙනු ද ඇතුළත්ව ගණුදෙනු වාර්තා කිරීමේ විෂය පථය පුළුල් කර නව නිර්දේශ 9 ක් ඇතුළත් කරනු ලැබීය. ඒ අනුව රටක් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ක‍්‍රියාකරන බව ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් පිළිගැනීමට නම් ඉහත 40 + 9 නිර්දේශ ක‍්‍රියාත්මක විය යුතුය.

මීට අමතරව කලාපීය වශයෙන් මුදල් විශුද්ධිකරණය කටයුතු වල ක‍්‍රියාපටිපාටියේ අනුකූලතාවය අධීක්‍ෂණය සඳහා මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායට අනුබද්ධිත ආයතන පිහිටුවා ඇත. 1997 මුදල් විශුද්ධිකරණයය සඳහා වූ ආසියා පැසිපික් ශාන්තිකර කණ්ඩායම පිහිට යූ අතර, මේ වනවිට එහි සාමාජික රටවල් 39 ක් ක‍්‍රියාත්මක වේ. මේ ආකාරයට පිහිට වූ අනෙකුත් අධීක්‍ෂණ ආයතනය ලෙස යුරෝපා කවුන්සිලය, මුදල් විශුද්ධිකරණයය සඳහා වූ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම, දකුණු ඇමෙරිකානු මූල්‍ය කාර්ය සාධන බලකාය, මැදපෙරදිග හා උතුරු මූල්‍ය විශුද්ධිකරණයය පිළිබඳ රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා 1995 දී මූල්‍ය බුද්ධි ඒකකවල සංගමයක් (ෑටපදබඑ ටරදමච* පිහිටුවනු ලැබීය. මෙම මූල්‍ය බුද්ධි ඒකක තුළ පරිපාලනය, අධිකරණ, මිශ‍්‍ර බුද්ධි ඒකක යනුවෙන් කොටස් 3 කින් ක‍්‍රියාත්මක වේ. සැක කටයුතු ගණුදෙනු තොරතුරු එකතු කිරීම, එම තොරතුරු නීතිය බලාත්මක කරන ආයතන වලට සැපයීම, පරිපාලන බුද්ධි ඒකක වලින් ද සැක කටයුතු ගනුදෙනු පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම, ලබා දී ඇති නීතිමය බලතල අනුව ඒවාට නිති ක‍්‍රියාමාර්ග ගැනීම අධිකරණ බුද්ධි ඒකක වලින් ද සිදුවේ.

මීට අමතරව රටවල් වශයෙන් ගෙන බැලූ විට කළු ආර්ථික කටයුතු මගින් මූල්‍යායතන වලට ගලා එන තැන්පතු සඳහා තදබල ක‍්‍රියාමාර්ග හ`දුන්වා දී ඇත. මේ සඳහා එක්සත් රාජධානියේ ගණුදෙනුකරු හ`දුනා ගැනීම, තොරතුරු වාර්තාවක් පවත්වාගෙන යාම හා ආයතනික කාර්ය මණ්ඩලයට මේ පිළිබඳ මනා පුහුණුවක් ලබා දීම ආදිය සිදු කෙරේ. එමෙන්ම එක්සත් ජනපදයේ සංවිධානාත්මක අපරාධ පිළිබඳ ජනපති කොමිසම, ඕස්ටේ‍්‍රලියාවේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය පිළිබඳ සොයා බැලීමේ ස්ටුවර්ඞ් රාජකීය කොමිසම ආදී රාජ්‍ය සංවිධාන මෙයට එරෙහිව පෙළ ගැසී ඇත.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අවධානය[සංස්කරණය]

අපරාධ සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමග මුදල් විශුද්ධිකරණයය ද ශ‍්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින අතර එයට විස`දුමක් ලෙස රජය මූල්‍ය පද්ධතිය අධීක්‍ෂණ ක‍්‍රියාවලින් සම්පාදනය කොට ඇත. මුදල් විශුද්ධිකරණයයේ යෙදෙන්නන් මූල්‍ය ක‍්‍රමයේ ඇති යම් යම් නම්‍යශීලී තත්වයන් අනිසි ලෙස තමන්ට අවශ්‍ය ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇත. එමනිසා නීතිරීති සාවi භාවිතයන්ගෙන් නිවැරදි කිරීම සඳහා භාවිතා කෙරේ.

