මිංහෙට්ටිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මිංහෙට්ටිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අති සුන්දර ගම්මානයකි. යක්දෙස්සා කඳුවැටියෙන් හා මගුරුඔයෙන් වටවු ආර්ථික හා අධ්‍යාපනික අතින් පෝෂිත ප්‍රදේශයකි.කුරුණැගල සිට කි.මී 12ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් පිරිසක් මෙහි සිටින අතර ප්‍රධාන ආර්ථික වගාවන් ලෙස පොල් වගාව හා වී වගාව සැලකිය හැකියි. ඉතාමත් හිතකර වු දේශගුණික තත්වයක් පවතින අතර යද්දෙස්සා කඳු වැටිය නිසා ඉතාමත් සිසිල් බවක් පවතී.


අතීතය[සංස්කරණය]

ඉතිහාසය හා විහිදීම[සංස්කරණය]

ඉතා ඈත ඉතිහාසයක් ඇති එනම් කුවේනි කතිකාව පැවත එන කාල යේ පටන් මෙහි ජනාවාස වු බවක් දක්නට තිබෙන සාධක ලෙස යද්දෙස්සා ගල කඳුවැටියෙහි පැවැති කටාරං කොටන ලද ගල් මෙයට ඇති ප්‍රධන සාෂියකි. සිංහල ජන සමාජයේ ආරම්භය ලෙස සඳහන් වන කුවේණී පුරාවෘත්තයට නෑකම් කියන ප්‍රෙද්ශයක් ලෙස හැඳින්විය හැකියි.කුවේණිය දෙස්දුන්ගල ලෙස හැඳින්වෙන යද්දෙස්සා කඳුවැටිය පිහිටා ඇත්තේ මෙම ප්‍රෙද්ශය තුළින් වීම මෙහි විශේෂත්වයකි.

ග්‍රාම රාජ්‍යය හා පාලන ව්‍යුහය[සංස්කරණය]

ගම් සභා ක්‍රමයෙන් පසු මෙහි පාලන ව්‍යුහය සකස් වුයේ ආගමික ස්ථානය(පන්සල) මුල්කරගත් සමාජ පාලන ව්‍යුහයක් මත වේ.පන්සල වටා ඒකරාශී වු ජනතාව ගම දියුණු කිරීමේ සැළසුම් සකස් කරන්නට විය.පසුව සමිති සමාගම් ආරම්භ විය මෙමගින් සංවර්ධනය හා පාලන තන්ත්‍රය කොටස් වලට බෙදුනි. ප්‍රථමයෙන් ආරම්භ වු මරණාධාර සමිතිය නිසා ගම තුල නව එකමුතු භාවයක් ඇතිවිය. මෙයට අමතරව ළමා සමාජ , ක්‍රීඩා සමාජ , ගොවි සමිතිය විහාර වර්ධන සමිතිය මගින් ගම තුල සංවර්ධන කටයුතු නිරන්තරයෙන් සිදුවිය. මෙම සමිති සමාගම් වලින් බැහැරව ද නොයෙකුත් විදිහේ කමිටු මගින් ග්‍රාම සංවර්ධන වැඩ පිළිවෙල වල් ආරම්භ කළහ.වැසීගිය මින්හෙට්ටිය පාසල නැවත නගාසිටවීම සඳහා ආරම්භ කළ කමිටුව, මාර්ග සංවර්ධනය සඳහා ආරම්භ කළ කමිටුව මෙහලා විශේෂයෙන් සැළකිය හැක.

අධ්‍යාපන[සංස්කරණය]

අධ්‍යාපනයේ නව පුබුදුව[සංස්කරණය]

වැසීගිය මිංහෙට්ටිය පාසල
ජයසංක විද්‍යාලය
කු/මිංහෙට්ටිය විද්‍යාලය ලෙස 1936 වර්ෂයේදී ආරම්භ කළ මෙම විද්‍යාලය පසුව වයඹ ජයසංඛ විද්‍යාලය ලෙස නැවත ආරම්භ කරන ලදී. මිංහෙට්ටිය විද්‍යාලයේ මුල්ම විදුහල් පති ආර්.බී.රාජපක්ෂ ගුරුතුමා. මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් වුයේ 1974.09.16 වන දිනයි. එක් ගුරුභවතකුගෙන් ආරම්භ කල මෙම විද්‍යාලය උසස් පෙල දක්වා කළා විෂය ධාරාවෙන් පංති පැවැත් විය. මෙම පාසල සරසවි සිසුන් විශාල ප්‍රමාණයක් දායාද කළ අතර රජයේ පරිපාලන සේවයේ ඇතුළු පුද්ගලික අංශයේද බුද්ධිමතුන් රටට දායාද කළ විද්‍යාලයකි. නගරාසන්න පාසල් ග්‍රාමීය පාසල් වලට වඩා සංවර්ධනය වීමත් සමග මෙම පාසල් වලට ඇති පහසුකම් අවම වීම නිසා දරුවන් නගරාසන්න පාසල් වලට දැමීමට පටන් ගැනීමත් සමග ග්‍රාමීය පාසල්වලට යොමු කරන සිසුන් ප්‍රමාණය ඉතා අඩුවිය. මෙි හේතුව නිසා ගුරුවරුන්ද එන්න එන්නම අඩුවිය. මෙම චින්තන විප්ලවයත් සමග මින්හෙට්ටියේ පාසල පමනක් නොව ග්‍රාමීය පාසල් දහස් ගණනක් වැසීමේ කුණාටුවට හසුවිය. මින්හෙට්ටිය විද්‍යාලයටද මෙම කුණාටුවෙන් ඉවත් වීමට නොහැකි විය.

ක්‍රීඩා[සංස්කරණය]

ක්‍රීඩාව නව ක්‍රීයාශීලී නීරෝගීමත් ජන සමාජයක් බිහිකරයි යන තේමාව යටතේ මින්හෙට්ටිය නව ක්‍රීඩා සමාජය බිහිකිරීම අරමුණ විය. වොලිබෝල් ක්‍රීඩාව 2013 මාර්තු මස ආරම්භකරන ලදී. නව ක්‍රීඩකයින් පුහුණු කිරීම තුලින් පරිපුර්ණ වු වොලිබෝල් කණ්ඩායමක් සකස්කිරීම මෙහි අරමුණ වේ.

ආගම[සංස්කරණය]

මිංහෙට්ටිය පුරාණ විහාරය

මෙම ප්‍රදේශය බෞද්ධ සංස්කෘතියක් උරුම කම් කියන ප්‍රදේශයක් බැවින් පන්සල මුල්කරගත් බෞද්ධ සංස්කෘතියක් පවතී.

ආර්ථිකය[සංස්කරණය]

වගාවන්ට හිතකර දේශගුණික තත්වයක් පැවතීම නිසා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ කෘෂිකර්මාන්තය තුලිනි. මෙයට අමතරව සත්ව පාලනය මගින්ද අාර්ථිකයට යම් දායකත්වයක් ලබාදෙයි. මේ වන විට කිරිගව පාලනය, කුකුල් පාලනය, එළුවන් පාලනය සිදුකරගෙන යන අතර වැඩි ප්‍රතිශතයක් කිරි ගව පාලනය කරගෙන යන පිරිස්ය. කිරි මිලදීගැනීමේ මධ්‍යස්ථාආයක්ද ඒ සදහා සමිතියක්ද ඹවුන් සදහා ණය පහසුකම් ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ. නව පරම්පරාව ව්‍යාපාරික කටයුතු වලට මෙන්ම රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියවලට යොමු වී ඇත මේ තුලින් ගමේ ආර්ථිකය ශක්තිමත් වුවත් නව ආර්ථික සැළැස්මක අවශ්‍ය තාවයක් පවතී.

ගොවිතැන සහ වගාවන්[සංස්කරණය]

වී ගොවිතැන සහ පොල් වගාව ප්‍රධානතම ආර්ථික ක්‍රමයයි.

කිරි ගව පාලනය[සංස්කරණය]

කර්මාන්ත[සංස්කරණය]

මධ්‍ය පරිමාණ[සංස්කරණය]

ගෘහ කර්මාන්ත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිංහෙට්ටිය&oldid=352660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි