මහේක් චාහල්

විකිපීඩියා වෙතින්
(මහෙක් චාහල් වෙතින් යළි-යොමු කරන ලදි)
මහේක් චාහල්
INIFD දේශීය ඇකඩමිය ඇරඹි දින මහේක් චාහල්
උපත1 පෙබරවාරි 1979 (1979-02-01) (වයස 45)[1][2]
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2002—වර්තමානය
වෙබ් අඩවියmahekchahal.com/

මහේක් චාහල් (උපත 1 පෙබරවාරි 1979) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් චිත්‍රපටවල පෙනී සිටින නෝර්වීජියානු නිළියක සහ නිරූපණ ශිල්පිණියකි‍. මහේක් බිග් බොස්හි තරගකාරිණියක ද වූවා ය.

වෘත්තිය[සංස්කරණය]

චාහල් ඇගේ බොලිවුඩ් ආගමනය සිදු කළේ නායී පදෝසන් නැමැති 2003 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමිනි.[4] මීට අමතරව ඇය චමේලි නැමැති 2004 තිරගත වූ චිත්‍රපටයේ ගීතයකට ද පෙනී සිට ඇත.[5] ඉන්පසුව චාහල් පන්ජාබි චිත්‍රපටයක් වූ දිල් අප්නා පන්ජාබි නැමැති 2006 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටය සඳහා ද දායක වූ අතර,[6] 2009 වර්ෂයේ තිරගත වූ Wanted සහ මේන් ඕර් මිසිස් ඛන්නා යන චිත්‍රපටවල සහායක චරිත නිරූපණයෙන් ද දායක වී තිබේ.[7] ඇය යාම්ලා පාග්ලා දීවානා චිත්‍රපටයේ ද ගීත දර්ශනයක් සඳහා පෙනී සිටියා ය.[8] චාහල් 2011 වර්ෂයේ දී නෝර්වීජියානු රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වූ Fristet සඳහා සහභාගී වූවා ය. මීට අමතරව ඇය Karar: The Deal නැමැති 2014 වර්ෂයේ තිරගත වූ හින්දි චිත්‍රප‍ටයේ ද ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. චාහල් ඇගේ ඇඳුම් ව්‍යාපාරය මහේක් චාහල් ක්ලෝතිං යන නාමයෙන් නෝර්වේහි දියත් කළා ය.[9] මහේක් චාහල් 2011 වර්ෂයේ විකාශය වූ බිග් බොස් 5 සහ 2015 වර්ෂයේ විකාශය වූ බිග් බොස් හල්ලා බෝල් යන රියැලිටි රූපවාහිනී වැසටහන් සඳහා තරගකාරිණියක සහභාගී වූවා ය.[10] මීට අමතරව චාහල් 2016 වර්ෂයේ කලර්ස් ටීවී රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ කවච්...කාලි ශක්තියොන් සේ නැමැති බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනය විසින් නිෂ්පාදිත රූපවාහිනී කතාමාලාවේ මංජුලිකා නම් චරිතය නිරූපණය කළා ය. නමුත් ඇයගේ හැසිරීම් විලාසය හේතුවෙන් පසුව එම කතාමාලාවෙන් ඇයට ඉවත් වන්නට සිදු විය. පසුව එම චරිතය සඳහා සාරා ඛාන් නම් නිළිය දායක කරගන්නා ලදී.

මහේක් සිය රංගන සහ නර්තන දායකත්වය සැපයූ චිත්‍රපට අතර නීතෝ, නායී පදෝසන්, චමේලි, අන්ජාන්, දිල් අප්නා පන්ජාබි, ඡෝදොන් නා යාර්, ජයි වීරු, Wanted, මේන් ඕර් මිසිස් ඛන්නා, මරේගා සලා, මුම්බායි කටිං, කේඩි, යාම්ලා පාග්ලා දීවානා, බික්‍රම් සිංහා, ජාට් එයාර්වේස්, කරාර් — ද ඩීල්, මිස්ටර් අයිරාවතා සහ ගේතු යන චිත්‍රපට වැදගත් වේ. මීට අමතරව ඇය C.I.D., බිග් බොස් 5, Fristet, කහානි කොමඩි සර්කස් කි, බිල් බොස් හල්ලා බෝල්, කිලේර් කරාඔකේ අත්කා තෝ ලත්කා, Power Couple, දාර් සබ්කෝ ලග්තා හේ, කවච්...කාලි ශක්තියොන් සේ සහ කොමඩි නයිට්ස් බචාඕ වැනි විවිධ රූපවාහිනී කතාමාලා සහ වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට
වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව
2002 නීතෝ ශාලිනී තෙලිඟු
2003 නායේ පදෝසන් පූජා ඉයේන්ගර් හින්දි
2004 චමේලි "සජ්නා වේ සජ්නා" ගීතයේ දර්ශනයක් වෙනුවෙන් හින්දි
2005 අන්ජාන් මේනකා හින්දි
2006 දිල් අප්නා පන්ජාබි ලීසා කොවුර් පන්ජාබි
2007 ඡෝදොන් නා යාර් "තාල්වාර් රේ" ගීතයේ දර්ශනයක හින්දි
2009 ජයි වීරු "අග්රේ කා ඝග්රා" ගීතයේ දසුනක් වෙනුවෙන් හින්දි
2009 Wanted ෂායිනා හින්දි
2009 මේන් ඕර් මිසිස් ඛන්නා ටියා රොබට්ස් හින්දි
2009 මරේගා සලා පූජා හින්දි
2010 Mumbai Cutting N/A හින්දි
2010 කේඩි "මු මු මුධාන්ටේ" ගීතයේ දර්ශනයක තෙලිඟු
2011 යාම්ලා පාග්ලා දීවානා "චම්කි මස්ත් ජීවානි" ගීතයේ දර්ශනයක හින්දි
2012 බික්‍රම් සිංහා "නා චම්පා නා චමේලි" ගීතයේ දර්ශනයක බෙංගාලි
2013 Jatt Airways "Ok Report" ගීතයේ දර්ශනයක පන්ජාබි
2014 කරාර් — ද ඩීල් නිකිතා හින්දි
2015 මිස්ටර් අයිරාවතා "කා තල්කට්ටු" ගීතයේ දර්ශනයක කන්නඩ
2016 ගේතු ගීතයක දෙමළ
රූපවාහිනිය
වර්ෂය වැඩසටහන චරිතය භාෂාව
2009 C.I.D. විශේෂයෙන් ඕනෑකර ඇති තැනැත්තිය හින්දි
2011 Bigg Boss 5 අනුශූරිය හින්දි
2011 Fristet ඇය ලෙසම නෝර්වීජියානු
2012 කහානි ‍කොමඩි සර්කස් කි ඇය ලෙසම හින්දි
2015 බිග් බොස් හල්ලා බෝල් ඇය ලෙසම - 17වන දිනයේ (2015 ජනවාරි 21) ඉවත් විය හින්දි
2015 කිලේර් කරාඔකේ ආත්කා තෝ ලත්කා ඇය ලෙසම හින්දි
2015 Power Couple ඇය ලෙසම අශ්මිත් පටෙල්ගේ සහයෝගයෙන් හින්දි
2016 දාර් සබ්කෝ ලග්තා හේ (කථාංගය 27) සුකන්‍යා හින්දි
2016 කවච්...කාලි ශක්තියොන් සේ මංජුලිකා හින්දි
2016 කොමඩි නයිට්ස් බචාඕ ඇය ලෙසම හින්දි

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Jha, Sumit (3 February 2012). "Mahek Chahal gets birthday surprise". The Times of India. සම්ප්‍රවේශය 24 April 2016.
  2. Indo-Asian News Service (22 January 2015). "Mahek Chahal now sets sight on dance shows". The Indian Express. සම්ප්‍රවේශය 24 April 2016. The 35-year-old, who was the runner-up of "Bigg Boss 5"
  3. Singh, Gurvinder (21 May 2014). "Fit 'n' fine". The Tribune (Chandigarh). සම්ප්‍රවේශය 24 April 2016.
  4. "Mahek Chahal evicted from 'Bigg Boss'". Daily News and Analysis. 11 December 2011. සම්ප්‍රවේශය 24 April 2016.
  5. Shukla, Richa (18 February 2014). "Mahek Chahal wants a non-Bollywood dulha". The Times of India. සම්ප්‍රවේශය 24 April 2016.
  6. Gajjar, Manish. "Dil Apna Punjabi". BBC Online. සම්ප්‍රවේශය 24 April 2016.
  7. "Mahek: If I was that close to Salman, I'd be the lead in all his films". Rediff. 12 December 2011. සම්ප්‍රවේශය 24 April 2016.
  8. "Dharam Paajis item girl". Mid Day. 19 November 2010. සම්ප්‍රවේශය 24 April 2016.
  9. Joshi, Tushar (2 May 2014). "Mahek Chahal and Danish Khan — It's over!". Daily News and Analysis. සම්ප්‍රවේශය 24 April 2016.
  10. "Bigg Boss Halla Bol: Mahek Chahal eliminated in mid-week eviction". India Today. 22 January 2015. සම්ප්‍රවේශය 24 April 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Bigg Boss 5

"https://si.wikipedia.org/w/index.php?title=මහේක්_චාහල්&oldid=606118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි