මහා බඩවැල් සහ ගුද මාර්ග පිළිකාව
| මහා බඩවැල් සහ ගුද මාර්ග පිළිකාව | |
|---|---|
| වෙනත් නම් | මහා අන්ත්‍ර පිළිකා, ගුද මාර්ග පිළිකා, බඩවැල් පිළිකා |
| උදාහරණ: මහා අන්ත්‍රයේ පිළිකා දෙකක පිහිටීම සහ පෙනුම | |
| විශේෂතාව | පිළිකා විද්‍යාව[1] |
| රෝග ලක්ෂණ | ගුද මාර්ගයෙන් ලේ පිටවීම, වැසිකිලි පුරුදු වෙනස්කම්, බර අඩු වීම, නිතරම වෙහෙස දැනීම[2] |
| හේතු | මහලු වයස, ජීවන රටා සාධක, ජානමය ආබාධ[3] |
| අවදානම් සාධක | ආහාර, තරබාරුකම, දුම්පානය, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම, මත්පැන් භාවිතය[2] |
| රෝග විනිශ්චය ක්‍රම | සිග්මොයිඩොස්කොපි (සිග්මාභීක්ෂණය) හෝ කොලොනොස්කොපි (පුරීතන් ඊක්ෂණය) අතරතුර පටක ජෛව පරීක්ෂණයක් සිදු කිරීම[2] |
| වැළක්වීම | Screening from age of 50 to 69, varies by country[1] |
| ප්‍රතිකාර | ශල්‍යකර්මය, විකිරණ චිකිත්සාව, රසායනික චිකිත්සාව, ඉලක්කගත චිකිත්සාව[2] |
| Prognosis | පස් අවුරුදු පැවැත්මේ අනුපාතය රෝගයේ ප්‍රමාණය අනුව 14% සිට 90% දක්වා වේ[4] |
| සංඛ්‍යාතය | මිලියන 9.4 (2015)[5] |
| මරණ | 916,000 (2022)[6] |
මහා අන්ත්‍ර පිළිකාව, කොලරෙක්ටල් පිළිකාව හෝ ගුද මාර්ගයේ පිළිකාව ලෙසද හැඳින්වෙන මහා බඩවැල් සහ ගුද මාර්ග පිළිකාව ( CRC ) යනු මහා අන්ත්‍රයේ හෝ ගුද මාර්ගයේ අසාමාන්‍ය සෛල වර්ධනය වීමයි.[7] මෙම සෛල වලට ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කිරීමට හෝ පැතිරීමට හැකියාව ඇත.[8] රෝග ලක්ෂණ අතරට මළපහ තුළ රුධිරය තිබීම, සාමාන්‍ය මලපහ පිටවීමේ ක්‍රමයේ වෙනස්වීම්, බර අඩු වීම, වෙහෙස දැනීම සහ උදර වේදනාව වැනි දෑ ඇතුළත් විය හැකිය.[9]
බොහෝ මහා අන්ත්‍ර පිළිකා ඇතිවන්නේ මහලු විය සහ ජීවන රටා සාධක නිසා වන අතර, ජානමය ආබාධ හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් වාර්තා වේ.[3] අනෙකුත් අවදානම් සාධක අතර ආහාර, තරබාරුකම, දුම්පානය සහ ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම (ව්‍යායාම නොකිරීම) ඇතුළත් වේ.[9] අවදානම වැඩි කරන ආහාර සාධක අතර රතු මස්, සැකසූ මස් සහ මධ්‍යසාර ඇතුළත් වේ.[9] අනෙකුත් අවදානම් සාධක අතර ශ්‍රෝණියට විකිරණ ප්‍රතිකාර කිරීම සහ ප්‍රදාහක බඩවැල් රෝග, ක්‍රෝන්ගේ රෝගය සහ ව්‍රණමය පුරීතත්දානය ඇතුළත් වේ.[9] මහා අන්ත්‍ර පිළිකා ඇති කළ හැකි ප්‍රවේණික ජානමය ආබාධ අතරට ආවේනික ඇඩිනෝ පොලිපෝසියාව සහ පාරම්පරික පොලිපෝසියාව නොවන මහා අන්ත්‍ර පිළිකා ඇතුළත් වේ; කෙසේ වෙතත්, මේවා රෝගීන්ගෙන් 5% කටත් වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරයි.[3] එය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ, බොහෝ විට පොලිප් ස්වරූපයෙන්, ඇඩිනෝමාවක් (නිරෝගී ගෙඩියක්) ලෙසයි. නමුත් කාලයත් සමඟ එය පිළිකාවක් බවට පත්වේ.[9] මහා අන්ත්‍රයේ පිළිකා සාමාන්‍යයෙන් එය හට ගන්නා ස්ථානය අනුව; දකුණු පැත්ත, වම් පැත්ත සහ ගුද මාර්ගය ලෙස බෙදිය හැකිය.[9]
සිග්මොයිඩොස්කොපි (සිග්මාභීක්ෂණය) හෝ කොලොනොස්කොපි (පුරීතන් ඊක්ෂණය) පරීක්ෂණයකදී මහා අන්ත්‍රයේ සාම්පලයක් ලබා ගැනීමෙන් බඩවැල් පිළිකා හඳුනාගත හැකිය.[2] ඉන්පසු රෝගය පැතිරී ඇත්දැයි තීරණය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිබිම්බකරණය සිදු කරනු ලැබේ.[2] මහා අන්ත්‍ර පිළිකා වැළැක්වීම සහ මරණ අඩු කිරීම සඳහා මෙම පරීක්ෂාව ඵලදායී වේ. වයස අවුරුදු 45 සිට 75 දක්වා කාලය තුළ මෙම ක්‍රම අතරින් එකකින් පරීක්ෂා කිරීම නිර්දේශ කෙරේ.[10] කොලොනොස්කොපි පරීක්ෂාවේදී, කුඩා පොලිප් එකක් (මස් දල්ලක් වැනි) හමු වුවහොත් ඒවා ඉවත් කළ හැකිය.[11] විශාල පොලිප් එකක් හෝ ගෙඩියක් හමු වුවහොත්, එය පිළිකාවක් දැයි පරීක්ෂා කිරීම සඳහා බයොප්සි පරීක්ෂණයක් සිදු කළ හැකිය. ඇස්පිරින් සහ අනෙකුත් ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහික ඖෂධ මගින් අවදානම අඩු කරයි.[11][12] කෙසේ වෙතත්, අතුරු ආබාධ හේතුවෙන් මෙම කාර්යය සඳහා ඒවා සාමාන්‍ය ලෙස භාවිතය නිර්දේශ නොකරයි.[13]
මහා අන්ත්‍ර පිළිකා සඳහා භාවිතා කරන ප්‍රතිකාර සඳහා ශල්‍යකර්ම, විකිරණ චිකිත්සාව, රසායනික චිකිත්සාව සහ ඉලක්කගත චිකිත්සාව යන සංයෝග කිහිපයක් ඇතුළත් විය හැකිය.[2] මහා අන්ත්‍ර බිත්තිය තුළට සීමා වී ඇති පිළිකා සැත්කම් මගින් සුව කළ හැකි අතර, පුළුල් ලෙස පැතිරී ඇති පිළිකා සාමාන්‍යයෙන් සුව කළ නොහැකි අතර, ජීවන තත්ත්වය කළමනාකරණය සහ රෝග ලක්ෂණ පාලනය කිරීම සිදු කෙරේ.[2] කලින් හඳුනාගත් රෝග සඳහා, පස් අවුරුදු පැවැත්මේ අනුපාතය 90% ක් පමණ වන නමුත් පිළිකාව පැතිර ගිය පසු එය 14% දක්වා පහත වැටේ.[4] එක්සත් ජනපදයේ පස් අවුරුදු පැවැත්මේ අනුපාතය 65% ක් පමණ වේ.[14] තනි පුද්ගලයෙක්ගේ ජීවත් වීමේ සම්භාවිතාව රඳා පවතින්නේ පිළිකාව කෙතරම් පැතිරී ඇත් යන්න, ශල්‍යකර්මයකින් සියලුම පිළිකා ඉවත් කළ හැකිද නැද්ද යන්න සහ පුද්ගලයාගේ සමස්ත සෞඛ්‍යය මත ය.[8]
මහා අන්ත්‍ර පිළිකාව යනු ආමාශ ආන්ත්‍රික පිළිකා වල වඩාත්ම සුලභ වර්ගයයි.[15] 2020 දී, නව රෝගීන් මිලියන 1.93 ක් වාර්තා වූ අතර රෝගයෙන් සිදු වූ මරණ 916,000 ක් වාර්තා විය.[6][16] එය සියලුම වාර්තා වූ රොෟගීන් ගණනින් 10% ක් පමණ වේ.[17] එය පිරිමින් අතර තුන්වන වඩාත් සුලභ පිළිකාව වන අතර කාන්තාවන් අතර දෙවනුව වඩාත් සුලභ පිළිකාව ලෙස වාර්තා වේ.[9] එය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ අඩුවෙන් දක්නට ලැබේ.[11] දියුණු රටවල එය බහුලව දක්නට ලැබෙන අතර, රෝගීන්ගෙන් 65% කට වඩා දක්නට ලැබේ.[11]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b Ajithkumar, Thankamma; Barrett, Ann; Hatcher, Helen; Jefferies, Sarah Jane (2021). "7. ආමාශ ආන්ත්‍රික පද්ධතියේ පිළිකා". Oxford මේස යොමුව: පිළිකා විද්‍යාව (ඉංග්‍රීසි බසින්) (2nd ed.). Oxford University Press. pp. 140–195. ISBN 978-0-19-874544-0. 2022-07-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-07-09.
