Jump to content

මහජන සම්බන්ධතාවය

විකිපීඩියා වෙතින්

මහජන සම්බන්ධතාවය

[සංස්කරණය]

මහජන සම්බන්ධතාවය (Public relation) Public Relations Society of America වනාහී වර්තමානය වනවිට විෂයක් වශයෙන් පමණක් නොව වෘත්තියක් වශයෙන් ද සංවර්ධිත රටවල් තුළ පුළුල්ව භාවිතයට ගන්නා වූ ක්ෂේත්‍රයකි. මෙම මහජන සම්බන්ධතාවය මගින් මානවයාට සමාජය සමඟ අන්තර් සබඳතා වර්ධනය කිරීම උදෙසා පුළුල් දායකත්වයක් ලබාදෙයි. එය එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ දෙයක් නොවන අතර සෑම ක්ෂේත්‍රයක් සමගම සම්බන්ධව ව්‍යාප්ත වී ඇත.

මහජන සම්බන්ධතාවය
"මහජන සම්බන්ධතා" යනු යම් පාර්ශවයක් වෙනුවෙන් සම්බන්ධතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාමයි.

මහජන සම්බන්ධතාවය යනු........

කිසියම් ආතනයක් හෝ සංවිධානයක් එයට අදාළ, අභ්‍යන්තර සහ බාහිර මහජනයා සමග එම ආයතනය හෝ සංවිධානය විසින් පවත්වනු ලබන සුහදශීලී ඇසුර මහජන සම්බන්ධතාවය යි.

මහජන සම්බන්ධතාවය මඟින්.....

  • කිසියම් ආයතනයකට ජනතාවගේ කීර්තිය සහ ප්‍රසාදය කිසියම් ආයතනයක් කෙරෙහි ජනතා විශ්වාසය
  • කිසියම් ආයතනයක පැවැත්ම තහවුරු කිරීම
  • කිසියම් භාණ්ඩයක්, සේවාවක් හො අදහසක් ආකල්පයක් ජනතාව වෙත පිළිගැන්වීම යනාදිය අපේක්ෂා කරයි.

නූතනයේ දී මහජන සම්බන්ධතාව විෂයක් වශයෙන් පමණක් නොව වෘත්තියක් වශයෙන් ද දියුණු රටවල භාවිතට ගන්නා ආකාරයක් දක්නට ලැබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් ද මේ වන විට ඒ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වයි. සන්නිවේදනය මානව වර්ගයා තුළ අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනය කොට, පොදු එකඟතා සහ අපේක්ෂාවන් මත ඔවුන් ජීවත් කරවීමට හේතුකාරක වුවා සේ ම මහජන සම්බන්දතාව මඟින් මෙම සක්‍රිය මානව සමාජය තුළ යම්කිසි සාපේක්ෂ වූ ත්, සක්‍රිය වූ ත් ජීවන රටාවක් සහ වඩා වාසි සහගත තත්ත්වයක් සමසේ බෙදා හැරීමට පුරෝගාමීව ඇති වෘත්තියක් ද වේ. මහජන සම්බන්ධතාව මානව සමාජයට අතිශය ප්‍රායෝගික වූ ත්, අනිවාර්ය වූ ත් ප්‍රබල සමාජ සාධකයක් බවට පත්ව ඇත.

මහජන සම්බන්ධතා Pubic Relation  යන්න නූතනය වන විට සාකච්ඡාවට බඳුන්විය යුතුමය. මහජන සම්බන්ධතා කළමනාකරණය සමාජ මනෝවිද්‍යාව මත පදනම් වූවකි. නූතනයේ මහජන සබඳතා විෂයයක් වශයෙන් පමණක් නොව ව්‍යාප්තියක් වශයෙන් ද සංවර්ධිත රාජ්‍යයන් හි පුළුල්ව භාවිතයට ගෙන ඇත. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල මහජන සබඳතාවය තරමක ආගන්තුක බවකින් හා අසංවිධානාත්මක බවකින් ක‍්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබේ. මහජන සම්බන්ධතාව වර්තමානය වන විට මුළු ලෝකය පුරා ප‍්‍රබලව ව්‍යාප්ත වී ඇත. සන්නිවේදනය මානව වර්ගයා තුළ අනෝන්‍ය සම්බන්ධතා වර්ධනය කොට පොදු එකඟතාවන් හා අපේක්ෂාවන් මත ඔවුන් ජීවත් කරවීමට හේතුකාරක වන්නා සේම මහජන සම්බන්ධතා මගින් මෙම සක‍්‍රීය මානව සමාජය තුළ යම් කිසි සාපේක්ෂ වූත් සමතුලිත වූත් ජීවන රටාවක් සහ වඩා වාසි සහගත තත්ත්වයක් සමසේ බෙදා හැරීමට පුරෝගාමී ඇති ප‍්‍රායෝගික වෘත්තියක් ද වේ’’ (මාපා, තිලකරත්න, 1998,පි 2)

මහජන සම්බන්ධතාවය පිළිබඳ කෙටියෙන්

[සංස්කරණය]

(නූතන මහජන සම්බන්ධතාවේ පියා)

[සංස්කරණය]

"මහජන සම්බන්ධතා" යනු යම් පාර්ශවයක් වෙනුවෙන් සම්බන්ධතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාමයි. එය දීර්ඝ කාලීන සහ කළමනාකරණ ක්‍රියාවලියකි. ග්‍රීක, රෝමානු යුගවල සිට මහජන සම්බන්ධතා විෂය සම්බන්ධයෙන් සාක්ෂි පවතින අතර, මහජන සම්බන්ධතාව වෘත්තියක් ලෙස පුහුණු කිරීම ආරම්භ වූයේ 1900 සිටයි. එය "නූතන මහජන සම්බන්ධතා" ලෙස හඳුන්වනු ලබයි.

එඩ්වඩ් එල්. බර්නිස් එම නූතන මහජන සම්බන්ධතාවේ පියා ලෙස සැලකේ. ඔහු මහජන සම්බන්ධතා පිළිබඳ නවීන වෘත්තිය නිර්මාණය කළ බවට පුළුල් ලෙස සැලකෙන ඇමරිකානු ව්‍යාපාරික උපදේශකවරයෙකි. 1891 දී ඔස්ට්‍රියාවේ වියානා හි උපත ලද බර්නිස්, පුරෝගාමී මනෝ විශ්ලේෂකයෙක් වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඥාති පුත්‍රයෙකි. එබැවින් ඔහුගේ කාර්යයන් සඳහා මනෝවිද්‍යාත්මක න්‍යායයන් මනා ලෙස සංකලනය කරමින් අලුත් විෂයක් ලොවට දීමට ඔහුට හැකි විය. මනෝවිද්‍යාව සහ අනෙකුත් සමාජ විද්‍යාවන් මහජන සම්බන්ධතාවය, ව්‍යාපාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කළ පළමු පුද්ගලයා ලෙස බර්නිස් ගෞරවයට පාත්‍ර වේ.
එඩ්වඩ් එල්. බර්නිස්
1840දී එංගලන්තයේ වික්ටෝරියා මහරැජිනගේ අනුමැතිය යටතේ ලොව ප්‍රථම තැපැල් මුද්දරය එළිදැක්විණි. එය එවකට පැවතී තැපැල් සේවයේ දුර්වලතා මඟ හැරීම සඳහා භාවිතා කරන ලද මෙවලමක් වූ අතර, ආරම්භයේ සිටම එය රාජකීයත්වය ප්‍රචාරණය කිරීමේ මාධ්‍යයක් විය. ලොව ප්‍රථම මුද්දරය සමගින් ජාතික අනන්‍යතාවයේ ප්‍රක්ෂේපණ ලෙස මුද්දර භාවිතයද ආරම්භ විය. එම දීර්ඝ ගමන් මඟේ දී රටක ස්වාධීනත්වය සනිටුහන් කිරීමට, භෞමික හිමිකම් ප්‍රකාශ කිරීමට, හමුදා ජයග්‍රහණ වාර්තා කිරීමට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ගෞරව කිරීමට සහ බහුපාර්ශ්වික ආයතනවලට සහාය වීමට ආදී තේමා සඳහා මුද්දරය උපයෝගී කර ගැනුනි.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සන්නිවේදන මෙවලමකින් ඔබ්බට තැපැල් මුද්දරයක් "මහජන සම්බන්ධතා ආකෘතියක්" ලෙස භාවිතයට ගනු ලබන්නේ 1929 දී සමරනු ලබන “ Light’s Golden Jubilee" ව්‍යපෘතියේ දී ය. Light’s Golden Jubilee යනු තෝමස් අල්වා එඩිසන් විසින් විදුලි බල්බය සොයාගැනීමේ 50 වන සංවත්සර (1879-1929) සැමරුම් උත්සවයයි. ජෙනරල් ඉලෙක්ට්‍රික් ( General Electric) සමාගම බර්න්ස්ගේ සේවාදායකයා විය. 1929 මැයි සිට ඔක්තෝබර් දක්වා මාස 6ක කාලයක් මෙම ව්‍යාපෘතිය පැවති අතර, උත්සවය පවත්වන ලද්දේ ඔක්තෝබර් 21 වන දිනයි.

මෙහිදී ව්‍යාපෘතිය සඳහා නමක් නිර්දේශ කිරීම, ඇමරිකා එක්සත් ජනපදයේ සියළුම ප්‍රධාන පුවත්පත් සහ සඟරා කතුවරුන් සම්බන්ධ කරගනිමින් තොරතුරු බෙදා හැරීම, උත්සව දිනයේදී ලොවපුරා එක විනාඩියක් විදුලි පහන් නිවාදමා තෝමස් අල්වා එඩිසන්ට කෘතවේදීත්වය පුද කිරීම, ෆෙඩරල් රජයේ සහාය මත විදුලි ආලෝකයේ ස්වර්ණ ජුබිලිය ("Electric Light's Golden Jubilee") යන තේමාව යටතේ ශත 02 ක වටිනාකම සහිතව මුද්දරය නිකුත් කිරීම සහ ඇමරිකානු ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් උත්සවයක් පැවැත්වීම ආදී කටයුතු ඉතා හොදින් සහ සැලසුම් සහගතව සිදු කෙරිණි. ඒ තුලින් බර්නිස් ඔහුගේ ශ්‍රේෂ්ඨතම කීර්තිය මෙම කාර්යයේදී උපයා ගත් බව විචාරක මතයි.

මහජන සම්බන්තා සවිමත් කිරීමේ මෙවලමක් ලෙස තැපැල් මුද්දරය භාවිතා කිරීම පිළිබඳව ලෝකයට ප්‍රථම නිදසුන ලබා දූන්නේ එම විෂය නූතන ලෝකයට හඳුන්වා දුන් බර්නිස් විද්වතාය. 20 වන සියවසේ වඩාත්ම බලගතු ඇමරිකානුවන් 100 දෙනා අතර කෙනෙක් ලෙස " Life Magazine" බර්නිස්ව නම් කරන ලද්දේ මහජන සම්බන්ධතා විෂය කෙරෙහි ඔහුගේ වූ අමිල දායකත්වයට ගරු කිරීමක් ලෙසිනි.

මහජන සම්බන්ධතාවය

ඇමරිකාව මහජන සම්බන්ධතා වෘත්තීය වේගයෙන් ව්‍යාප්ත වූ රටක් බවට පත් විය. 1920 වන විට මහජන සම්බන්ධතා විෂය ක්ෂේත්‍රය වර්ධනය විය. ඇන්ඩෲ ජැක්සන් ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථම වරට දේශපාලන මහජන සම්බන්ධතාවයේ ඇති වැදගත්කම පෙන්වා දී ඇත. මුල් කාලනී මහජන සම්බන්ධතා නිලධාරීන් තම කාර්යය ආරම්භ කර ඇත්තේ පුවත්පත් කලාවේදීන් ලෙස ය. 1923 දී එඩ්වර්ඩ් එල් බර්නිස් විසින් ලියන ලද Crystalizing Public Opinion කෘතිය මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි හේතු වී ඇත. 20 වන සියවසේ බර්නිස් විසින් ලියන ලද Public Relation නම් කෘතියේ මහජන සම්බන්ධතාව පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා කර ඇත.

1930 මනූෂ්‍යත්වය තුළින් සේවකයන් දෙස බැලීමෙන් ගොඩනගා ගන්නා මානුෂීය සම්බන්ධතා තුළින් නිෂ්පාදනය ඉහළ නංවා ගතහැකි බව මාරිෆොලට් ඉදිරිපත් කෙරීය. පළමුවැනි ලෝක යුද්ධය පැවති සමයේ දී ඇමරිකානු රජය මහජන මතය ගොඩනැංවීමට ප්‍රචාරය හා මහජන සම්බන්ධතාවය ඉවහල් කර ගත්තේය. මේ සඳහා ජෝර්ජ් ක්‍රීල් ගෙන් යුතු කොමිටියක් ඇති කරන ලදී. ජෝර්ජ් ක්‍රීල්, කාර්ල්ස් බේයර්, එඩ්වර්ඩ් එල් බර්නිස් ප්‍රථම ලෝක යුද්ධයේ අවසානයත් සමඟ මහජන සම්බන්ධතා ආයතන ආරම්භ කළෝය. බර්නිස් මහජන සම්බන්ධතාවය පිළිබඳ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් ද ආරම්භ කළේය. 1970 න් පසුව ලත් තාක්ෂණික දියුණුව මහජන සම්බන්ධතාවයේ දියුණුව කෙරෙහි ඉවහල් විය. මහජන සම්බන්ධතා ආයතන ද ස්ථාපිත විය. 1955 ජාත්‍යන්තර මහජන සම්බන්ධතා ආයතනය (IPRA) ආරම්භ කළ අතර යුරෝපයේ European Federation Of Public Relations (EFPR) ආයතනය ද පිලිපීනයේ Federation of Asian Public Relation Organizations (FAPRO) ආයතනය, තායිලන්තයේ Pan-Pacific Public Relations Federation (PPPRF) ආදී ආයතන ස්ථාපිත විය. වර්තමානය වන විට මහජන සම්බන්ධතාවය වරලත් වෘත්තීයක්, විෂයක් බවට පත්ව ඇත.

public relation

සරල ලෙස හැඳින්වීමේදී "මහජන සම්බන්ධතාවය යනු හොඳ හිත වර්ධනය කිරීම” යි. එනම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කිසියම් භාණ්ඩයක් පිළිබඳ යහපත් ආකල්පයක් ඇති කිරීමයි. යම්කිසි පුද්ගලයෙක්, ආයතනයක්, භාණ්ඩයක් හෝ සේවාවක් ඒ හා බැඳී සිටින මහජන කොටස් සමග නිරතුරුව සබඳතා පවත්වාගෙන යාම එහි පැවැත්ම කෙරෙහි අත්‍යවශ්‍ය සාධකයක් වේ. මෙම කාරණය පූර්ණ කරගනු වස් හොඳ හිත (Good-Will) සහ මහජන ප්‍රතිරූපය (Public Image) නිර්මාණය කිරිම, පවත්වා ගෙන යෑම සහ ප්‍රවර්ධනය කිරිම සඳහා භාවිතයට ගැනෙන සන්නිවේදන කලමනාකරණ ක්‍රමෝපායන් සහ වැඩසටහන් "මහජන සම්බන්ධතා'' නමින් හැඳින්වේ.

මහජන සම්බන්ධතාව තුළ අඩංගු වනුයේ මානුෂීයත්වය, මානවීයත්වය සහ මානව බැඳීම් පාදක කරගෙන ආයතනික ඉලක්ක සහ අභිප්‍රයතාර්ථ සඵල කර ගැනීමයි. සත්‍යවාදී බව, විශ්වාසනීයත්වය, අවංකභාවය, ආදරය, කරුණාව වැනි මානුෂික ගුණාංග මුල් කරගෙන මිනිසුන් ආයතන හා බද්ධ කරගැනීමේ සන්නිවේදන යාන්ත්‍රණයක් සැලසුම් කිරීම හා එය කළමනාකරණය මෙහි විශේෂත්වය යි.

"මහජන සම්බන්ධතාව තුළදී යම් පාර්ශවයක් තවත් පාර්ශ්වයක් සමග නොබිඳී පවත්වාගෙන යාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ. එකී සම්බන්ධතාවය එකිනෙක විරෝධී සම්බන්ධතාවක් නොවන අතර එය සහයෝගීතාවයෙන් වර්ධනය වන්නකි. එක් එක් කාල සීමාවන්හීදී විවිධ පුද්ගලයන් විසින් විවිධ ස්වරූපයෙන් මහජන සම්බන්ධතා පවත්වාගෙන යන ලදි. එහි පොළඹවාලීම, ප්‍රචාරණය වැනි අරමුණු ගැබ් වී තිබේ. එහෙත් මහජන සම්බන්ධතාව මෙකී අරමුණුවලින් තරමක් වෙනස් වේ. මෙහි පවතින්නේ හොඳ හිත හා සහයෝගය වර්ධනය කරලීමේ ක්‍රියාදාමයයි.” (විමලසිරි, 2016. පි. 120)

කාර්මික විප්ලවය හා යටත් විජිතවාදී පාලන ක්‍රමවල වෙනස් වීම මහජන සම්බන්ධතාවයේ ව්‍යාප්තියට හේතු විය. එතෙක් තිබූ සමාජ ක්‍රමය වෙනස් වී හොඳ හිත හා සහයෝගය ප්‍රබල සමාජ අවශ්‍යතාවයක් බවට පත් විය. මෙනිසා මහජන සම්බන්ධතාවය නවීන යුගයේ ප්‍රජා පාලනයට, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයකම නියාමක විෂය ධාරාව බවට පත්ව ඇත.

"මහජන සම්බන්ධතාව තවත් අතකින් සැලසුම් කරනු ලැබූ ක්‍රියාවක් (Planned Activity) ලෙසද හැඳින්විය හැකිය. ඒ අනුව මහජන සම්බන්ධතාව යනු මහජන මතය සමඟ සම්බන්ධ වූද, සන්නිවේදනය සමඟ ගනුදෙනු කරන්නා වූද, කළමනාකරණ කාර්යයක් කරන්නා වූද යන ත්‍රිවිධ කාරණා මූලික ක්‍රියාවලියක් බව හඳුනාගත හැකිය. ඒ නිසා සන්නිවේදන විශාරධයින් විසින් මහජන සම්බන්ධතාව ක්‍රියාදාමයන් රැසක ගොනුවක් (Group of activities) ලෙසද හඳුන්වනු ලැබේ.'' (හපුආරච්චි, 2005. පි. 03, 04)

මහජන සම්බන්ධතාවය වනාහී වර්තමානය වනවිට සන්නිවේදන ක්ෂේත්‍රය හා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාම ප්‍රායෝගික වූත්, සමකාලීන වූත් වැදගත්කමක් විදහා පාන්නා වූ විෂය ක්ෂේත්‍රයකි. මනුෂ්‍යයින් පොදු එකඟතාවන් හා සම්මුතීන් වෙත සම්ප්‍රේෂණය කරලීමටත්, මානව සමාජය තුළ ඉතාම නිරවද්‍ය ලෙස මනා පීවන පැවැත්මක් ඇති කරලීමටත් මහජන සම්බන්ධතාව උපකාරී වේ. තවත් සුවිශේෂී කාරණයක් නම්, මහජන සම්බන්ධතාවය වනාහී ද්වීමාර්ගික (Two Way) සන්නිවේදත ක්‍රමයකි. සන්නිවේදනයෙන් තොර මහජන සම්බන්ධතාවක් කිසිසේත්ම නොහැක. එමෙන්ම මහජන සම්බන්ධතාව යන්නෙහි පෙළඹවීමක් (Persuasion) තිබෙන බව ඉස්මතු නොවූවද, සැඟවුණු පෙළඹවීමක් (Hidden Persuasion) දක්නට ලැබේ. මෙහිදී මහජන සම්බන්ධතාවය ප්‍රචාරණයෙන් වෙනස් වන්නේ ක්‍රියාකාරීත්වයේදීය.

ගොනුව:BA3.jpg
Public Relation

"සමහර අවස්ථාවල මහජන සම්බන්ධතාවයෙහි මූලික අරමුණක් ලෙස දැකිය හැක්කේ කිසියම් අදහසක්, ආකල්පයක් හෝ සාරාර්ථයක් කිසියම් පිරිසක් වෙත පිළිගැන්වීමයි. තවත් අවස්ථාවක මහජන සම්බන්ධතාවයෙහි මූලික අරමුණ වන්නේ, කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ පාරිභෝගිකයා වෙත පිළිගැන්වීම විය හැකිය. මෙම සෑම අවස්ථාවකම මූලික වශයෙන් ක්‍රියා කරන්නේ මහජන සම්බන්ධතා නිළධාරියාය. විශේෂයෙන්ම මහජන සම්බන්ධතා නිළධාරියා Public Relations Officer මහජන මතය (Public Opinion) පිළිබඳ විශේෂඥයෙකු විය යුතු වේ. ඇමරිකාව, බටහිර ජර්මනිය සහ ජපානය වැනි රටවල මහජන සම්බන්ධතා නිළධාරියා අසීමිත බලයක් සහිත පුද්ගලයෙකු බව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පිළිබඳ විමසීමේදී පෙනේ.’’ (තිලකරත්න, 1998. පි. 04)

මහජන සම්බන්ධතාවය සිදුවන ආකාරය සටහනකින් මෙලෙස දැක්විය හැක.

මහජන සම්බන්ධතා ප්‍රතිඵල/බලපෑම්

මහජන සම්බන්ධතා
සන්නිවේදනය සන්නිවේදනය
ආයතනික

කළමනාකරණය

ප්‍රතිඵල / බලපෑම් ජනතාව

මහජන සම්බන්ධතාවය පිළිබඳ නිර්වචන

මහජන සම්බන්ධතාවය යනු පුළුල් විෂය ධාරාවකි. එය වඩාත් සංකීර්ණ වූවක් බවත්, ප්‍රායෝගික වූවක් බවත් මහජන සම්බන්ධතාව හඳුනා ගැනීමේදී පැහැදිලි වේ. එහෙත් මෙම විෂය ක්ෂේතය හඳුනා ගැනීමේදී මේ පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වේ. සෑම විෂයක් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් තම අත්දැකීම් පාදක කර ගනිමින් එම විෂයන් පිළිබඳ ඉදිරිපත් කර ඇති නිර්වචන තුළින් අවබෝධ කරගත හැකි දෑ බොහෝය. ඒ අනුව මහජන සම්බන්ධතා විෂය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන බොහෝමයක් අතරින් වැදගත්ම නිර්වචන කිහිපයක් මෙලෙස දැක්විය හැක.

එඩ්වඩ්. එල්. බර්නීස් ( Edward L. Bernays) යනු මහජන සම්බන්ධතාව පිළිබඳ උපදේශනය යන පර්යාය පදය මුලින්ම ඉදිරිපත් කළ පුද්ගලයාය. මොහු විසින් මහජන සම්බන්ධතාවය පිළිබඳ නිර්වචනය කර ඇත්තේ මෙසේය.

01) මහජනයා වෙත කරනු ලබන තොරතුරු සම්පාදනය.

02) මහජනතාවගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් නවීකරණය කිරීම සඳහා සෘජුවම ඔවුන් කෙරෙහි කෙරෙන පෙළඹවීම.

03) ආයතනික ආකල්ප සහ ක්‍රියාවන් එහි මහජනතාව සමඟ එක්කිරීමටත්, මහජනතාවගේ ආකල්ප සහ ක්‍රියාවන් එම ආයතනය සමග එක් කිරීමටත් දරනු ලබන උත්සාහය.

- එඩ්වඩ් එල්. බර්නීස් -

මහජන සම්බන්ධතාව පිළිබඳ බර්නීස්ගේ මෙම නිර්වචනය තුලින් මහජන සම්බන්ධතාව පිළිබඳ සරල විග්‍රහයක් අපට ලැබෙන අතර මෙම විෂයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කරුණු 03ක් ඔස්සේ අපට දක්වා ඇත. මෙම කරුණු තුන අතරින් තුන්වෙනි කරුණ ඉතා වැදගත් වේ. එයින් ගම්‍ය වන පරිදි මහජන සම්බන්ධතාවය මගින් ආයතනය සහ මහජනතාව අතර බැඳීමක් අන්‍යෝන්‍ය ලෙස ඇති කරයි. මෙහිදී මහජන සම්බන්ධතා නිලධාරියා මැදිහත්කරුවෙකු සේ ක්‍රියා කරයි.

මහජන සම්බන්ධතා ක්‍රියාකාරීත්වය

ආයතනය PRO මහජනතාව
Public Relation

මහජන සම්බන්ධතාව මගින් මෙහිදී ද්වීපාර්ශ්වීය මත හුවමාරුවක් සිදු කරයි.

“ප්‍රායෝගික මහජන සම්බන්ධතාව වනාහී මහජන සම්බන්ධතාව සඳහා උත්සාහ කරනු ලබන කිසියම් සමාගමක, සංවිධානයක, පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සහ සුභසාධනය දියුණු කරලීම සඳහා වෘත්තීමය වශයෙන් කරනු ලබන සාර්ථක සම්බන්ධතා ක්‍රියාදාමයකි.”

- සෑම් බ්ලැක් -

ඉහතින් දක්වා ඇති සෑම් බ්ලැක්ගේ නිර්වචනයට අනුව ආයතනයක හෝ පුද්ගලයෙකුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සිදුවන ආකාරය මතයි. ඒ සඳහා මහජන සම්බන්ධතා නිලධාරියා නව අදහස් ඇති, නිර්මාණශීලී පුද්ගලයෙක් විය යුතුය. වර්තමානයේ රැල්ලට මෙන් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා මගින් මහජනතාවට මුදල්, යාන- වාහන ආදිය ත්‍යාග වශයෙන් ලබා දෙයි. ඒ ලබා දෙන්නේද නාලිකාවේ යම් කණ්ඩායමක් යම් ගමක හෝ ස්ථානයක නිවසකට ගියවිට තම නාලිකාව නරඹමින් හෝ ශ්‍රවණය කරමින් සිටියහොත් පමණි. මෙමගින් වක්‍රාකාරයෙන් ආයතනය හා මහජනතාව අතර සබඳතාවක් ඇති කරයි.

මහජන සම්බන්ධතාවය පිළිබඳ ඉතා සරල නිර්වචනයක් චාල්ස් ප්ලැකාර්ඩ් ඉදිරිපත් කර ඇත.

"මහජන සම්බන්ධතාවය යනු හොඳ හිතකින් ගලා එන පැහැදිලි අදහස් සමුදායකි.”

- වාල්ස් ප්ලැකාර්ඩ් -

මොහුගේ නිර්වචනය තුළ දක්නට ලැබෙන ප්‍රබලම කරුණ නම්, "හොඳ හිත” යන්නයි. එනම්, මහජන සම්බන්ධතාවය යනු පිරිසිදු වූ, නිර්මල වූ සිතකින් ආරම්භ වන්නකි. ආගම දහමට අනුවද හොඳ සිතකින් සිදුකරන්නා වූ කිසිදු දෙයක් අසාර්ථකත්වයට නොපැමිණෙයි. මහජන සම්බන්ධතාවයද එවැනිම දෙයකි. එමෙන්ම මහජන සම්බන්ධතා ක්‍රියාවලිය තුළ සුබවාදි බවක් හා පිවිතුරු බවක් ගැබ්වී තිබිය යුතුය. වර්තමානය වනවිට හොඳ හිතකින් ගලා එන අදහස් ආකල්ප මගින් මහජන සම්බන්ධතාවය ක්‍රියාත්මක වන්නේ බොහෝ අවම ප්‍රමාණයකි. ඊට හේතුව, අද වනවිට ලාභය සමග මහජන සම්බන්ධතාවය බැඳී පැවතීමයි. ඒ කෙසේ වුවත් මනා ජන කොට්ඨාශයක් ඇති වීමටත්, මනා වූ බැඳීමක් සබඳතාවයක් ඔවුන් තුළ ඇති වීමටත් පැහැදිලිවම සුභවාදී ආකල්පවලින් පරිපූර්ණ වූ මහජන සම්බන්ධතාවයක් ක්‍රියාත්මක විය යුතු වේ.

ලන්ඩනයේ මහජන සම්බන්ධතා ආයතනය විසින් මහජන සම්බන්ධතා නිර්වචනය ඉදිරිපත් කරන්නේ මෙසේය.

"යම්කිසි සංවිධානයක් සහ එහි ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගනු පිණිසත්, එය පවත්වාගෙන යාම සඳහාත් සියුම් ලෙස සැලසුම් කළ අඛණ්ඩ උත්සාහය ‛මහජන සම්බන්ධතාවය’ නම් වේ.”

- ලන්ඩනයේ මහජන සම්බන්ධතා ආයතනය -

මෙම නිර්වචනය තුළ ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබඳ ප්‍රකාශ කරයි. එනම්, සංවිධාන සහ ජනතාවයි. මෙම කණ්ඩායම් දෙක අතර අන්‍යෝන්‍ය වූ සබඳතාවක් තිබීම ආයතනයේ පැවැත්ම සඳහා සෘජුව බලපායි. විශේෂයෙන්ම මෙම නිර්වචනය තුළින් දක්වා ඇති පරිදි මහජන සම්බන්ධතාවය වූ කලී ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. ඉතා සියුම් ලෙස සැලසුම් සහගතව දීර්ඝකාලීන හෝ කෙටිකාලීන උත්සාහයක් තුළින් සිදු කළ යුතු දෙයකි. මක්නිසාදයත්, වර්තමානය වනවිට සමාජයේ මිනිසා බුද්ධිමත්ය. ඔවුන් ග්‍රහණය කරගැනීම කළ යුත ත් ඉතා සූක්ෂම අයුරිනි.

"මහජන සම්බන්ධතාවය යනුවෙන් අදහස් වන්නේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයක් හෝ සේවාවක් වෙනුවෙන් යම්කිසි සමාගමක් හෝ සංවිධානයක් සඳහා ජනතාව තුළ ප්‍රියජනක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි.”

- ජෝන් ආර්. බිට්නර් -

ඉහතින් දක්වා ඇත්තේ ජෝන් ආර්. බිට්නර් නම් විද්වතා ඉදිරිපත් කළ නිර්වචනයයි. බිට්නර්ගේ මතයට අනුව මහජන සම්බන්ධතාවය මගින් යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් පිළිබඳ ප්‍රියජනක වූ ප්‍රතිරූපයක් මහජනතාව තුළ ගොඩනංවයි. සුවඳවිලවුන්, ඇඳුම්, පාවහන් වැනි සෑම සේවාවක් වෙනුවෙන් අදාළ සමාගම පිළිබඳ ජනතාවගේ සිත් ආකර්ෂණය කර ගැනීම මෙහිදී සිදුවේ.

https://commons.wikimedia.org/wiki/Special:UploadStash/file/1c6kzq255ui0.gjr2m4.14115360.webm

"මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක්, එහි මහජනතාව සමග අන්‍යොන්‍ය අවබෝධය ඇති කිරීම සහ එය පවත්වාගෙන යාම සඳහා, හිතාමතාම ඕනෑකමින්ම සංවිධාන කරනු ලබන මෙන්ම පවත්වාගනු ලබන උත්සාහයකි.”

- මහජන සම්බන්ධතාව පිළිබඳ ආයතනය, ඇමෙරිකා එක්සත් ජනපදය -

"මහජන සම්බන්ධතාව යනු යම් සමාගමක්, නිෂ්පාදනයක්, හෝ පුද්ගලයෙක් ඒ පිළිබඳ හොඳ හිත හෙවත් නිවැරදි අවබෝධය ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග යි."

- එර්ඩ් බනීස් -

"මහජන සම්බන්ධතාව දර්ශනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භාෂාව, මනෝවිද්‍යාව, ජනමාධ්‍යවේදය සන්නිවේදනය සහ වෙනත් විෂය ක්ෂේත්‍ර ගණනාවක සංකලනය ඔස්සේ මානව අවබෝධය සඳහා වන ක්‍රමයකි.”

- හර්බට් එම් බෝස් -

ඉහත දක්වා ඇති නිර්වචන ආශ්‍රයෙන් මහජන සම්බන්ධතාවය පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ගොඩනගා ගතහැක.

Public Relation

මහජන සම්බන්ධතාව නව ක්ෂේත්‍රයක් ලෙස පෙනුනද, එහි කාර්යයන් හා භාවිතය සම්ප්‍රධායික සමාජය තුල තිබුණ බව පැහැදිලි වේ. පෙරදිග රටවල ජන ජීවිතය තුල පැහැදිලිවම මහජන සම්බන්ධතාව හඳුනා ගත හැකිය. අතීත සමාජයේ විවිධ වූ සංධිස්ථාන විමසා බැලු විට පෙනී යන්නේ මහජන සම්බන්ධතාවේ ඓතිහාසික පසුබිම වේ. මහජනයා යනු ජනතාව වන අතර මහජන සම්බන්ධතා කාර්යේදී මහජනයා යනු ඉලක්ක ගත පිරිසක් ලෙසට හඳුනා ගත හැකිය. ඕනෑම ආයතනයක් සංවිධානයක් දෙස අවධානය යොමු කළ විට එහි බාහිර හා අභ්‍යන්තර වශයෙන් මහජන කොටස් හඳුනා ගත හැකිය. එනම්, එම සංවිධානයේ,

  • සේවක පිරිස
  • ආයෝජකයින්
  • බෙදාහරින්නන්
  • උපදේශකයින්
  • පාරිභෝගිකයින්
  • ආයෝජකයින්

යන ආදී වශයෙනි. වර්තමානය වන විට මහජන සම්බන්ධතාව සමාජය තුල ක්‍රියාත්මක වන අතර අතීතයට වඩා වැඩි වශයෙන් මිනිසුන් අතර සාකච්චාවට ලක් වේ. මජජන සම්බන්ධතාවේ සාර්ථකත්වයට හේතු වන්නේ මනා සන්නිවේදනයයි. සන්නිවේදනයෙන් තොර වූ මජජන සම්බන්ධතාවන් මිනිසුන් අතර ගොඩ නැගීම අපහසුය.

