භූමියේ සිට ගුවනට වන මිසයිල

විකිපීඩියා වෙතින්
(මිසයිල භූමියේ සිට ගුවනට වන මිසයිල වෙතින් යළි-යොමු කරන ලදි)
ප්රංාශ ගුවන් හමුදාවේ ක්රෝ ටේල් කණ්ඩායම
ජර්මානු හමුදාවේ Wiesel AWC – LeFlaSys හි ගුවන් යානා නාශක ozelot ආකාරයෙන්


භූමියේ සිට ගුවනට වන මිසයිල (SAM හෝ GTAM) යනු ගුවන් යානා විනාශ කිරීම සඳහා භූමියේ සිට නිකුත් කළ හැකි මිසයිල වර්ගයකි. එය ගුවන් යානා නාශක පද්ධති වර්ගයකි.

භූමිය මත පදනම් වූ SAM ස්ථිර සවි කිරීම් හෝ ජංගම නිකුත් කිරීම් රඳවන ලෙස සේවයෙහි යෙදවිය හැක. SAM වල කුඩාතම ආකාරය තනි මිනිසෙකු මඟින් රැගෙන ගොස් නිකුත් කිරීමට හැකි ආකාරයෙන් නිපදවා ඇත. මෙම වර්ගයේ SAM මිනිසා මඟින් චලනය කළ හැකි ගුවන් ආරක්ෂණ පද්ධති (MANPADS) ලෙස හඳුන්වනු ලැබේ. සෝවියට් රුසියාවේ MANPADS ලෝකය පුරාම විසිරී ඇති අතර තවමත් ඒවා පෙර සේවා තත්වවලින් ද සොයා ගත හැක. අනෙකුත් ජාතීන් තමන්ගේම MANPADS නිපදවා ගෙන ඇත.

භූමිය මත පදනම් වූ SAM මිසයිල රෝද මත හෝ දම්වැල් මත ධාවනය වන ජංගම නිකුත් කිරීම් රඳවන මත සේවයෙහි යොදවා ඇත. මේවායින් දම්වැල් මත ධාවනය වන වාහන සාමාන්‍යයෙන් සන්නාහ රථ වන අතර ඒවා විශේෂයෙන්ම SAM රැගෙන යාම සඳහා නිපදවා ඇත. වඩා විශාල SAM ස්ථිර නිකුත් කිරීම් රඳවන මත සේවයෙහි යොදා ඇති නමුත් ඒවා කැමැත්ත පරිදි නැවත සේවයෙහි යෙදවිය හැක.

නෞකා මත පදනම් වූ SAM දැනට බහුලව භාවිතයේ යෙදේ. සෑම යුධ නැවක්ම පාහේ SAM මඟින් සන්නද්ධ කළ හැක. (පහත ලයිස්තුව බලන්න) එමෙන්ම නාවුක SAM සියළු ඉදිරි ආරක්ෂක වළළුවල සේවයෙහි යෙදෙන යුධ නෞකාවලට අත්‍යවශ්‍ය ආයුධයකි. සමහරක් යුධ නැව් වර්ග ප්‍රති ගුවන් යුධ ගැටුම් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. උදා- Ticonderoga වර්ගයේ කෘසර් ඒගිස් යුධ පද්ධතියක් සමඟ හෝ Kirov වර්ගයේ කෘසර් S-300PMU මිසයිල පද්ධතියක් සමඟ සන්නද්ධ වී ඇත.

මිනිසුන් මඟින් ක්‍රියාත්මක නොවන SAM සඳහා ඉලක්ක ලබා ගනු ලැබෙන්නේ ගුවන් නිරීක්ෂණ රේඩාර් මඟිනි. මිසයිලය විසින් ඉලක්කය අගුල් ලා ගැනීමෙන් පසු ප්‍රහාරය එල්ල කරනු ලැබේ. එම ගුවන් යානය යුධ ගුවන් යානාවක් නම් ඉලක්කය අගුල් ලා ගැනීමට පෙර පද්ධතිය විසින් එය මිත්‍ර හෝ සතුරු ගුවන් යානයක් ලෙස හඳුනාගනු ඇත.

භූමියේ සිට ගුවනට වන මිසයිලවල නිෂ්පාදනය දෙවන ලෝක යුද්ධය අතරතුර දී නාසි ජර්මනිය මඟින් ආරම්භ කළ අතර (මිත්‍ර ගුවන් ශ්‍රේෂ්ටත්වය මගින් ලැබුණේ අඩු සහයකි.) ඔවුන් විසින් Wasser fall වැනි මිසයිල නිපදවන ලද නමුත් යුද්ධය නිමා වීමට පෙර ක්‍රියාකරන පද්ධතියක් සේවයෙහි යෙදෙව්වේ නැත.


ආශ්‍රිත[සංස්කරණය]