මාටෙලෝ කුළුණ (හම්බන්තොට)

විකිපීඩියා වෙතින්
මාටෙලෝ කුළුණ
හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
හම්බන්තොට, ශ්‍රී ලංකාව
මාටෙලෝ කුළුණ is located in Sri Lanka
මාටෙලෝ කුළුණ
මාටෙලෝ කුළුණ
ඛණ්ඩාංක6°7′19″N 81°7′37″E / 6.12194°N 81.12694°E / 6.12194; 81.12694
වර්ගයආරක්ෂක මාටෙලෝ කුළුණ
උස7.6 මී (25 අඩි)
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලංකාවෙහි රජය
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
ඔව්
තත්ත්වයහොඳ
අඩවි විස්තර
තැනීම1804-1806
තනන ලද්දේබ්‍රිතාන්‍ය
ද්‍රව්‍යහුණුගල් සහ කොරල්

හම්බන්තොට පිහිටි මාටෙලෝ කුළුණ යනු, මාටෙලෝ කුළුණ ( 1794 වසරෙහිදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙහි ප්‍රහාරයෙන් විනාශ නොවී බේරුණු කෝර්සිකාවෙහි ටොරා ඩයි මෝටෙලා (මර්ට්ල්) තුඩුවෙහි පිහිටි 15වන-සියවසෙහි බලකොටුවක්) විසින් ආවේශිත කුඩා වෘත්තාකාර හැඩැති බලකොටුවකි.

හම්බන්තොට පිහිටි වරාය සහ ජනාවාසය ආරක්ෂා කිරීමට 1804 සහ 1806 අතරතුර මෙම කුළුණ තැනුනේ උඩරට කැරළිකරුවන් විසින් 1803 වසරෙහිදී එල්ල කල අසාර්ථක ප්‍රහාරයෙන් පසුවය. මෙම කුළුණ තැනීමෙහි ගෞරවය හිමිවන්නේ ඉංජිනේරු බලකායෙහි කපිතාන් ගෝපර් වෙතටය (කෙසේවෙතත්, මෙවැන්නෙක් සිටි බවට බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා වාර්තාවල සඳහන් වී නොමැත). 1796 වසරෙහිදී, දකුණු අප්‍රිකාවෙහි කේප් ටවුන් අසබඩ, සිමන්ස් ටවුන්හී මෙවැනිම මාටෙලෝ කුළුණක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීමෙහි යෙදුනු කපිතාන් බ්‍රිජර්ස්, මෙම කුළුණ ඉදිකරන අවධියෙහිදී ලංකාවෙහි අණදෙන ඉංජිනේරුවරයා වූ අතර, හම්බන්තොටවූ කුළුණ හා පෙර සඳහන් කුළුණ අතර කිට්ටු සමානතාවයක් පැවතිණි.

1803 වසරෙහි සැප්තැම්බරයෙහිදී, හම්බන්තොට කෙටි නැවතුමක යෙදුනු HMS විල්හමීනා නෞකාව විසින් රාජකීය කාලතුවක්කු හමුදාවෙහි අටදෙනෙකුගේ ඇණියක් ගොඩ බස්වන ලද අතර, පසුව සිදුවූ උඩරට ප්‍රහාරයක් මැඩපැවැත්වීමට ඉවහල් වන අයුරින් බ්‍රිතාන්‍ය බල ඇණිය එය වෙතින් ශක්තිමත් කෙරිණි.[1]

මාටෙලෝ කුළුණෙහි පදනමෙහි විෂ්කම්භය 12 මී (39 අඩි) සහ බිත්ති ඝණකම 1.2 මී (3 අඩි 11 අඟ) වූ අතර, එහි උස 7.6 මී (25 අඩි) ක් විය. තාප්පය වටකරමින් අසාමාන්‍ය ලෙසින් පිහිටා තිබූ නෙරා සිටි ගැටියක් එය සතු විය. ඉංග්‍රීසි කුළුණු වලට සමාන ලෙසින්, මෙම බලකොටුවටද ඇතුළුවීම පිහිටා ඇත්තේ පළමුවන මහලට විවෘත වන දොරටුවකින් වුවද අනෙක්වාට වෙනස් ලෙසින් හම්බන්තොට කුළුණෙහි කුරුබිලයන් කිහිපයක් ඇත. බිම් මහල තුල ගබඩා කාමරයක් සහ යුද්ධායුද ගබඩාවක් තිබිණි. කුළුණෙහි යුද්ධෝපකරණ අතර, රාත්තල්-6 හි තුවක්කු දෙකක්ද, රාත්තල්-3 හි තුවක්කු තුනක්ද සහ, රාත්තල්-2 සහ රාත්තල්-1 තුවක්කු කිහිපයක්ද වූහ. 1813 වසරෙහිදී, කුඩා තුවක්කු බොහෝමයක් වෙනුවට, 5-1/2 අඟල් හොවිත්සරයක් ආදේශ කෙරුණු අතර, 1814 වසරෙහිදී රාත්තල්-18 තුවක්කු දෙකක් එක් කෙරිණි.

1999 වසරෙහිදී මෙම කුළුණ ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. අතීතයෙහිදී, මෙම කුළුණෙහි හම්බන්තොට කච්චේරියෙහි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය පිහිටා තිබුණි. වර්තමානයෙහි, එහි පිහිටා ඇත්තේ ධීවර කෞතුකාගාරය වෙයි. [2]

හම්බන්තොට බලකොටුව[සංස්කරණය]

ලන්දේසින් විසින් 1760 වසරෙහිදී හම්බන්තොට බලකොටුව තනවන ලද්දේ ලුණු ලේවායන් ආරක්ෂා කිරීමේ අභිප්‍රාය සහිතවය. බ්‍රිතාන්‍යයන් විසින් මාටෙලෝ කුළුණ සඳහා බලකොටුව පැවති අඩවිය භාවිතා කලහ. [3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ද ලන්ඩන් ගැසට්: no. 15689. p. . 3 අප්‍රේල් 1804.
  2. "මාටෙලෝ ටවර් ඇට් හම්බන්තොට". සම්ප්‍රවේශය 25 නොවැම්බර් 2014.
  3. "හම්බන්තොට". වීඕසී ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.