- ^ a b c d e f g h "Colon Cancer Treatment (PDQ®)". NCI. 6 April 2022. 5 July 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 July 2022.
- ^ a b c "Colorectal Cancer Prevention (PDQ®)". National Cancer Institute. 21 April 2022. 27 October 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 July 2022.
- ^ a b Dariya, Begum; Chalikonda, Gayatri; Purnachandra, Ganji (2021). "1. Epidemiology of colorectal cancer". In Nagaraju, Ganji Purnachandra; Shukla, Dhananjay; Vishvakarma, Naveen Kumar (eds.). Colon Cancer Diagnosis and Therapy: Volume 1 (ඉංග්‍රීසි බසින්). Switzerland: Springer Nature. pp. 1–14. ISBN 978-3-030-63368-4. 2022-07-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-07-09.
- ^ Lancet (10053). doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282 https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5055577.
{{cite journal}}: Missing or empty|title=(help); Unknown parameter|vaauthors=ignored (help); Unknown parameter|දිනය=ignored (help); Unknown parameter|පරිමාව=ignored (help); Unknown parameter|පිටු=ignored (help); Unknown parameter|මාතෘකාව=ignored (help) - ^ a b "Cancer". www.who.int (ඉංග්‍රීසි බසින්). 3 February 2022. 8 March 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 July 2022.
- ^ "Bowel cancer". nhs.uk (ඉංග්‍රීසි බසින්). 20 October 2017. 7 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 July 2022.
- ^ a b "General Information About Colon Cancer". NCI. 6 April 2022. 15 July 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 July 2022.
- ^ a b c d e f g WHO Classification of Tumours Editorial Board (2019). "6. Tumours of the colon and rectum: colorectal adenocarcinoma". Digestive System Tumours (ඉංග්‍රීසි බසින්) (5th ed.). Lyon (France). p. 177-187. ISBN 978-92-832-4499-8. 2022-06-13 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-07-19.
{{cite book}}: CS1 maint: location missing publisher (link) - ^ US Preventive Services Task, Force.; Davidson, KW; Barry, MJ; Mangione, CM; Cabana, M; Caughey, AB; Davis, EM; Donahue, KE; Doubeni, CA; Krist, AH; Kubik, M (18 May 2021). "Screening for Colorectal Cancer: US Preventive Services Task Force Recommendation Statement". JAMA. 325 (19): 1965–1977. doi:10.1001/jama.2021.6238. PMID 34003218.
- ^ a b c d Bosman, Frank T. (2014). "Chapter 5.5: Colorectal Cancer". In Stewart, Bernard W.; Wild, Christopher P (eds.). World Cancer Report. the International Agency for Research on Cancer, World Health Organization. pp. 392–402. ISBN 978-92-832-0443-5. 2016-09-19 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-08-05.
- ^ Thorat MA, Cuzick J (December 2013). "Role of aspirin in cancer prevention". Current Oncology Reports. 15 (6): 533–540. doi:10.1007/s11912-013-0351-3. PMID 24114189. 2020-08-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-08-05.
- ^ "Routine aspirin or nonsteroidal anti-inflammatory drugs for the primary prevention of colorectal cancer: recommendation statement". American Family Physician. 76 (1): 109–113. July 2007. PMID 17668849. July 14, 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ "SEER Stat Fact Sheets: Colon and Rectum Cancer". NCI. June 24, 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 June 2014.
- ^ WHO Classification of Tumours Editorial Board (2019). "6. Tumours of the colon and rectum: introduction". Digestive System Tumours (ඉංග්‍රීසි බසින්) (5th ed.). Lyon (france). p. 162. ISBN 978-92-832-4499-8. 2022-06-13 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-07-19.
{{cite book}}: CS1 maint: location missing publisher (link) - ^ Bray F, Ferlay J, Soerjomataram I, Siegel RL, Torre LA, Jemal A (November 2018). "Global cancer statistics 2018: GLOBOCAN estimates of incidence and mortality worldwide for 36 cancers in 185 countries". Ca. 68 (6): 394–424. doi:10.3322/caac.21492. PMID 30207593. 2021-04-17 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-08-05.
- ^ Forman, David; Ferlay, Jacques (2014). "Chapter 1.1: The global and regional burden of cancer". In Stewart, Bernard W.; Wild, Christopher P (eds.). World Cancer Report. the International Agency for Research on Cancer, World Health Organization. pp. 16–53. ISBN 978-92-832-0443-5. 2016-09-19 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-08-05.