මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව

විකිපීඩියා වෙතින්
(මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
Location
Map

ශ්‍රී ලංකාව
තොරතුරු
ආදර්ශ පාඨයIter Para Tutum
අර්ථය: "අප හට මඟ පෙන්වනු"
ආරම්භ කලේ1921
තත්ත්වය1921
විදුහල්පතිගරු චින්තන නෝනිස් සහෝදරතුමා
වර්ණ(ය)රතු සහ නිල්
Affiliationsරෝමානු කතෝලික

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (ඉංග්‍රීසි: Maris Stella College, දෙමළ: மாரீஸ் ஸ்டெல்லா கல்லூரி), ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රදේශයේ පිහිටි කතෝලික පිරිමි පාසලක් වන අතර මාරිස් සහෝදරවරුන් විසින් 1922 වසරේදී ආරම්භ කරන ලදී.

ඉතිහාසය[සංස්කරණය]

1918 වසරේ දී මාරිස් සහෝදරවරුන් හතරදෙනෙකුගේ මූලිකත්වයෙන් කළමනාකරණය වූ ශාන්ත මරියා විද්‍යාලයය, 1922 වසරේදී මාරිස් සටෙල්ලා විද්‍යාලයය නමින් වර්තමානයේ පිහිටි ස්ථානයට ගෙන එන ලදී. ප්‍රාථමික පාසලේ ඉතිහාසය 1921 දක්වා දිව යන අතර එවකට මුලික පාසල් අධ්‍යාපනය භාරව සිටි ගරු ලුවිස් සහෝදරතුමා, මූලික අධ්‍යාපනය ලැබීමේ සහතිකය (E.S.L.C) සහිත පන්ති කාමර ගණන 2ක් විය. පොල් අතු මඩුවලින් සෙවණ ලබා ගනිමින් ප්‍රාථමික පන්ති කාමර 8ක ද ඉගෙනීමේ කටයුතු සිදු කෙරුණි.

පාසැල් විකාශන සේවා 1930 දී විවෘත කරන ලදී. පුස්තකාලය තුල ස්ථාපනය කරන ලද රැහැන් රහිත පද්ධතිය තුළින් ළමුන් පාඩම් ඉගෙනීමට පෙළබුන අතර ස්වභාවික කතා ද ඒ අතර වේ. 1931 වසරේදී මුළු මිගමු නගරයටම විදුලි සම්බන්ධතාවය ලැබිමත් සමග එම වසරේදී ම ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර පැවැත්වුණි. එය මුළු ප්‍රදේශය පුරාම වැඩම වූයේ ශිෂ්‍ය භටයන් සමග වන අතර එමගින් රාජකීය ආරක්ෂාක උපහාරය පිළිබිඹු කෙරිණි.

වර්ෂ 1939 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. එම වසරේදී රාජකීය කාලතුවක්කු හමුදාව විසින් පාසල් භූමිය ආක්‍රමණය කර ඔවුන්ගේ මුලස්ථානය බවට පත් කර ගත්හ. මේ හෙතුවෙන් ප්‍රාථමික පාසල තම්මිට දේවස්ථාන පිටියේ තිබු තාවකාලික පොල් අතු මඩුවකට මාරු කෙරුණි. පසුව රාජකීය කාලතුවක්කු හමුදාව නොවැම්බර් මස වන විට පාසල් භූමිය හැර ගියත්, රාජකීය ගුවන් හමුදාව විසින් නැවත පාසල් ගොඩනැගිලි අත්පත් කරගන්නා ලදී. විද්‍යාලයය අප ස්වාමි දියණියගේ ආරක්ෂාව යටතේ තබා තිබුණි. එකල පාසල් වල නිතරම ගුවන් ප්‍රහාර පූර්වාරක්ෂා පුහුණු වීම් පැවැත්වුණි. ආරක්ෂාව සදහා අගල් කපා තිබු අතර පෙර පුහුණුව තුළින් ළමුන් ගුවන් ප්‍රහාර වලින් ආරක්ෂා වීමට දැනසිටියහ. වාසනාවකට මෙන්, 1942 දී ජපන් ගුවන් ප්‍රහාරය සිදු වන අවස්ථාවේ පාස්කු උත්සවය සදහා පාසල නිවාඩු දී තිබු අතර ප්‍රහාරක නෞකා ද නැවත හැරී ගියේය. 


මේ අතරතුරදී තම්මිට තාවකාලික ප්‍රාථමික පාසල නැවත තිබු ස්ථානයට ගෙන එන ලැබූ අතර අක්කර තුනක බිම් කොටසක් මිලදී ගෙන පන්තිකාමර 12ක්, ගුරු විවේකාගාරයක්, සහ විදුහල්පති කාර්යාලයයක් ඉදිකරන ලදී. 1950 වසරේදී අධ්‍යාන නිවාඩුවක් සදහා යුරෝපයට පිටත් වන එවකට විදුහල්පති ගරු නසියර් සහෝදරතුමා වෙනුවට තාවකාලිකව ගරු ලියනඩ් ඔබ්රිස් මහතාව ප්‍රථමික අංශයේ විදුහල්පති ලෙස පත් කරන ලදී. ප්‍රාථමික පාසල පොල් අතු මඩු තුල වර්ෂ ගණනාවක් යන තෙක්ම පැවතුණි. මේ හේතුවෙන් ප්‍රාථමික ගොඩනැගිල්ලක උවමනා තදින්ම දැනුන අතර ඒ වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භවුණි. මේ සදහා මුල්‍ය අරමුදල් ලබා ගැනීමට සැණකෙළියසහඅනෙකුත් උත්සව පාසල විසින් සංවිධානය වුණි.ප්‍රථමිකපාසලේ ගෘහනිර්මාණ ශිල්පියා සහ ගොඩනඟන්නා ලෙස කටයුතු කලේ එවකට සිටි එක්සවියර් සහෝදරතුමා විසිනි. අනතුරුව ප්‍රාථමික පාසලේ විදුහල්පති වශයෙන් ගරු ජෙරාඩ් පීරිස් සහෝදරතුමා 1959 දී පත්වුහ. 

මාරිස් ස්ටෙල්ලා ප්‍රාථමික පාසල වසර ගණනාවක සිට වෙන්ව ආධාර ලබන පාසැලක් ලෙස රජය විසින් හදුනාගෙන තිබු අතර පාසලට වෙන් වූ ගුරු මඩුල්ලක් සහ වාර්ෂික ප්‍රතිලාභ ද පිරිනැමුණි. මේ වන විට මෙම ප්‍රාථමික පාසල පමණක් නොව රටෙහි පිහිටි මුලික පෙළේ ප්‍රාථමික කතෝලික පාසැල් රැසක් මෙම  කොටසට එක්ව තිබුණි. මෙම ක්‍රමය තරමක් වාද වු බැවින්, පසුකාලයේදී රජය විසින් ප්‍රාථමික පාසල් නැවත ලබා දුන් අතර, වර්තමානය වන විට ප්‍රාථමික පාසල ප්‍රධාන පාසලේ ගාස්තු නොගෙවන අනු ශාඛාවක් පමණක් ලෙස කටයුතු කරයි.

1959 සිට 1965 දක්වා ප්‍රාථමික පාසලේ විදුහල්පති ධුරය දැරූ ගරු ජෙරාඩ් පීරිස් සහෝදරතුමා තුඩැල්ලේ පිහිටි තවත් මාරිස් ආයතනය වූ ක්‍රිස්තු රාජ විද්‍යාලයයට මාරු කෙරුණි. ඉන්පසු ව ගරු ජෝශප් ෆොන්සේකා සහෝදරතුමා, ගරු ඉෆ්රන් ඔබ්රිස් සහෝදරතුමා, ගරු ශාන්තී ලියනගේ සහෝදරතුමා,ගරු දෙලා සොයිසා සහ ගරු රෙමියූස් ප්‍රනාන්දු පාසලට එක විය.    

විදුහල්පතිවරුන් [සංස්කරණය]

සේවා කාලය
විදුහල්පතිගේ නම 
1922 - 1926 ගරු ලුවිස් සහෝදරතුමා
1926 - 1926 ගරු ජෝසප් සහෝදරතුමා
1927 - 1949 ගරු ඇන්තනි සහෝදරතුමා
1949 - 1956 ගරු කොන්රන් සහෝදරතුමා
1956 - 1959 ගරු ගුණවර්ධන ස්ටැනිස්ලස් සහෝදරතුමා
1960 - 1966 ගරු පීටර් සහෝදරතුමා
1966 - 1979 ගරු ග්‍රෙගරි අප්පුහාමි සහෝදරතුමා
1979 - 1989 ගරු පී. ආර්. ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමා
1990 - 1995 ගරු ඒ. ඩි. ඒ. ශාන්ති ලියනගේ සහෝදරතුමා
1996 - 2001 ගරු කේ. ඒ. ගෝඩ්ෆ්‍රී එඩ්වඩ් පෙරේරා සහෝදරතුමා
2002 - 2004 ගරු පී. ආර්. ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමා
2004 - 2007 ගරු එම්. එල්. සුනන්ද අල්විස් සහෝදරතුමා
2007 - 2010 ගරු බී. පී. ආර්. මර්වින් පෙරේරා සහෝදරතුමා
2010 - 2017 ගරු එම්. එල්. සුනන්ද අල්විස් සහෝදරතුමා
Since 2017 ගරු චින්තන නෝනිස් සහෝදරතුමා

ධජය සහ ලාංඡනය[සංස්කරණය]

පාසල් ධජය[සංස්කරණය]

පාසල් ධජය දෙවර්ණයකින් සංයුක්ත වන අතර නිල් වර්ණය සහිත තීරු දෙකක් මධ්‍යයෙහි රතු තීරුවක් අන්තර්ගත වේ.


