මැඩගස්කරයේ භාෂා

විකිපීඩියා වෙතින්
(මැඩගස්කරයෙහි භාෂා වෙතින් යළි-යොමු කරන ලදි)
Languages of Madagascar
Sign in Malagasy, French and English
OfficialMalagasy, French
RecognisedEnglish
SignedMalagasy Sign Language
Keyboard layout
French AZERTY
Signs in French in Antananarivo.

මලායෝ-පොලිනීසියානු සම්භවයක් දරන, මලගාසි භාෂාව, දිවයින පුරා සමස්තයක් ලෙසින් කථනය සඳහා භාවිතා කෙරේ. මැඩගස්කරයෙහි නිල භාෂාවන් මලගාසි, ප්‍රංශ සහ ඉංග්‍රීසි වෙති. මැඩගස්කරය යනු ප්‍රංශ-කථන රටක් වන අතර, මෙම පූර්ව ප්‍රංශ යටත් විජිතයෙහි උගත් ජනයා අතර කථන භාෂාවක් ලෙසින් ප්‍රංශ භාවිතා වෙයි. තවමත් විරල වුවද, ඉංග්‍රීසි, පුළුල් භාෂිතයට ලක් වෙමින් පවතින අතර, 2003 දී, රජය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙසින් පාසල් 44 ක ප්‍රාථමික ශ්‍රේණින් හි ඉංග්‍රීසි උගැන්වීම ඇරඹුවේ මෙම ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තු ඇතිවය. බොහෝ සාම බලකා ස්වේච්ඡා සාමාජිකයින් මෙම කර්තව්‍යය ඉටු කර ගැනීමට ආධාර සපයමින් සහ ගුරුවරුන් පුහුණු කරමින් සහය වෙති.

1958 පළමු ව්‍යවස්ථාවෙන්, මලගාසි ජනරජයෙහි නිල භාෂාවන් ලෙස, මලගාසි සහ ප්‍රංශ නම් කරන ලදි.[1]

1992 ව්‍යවස්ථාව තුල නිල භාෂාවන් පිළිබඳ කිසිදු සඳහනක් නොමැත. ඒ වෙනුවට, ජාතික භාෂාව ලෙසින් මලගාසි නම් කරන ලදි; කෙසේවුවද, බොහෝ මූලාශ්‍රයන් විසින් තවමත්, නිල භාෂාවන් ලෙසින් මලගාසි හා ප්‍රංශ හුවා දක්වන්නේ ඒවා තත්වාකාරයෙන් එම ස්ථාපිතය ආරෝපණය කර ගෙන ඇති බැවිනි. 2000 අප්‍රේල් හිදී, පුරවැසියෙකු විසින් අධිකරණයෙහි නඩුවක් ගොනු කලේ, නිල ලේඛන ප්‍රංශ භාෂාවෙන් පමණක් ප්‍රකාශනයට පත් කිරීම ව්‍යවස්ථා-විරෝධි බව දක්වමිනි. තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය කරුණු දැක්වූයේ [2], භාෂා නීතියක් නොමැති විටෙක, ප්‍රංශ සඳහා නිල භාෂා තත්ත්වය ආරෝපණය කල හැකි බවය.

2007 ව්‍යවස්ථාව තුලින්, මලගාසි ජාතික භාෂාව ලෙසින් පවත්වා ගෙන ගියද නිල භාෂා යළි-පිහිටුවන ලදහ: මලගාසි, ප්‍රංශ, සහ ඉංග්‍රීසි. ඉංග්‍රීසි ඇතුළත් කිරීම සඳහා පෙළඹවීමක් ලෙසින් අඩ වශයෙන් හෝ ක්‍රියා කරන්නට ඇත්තේ ඉංග්‍රීසි භාවිතා කරන අසල්වැසි රටවල් හා සමගින් සබඳතා වැඩි දියුණු කිරීම හා විදේශ සෘජු ආයෝජනය දිරිමත් කිරීම යන කාරණාවන්ය.[3]

පුස්තක නාමාවලිය[සංස්කරණය]

  • (ප්‍රංශ බසින්) Sophie Babault, Langues, école et société à Madagascar : normes scolaires, pratiques langagières, enjeux sociaux, L'Harmattan, 2006, 320 p. ISBN 978-2-296-00690-4

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Le malgache et le français sont les langues officielles de la République Malgache." Constitution, Titre I, Art. 2; Constitutional Law 14 October 1958.
  2. Haute Cour Constitutionnelle De Madagascar, Décision n°03-HCC/D2 Du 12 avril 2000
  3. Madagascar adopts English as official language සංරක්ෂණය කළ පිටපත 2008-02-26 at the Wayback Machine, ClickAfrique.com, 10 April 2007.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=මැඩගස්කරයේ_භාෂා&oldid=626758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි