මානව කෘති (පුරා විද්‍යාව)

විකිපීඩියා වෙතින්

පුරා විද්‍යාවේ දී මානව කෘතියක් යනු මනුෂ්‍ය සංස්කෘතියක් මඟින් නිර්මාණය වූ හෝ නවීකරණය වූ වස්තුවක් වන අතර බොහොමයක් විට පසු කාලීනව යම් පුරා විද්‍යාත්මක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස සොයා ගන්නා ලද එකක් වේ. මෙයට උදාහරණ ලෙස ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය, පිඟන් බඩු වැනි ගල් මෙවලම්, බොත්තම් හෝ තුවක්කු වැනි ලෝහමය වස්තු හා ආභරණ හා ඇඳුම් පැලඳුම් වැනි පුද්ගලික අලංකරණ ආයිත්තම් දැක්විය හැක. අනෙකුත් උදාහරණවලට මනුෂ්‍ය නවීකරණයේ සලකුණු පෙන්වන අස්ථි, උඳුනෙන් ගන්නා ලද ගිනි ගල් හෝ ආහාර සඳහා යොදා ගන්නා පැළ කිරීමේ ද්‍රව්‍ය ඇතුළත් වේ.

මෙම වස්තු පිළිබඳ අධ්‍යයනය පුරා විද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් කොටසක් වේ. එසේ නමුත් ඒවා නිර්මාණය කළ සමාජ කණ්ඩායම ඔවුන් විසින් නිරූපණය කරන ප්‍රමාණය පුරා විද්‍යාත්මක සෛද්ධාන්තිකයන්ගේ තර්කනයට භාජනය වේ. මානව කෘතියක් පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම තුළින් අදාල වස්තුව පිළිබඳ තීව්‍ර හා සුපැහැදිලි කාරණා මතු කර ගත හැකි අතර නිෂ්පාදනය කිරීමේ සමාජය පිළිබඳ තවදුරටත් කරුණු හෙලි කරන වටපිටාවෙහි වූ සාධක නොසලකා හැරිය හැක. සාම්ප්‍රදායික කෞතුකාගාර බොහෝ විට අතිශයින් මානව කෘති මත පමණක් පදනම් වීම සම්බන්ධයෙන් විවේචනයට භාජනය වේ. එනම් ඔවුන්ගේ යෙදීම් හෝ ‍ඒවා නිර්මාණය කළ මිනිසුන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිව එම අයිතම ප්‍රදර්ශනය කිරීමයි.

මානව කෘති, පහත දැක්වෙන ආකාරයේ පුරා විද්‍යාත්මක සන්දර්භ හෝ ප්‍රබව ඕනෑම එකකින් පැමිණිය හැක.

· මෘත දේහයක් සමඟ මිහිදන් කර ඇති (සුසාන භූමි භාණ්ඩ) · කසල ගොඩවල් හෝ අනෙකුත් ගෘහස්ථ සැකසුම් වැනි ඕනෑම අංගයකින් · නිධාන · භාර ඔප්පු කිරීමේ පූජා

මානව කෘති, භූ ස්ථරික අංග වැනි පුරා විද්‍යාත්මක වාර්තාවල ප්‍රධාන අංගවලින් වෙනස් වන අතර ඒවා ජෛව කෘති හෝ පරිසර කෘතිවලින් එන උඳුන්, මාර්ග හෝ තැන්පත් හෝ අවශේෂ වැනි මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල සුචල නොවන අ‍වශේෂ වන අතර බීජ හෝ මනුෂ්‍ය අස්ථි වැනි අනෙකුත් ජීවී පටක මඟින් නිර්මාණය කරන ලද පුරා විද්‍යාත්මක අවශ්‍යතාවලට වස්තු විෂයන් වේ.

මිනිසා මඟින් චලනය කර ඇති නමුත් වෙනස් කර නොමැති වස්තු මැනුපෝට් (Manuports) ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණවලට භුමිය තුළට ගෙන එන මුහුදු බෙල්ලන් හෝ ජලයෙන් එපිට තබන ලද රවුම් පබළු ඇතුළත් වේ.

මෙම වෙනස් වීම් සාමාන්‍යයෙන් පැහැදලි නොවේ. උදාහරණ ලෙස සත්ව සැකිල්ලකින් ඉවත් කර ගන්නා ලද අස්ථියක් ජෛව කෘතියක් වන නමුත් ප්‍රයෝජනවත් දෙයක් කාවද්දා ඇති අස්ථියක් මානව කෘතියක් වේ. ඒ හා සමානවම ශෛලමය වස්තු පිළිබඳව යම් විවාද පවතී. එනම් එම ශෛලමය වස්තු මානව කෘති එසේත් නැතිනම් මිනිසා විසින් භාවිතා කළ ස්වාභාවික සංසිද්ධිවල ප්‍රතිඵල ලෙසින් බිහි වූ දෙයක් ද යන්නයි.






References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Artifact_%28archaeology%29