පාසල් ලාංඡනය[සංස්කරණය]

පාසල් ලාංඡනයේ තිබෙන ප්‍රධාන ලක්ෂණ අතරින්, විරාජමාන තාරකාව, "A" ඉංග්‍රීසි අකුර සහ "M" ඉංග්‍රීසි අකුර, කුඩා තාරක දුසිම, සයුරේ යාත්‍රා කරන කෙළිනැව සහ "Iter Para Tutum" ලතින් බසින් කියවෙන ආදර්ශ පාඨය. ලාංඡනයේ ඉහලින්ම තිබෙන බැබළෙන තාරකාව මගින් නිරූපණය කෙරෙන්නේ අපි ජීවන ගමනක යෙදෙන බව සහ මෙම තරුව නිවැරදි මාර්ගය අපට පෙන්වාදෙන බවයි. ඉංග්‍රීසි අකුරු A සහ M මගින් දැක්වෙන්නේ "Ave Maria" ආවේ මරියා. සයුරේ යාත්‍රා කරන කෙළිනැව අපේ ජිවිත ගමනට සමාන කර තිබේ. ලතින් බසින් කියවෙන ආදර්ශ පාඨය "Iter Para Tutum"අප හට මග පෙන්වනු හෝ යහමහ පෙන්වනු යනුවෙන් හදුන්වයි. 

ක්‍රීඩා[සංස්කරණය]

කරාටේ
කැරම්
ක්‍රිකට්
ජිම්නාස්ටික්
බැඩ්මින්ටන්
මළල ක්‍රීඩා
පාපන්දු
පැසිපන්දු
පිහිනුම් 
වොලි බෝල් 
හොකී

සමිති සහ සංගම්[සංස්කරණය]

කනිෂ්ඨ බටහිර සංගීත කණ්ඩායම
කලා සංගමය
ගගනගාමී සංගමය
ගීතිකා කණ්ඩායම
ඡායාරූප සංගමය
ජ්‍යෙෂ්ඨ බටහිර සංගීත කණ්ඩායම 
තාරකා විද්‍යා සංගමය
පුරාවිද්‍යා සමාජය
ශිෂ්‍යභට බලකාය
ෂම්පඤ්ඤ තරුණ සමාජය
වාණිජ සංගමය
දෙව්දහම් කමිටුව
පරිසර කමිටුව
මාධ්‍ය ඒකකය
ශිෂ්‍ය සංගමය 
රතු කුරුස සමාජය
පාසැල් පරිසර නියමු භට බලකාය
විද්‍යා සංගමය
බාලදක්ෂ සමූහය

පාසලෙන් බිහි වූ විශිෂ්ඨයින්[සංස්කරණය]

Name Year/degree Notability Reference
Shanaka, Dasunදසුන් ශානක Shanaka, DasunDasun Shanaka
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (2016-2017)
Chameera, Dushmanthaදුෂ්මන්ත චමීර Chameera, DushmanthaDushmantha Chameera
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (2015-2016)
Fonseka, Carloකාලෝ ෆොන්සේකා

Fonseka, CarloCarlo Fonseka

මහාචාර්යය කායික විද්‍යාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති 

(2012-2017)

Kulasinghe, A. N. S.ඒ. එන්. එස්. කුලසිංහKulasinghe, A. N. S.A. N. S. Kulasinghe සිවිල් ඉංජිනේරුවෙකු, ආරම්භක සභාපති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව(1962-1971)
Soza, J. F. A.ජේ. එෆ්. ඒ. සෝසාSoza, J. F. A.J. F. A. Soza ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (1982–1984)
Labrooy, Graemeග්‍රැහැම් ලැබ්රෝයිLabrooy, GraemeGraeme Labrooy
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක (1986-1991)
Mendis, Wijayapalaවිජයපාල මෙන්ඩිස්

Mendis, WijayapalaWijayapala Mendis

පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී - කටාන 

(1960-1970, 1975-1989), ගම්පහ (1989-2000)

Fernandopulle, JeyarajFernandopulle, JeyarajJeyaraj Fernandopulle ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී - ගම්පහ (1989-2008),

මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය (2005-2008)

Ramanayake, Ranjanරන්ජන් රාමනායක

Ramanayake, RanjanRanjan Ramanayake

රංගන ශිල්පී, පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී - රත්නපුර (2010-2015), ගම්පහ (2015-වර්තමාන)