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම හා මුදල් විශුද්ධිකරණයයට එරෙහි ශ‍්‍රී ලංකා ප‍්‍රයන්තය 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත සහ 2005 අංක 25 දරණ ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළක්වීමේ සම්මුති පනත යනාදී කෙටුම්පත් බලාත්මක කිරීමත් සමග ක‍්‍රමවත්ව ආරම්භ විය. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ 2006 වසරේ මාර්තු මස මූල්‍ය බුද්ධි ඒකකය ප‍්‍රධාන වශයෙන් මූල්‍ය ගණුදෙනු පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීම, සැක කටයුතු ගණුදෙනු පිළිබඳ තව දුරටත් පරීක්‍ෂා කිරීම හෝ සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා නියාමන ආයතන හෝ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන වලට යොමු කිරීම සිදු කරයි.

මෙයට අමතරව සැක කටයුතු ගණුදෙනු පිළිබඳ මූලික පරීක්‍ෂණ පැවැත්වීම, අදාළ ආයතන හා පුද්ගලයින්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, මූල්‍ය ආයතන වෙත ගනුදෙනුකරු හදුනා ගන්න (ගණුදෙනුකරු වෙත සුපරික්‍ෂාකාරීවීම, ඇතුළුව අනෙකුත් නීති හා මෙහෙයුම් නිර්ණායකයන් නිකුත් කිරීම, මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම, සහ දේශීය විදේශීය ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ ගිවිසුම් වලට එළැඹීම මූල්‍ය බුද්ධි ඒකකයේ අනෙකුත් වගකීම් වේ. ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන් හා යහපාලන ක‍්‍රියාපටිපාටීන්ට අනුකූලව මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ ප‍්‍රතිපත්තිය රාමුව ශ‍්‍රී ලංකාව තුළ කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක කිරීමෙහිලා ඉහළ දායකත්වයක් මූල්‍ය බුද්ධි ඒකකය ස්ථාපිත කිරීම තුලින් ලැබී ඇත. මේ ආකාරයට ශ‍්‍රී ලංකාව තුළ විශුද්ධිකරණයය වැළක්වීම සඳහා විවිධ ආකාරයේ ක‍්‍රියාමාර්ග අනුගමනය කර ඇත.



Reference

 Jayasooriya D.C. (2000), “The Regulstion of Money Laundering: A New Challenge to a Global Problem,” Occasional Paper-36,2000,Central Bank of Srilanka

 Schott P. A. (2004), “Reference Guide To Anti-Money Laundering And Combating The Financial Of Terrorism” Second Edition, The World Bank

 Tanzi, V. (1996) “Money Laundering And The International Financial System” IMF Working Paper Wp/96/55,International Money Fund.

 Walke,r J. (1999),” How Big Is Global Money Laundering” Journal Of Money Laundering Control,Vol 3(1)

 Central Bank Of Sri Lanka.(2000/2008),Annual Report, Colombo.

http://www.dirtydealing.org

http://www.johnwalkercrimetrendasnalysis.com

http://www.en.wikipedia.org/wiki/money _laundering

 ගුණසේකර පී.ඞී.(2002*,මුදල් විශෝධනයලආර්ථික විමසුම,

 ප‍්‍රනාන්දු ඩබ්ලිව්.එම්.(2000*,කලූ මුදල් සුදුකිරීම හෙවත් මුදල් විශුද්ධිකරනය,සටහන,