“කවරෙක්, කුමක්,කුමන මාධ්‍යයකින්, කවරෙකුට, කවර ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් කියනු ලබයි ද එය සන්නිවේදනයයි. ”

- හැරල්ඩ් ඩි. ලස්වෙල් -

යනුවෙන් පෙන්වා දී ඇත්තේ සන්නිවේදන ක්‍රියාදාමයේ මුලිකන්ගයන්ගේ ක්‍රියාකාරිත්වයයි. මෙකි ක්‍රියාකාරිත්වය ද මහජන සම්බන්ධතාවය සඳහා අවශ්‍ය වේ.

මහජන සම්බන්ධතාවය භාවිතය ( ශ්‍රී ලංකාව ඇසුරින්)

මහජන සම්බන්ධතාව යන්න බටහිර පහළ වු මෑත කාලීන නව විෂය ක්ෂේත්‍රයක් ලෙස පෙනුන ද එහි කාර්යයන් සහ භාවිතය සාම්ප්‍රදායික සමාජය තුළ තිබූ බව පැහැදිලි ය. ලංකාව ආශ්‍රිත එහි අතීතය රාජාවලි යුගය කරා දිවයන්නකි. රටක් පාලනය කිරීම ඉතා අපහසු කාර්යක් බව වටහා ගත් අතීත රජවරු සිය පාලන කාර්ය නිසි ලෙස ඉටු වන ආකාරය සහ ජනතාව සතුටින් කාලය ගත කරන්නේ ද යන්න නිශ්චිතවම දැන ගැනීම සඳහා රාත්‍රි කාලයේ දි වෙස් වලාගෙන ජනතාව අතරට ගිය පුවත් ජනකතා වල සඳහන් වේ. පසු කාලීනව මෙරට පාලනය කළ විදේශිකයන් ද ජනතාව තම ආණුඩුව පිළිබඳ දරන මතය දැන ගැනීම සඳහා විවිධ රාජ්‍ය නිලධාරීන් පත් කළහ. 1948 සෝල්බරි කොමිසම Soulbury Commission අනුව රාජය ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවක් පිහිටවුයේ රජය හා මහජනයා අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහාය.

සම්ප්‍රදායික සමාජය තුළ කෙරුණු කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා මනා මහජන සම්බන්ධතාවයක් අවශ්‍ය බව පැරණි ගැමියෝ තේරුම් ගත්හ. ඒ නිසා ඔවුන් විවිධ මහජන සම්බන්ධතා ක්‍රම විධි යොදා ගෙන තම අවශ්‍යතා සපුරා ගෙන ඇත. විවාහ මංගල උත්සව, අවමංග්‍ය අවස්ථා, ගෙට ගෙවදීම්, මල්වර උත්සව, අලුත් අස්වැන්න නෙළීමේ දී සහ විවිධ ආගමික උත්සව අවස්ථා වලදී මේ ආකාරයේ පිළිගත් මහජන සම්බන්ධතා විධි ක්‍රම යොදා ගෙන ඇත. එම මහජන සම්බන්ධතා විධි ක්‍රම ජාති ආගම් ප්‍රදේශ සහ රටවල් අනුව වෙනස් වන බව පැහැදිලි ය.

වර්තමාන සමාජයේ නව අවශ්‍යතා සඳහා මහජන සම්බන්ධතාව ඉතා විධිමත් අන්දමින් යොදා ගන්නා ආකාරය දක්නට ලැබේ. විවිධ සංවිධාන සහ ආයතන වල පැවැත්ම සඳහා මහජනයා අවශය වේ. එසේම ගෘහයකට වුව ද සමාජය තුළ පැවැත්ම සඳහා අසල්වැසියන් සහ හිතවතුන් ගේ හොද හිත සහ සහයෝගය අවශ්‍ය වේ. දේශපාලනඥයන් තම දේශපාලන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ආධාරකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතා සහයෝගය ද අවශ්‍ය වේ. විශේෂයෙන් කලාකරුවන්ට තම ක්ෂේත්‍රය තුළ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ජනතා සහයෝගය ඉතා වැදගත් වේ. මේ ආකාරයෙන් විවිධ අවශ්‍යතා සඳහා මහජන සම්බන්ධතා යොදා ගන්නා බව පෙනේ.

Public Relaion - what is public relation

මහජන සම්බන්ධතාව යන්න විෂයාත්මකව පැහැදිලි කරන විට පෙනී යන්නේ, එය ප්‍රවර්ධන උපක්‍රමයක් බවය. එවිට එය අලෙවිකරණයට අයත් වේ. අලෙවිකරණයේ එක් ශ්‍රිතයක් වන්නේ ප්‍රවර්ධනය යි. එසේත් නැත්නම් වැඩිදියුණුව යි. භාණ්ඩ හා සේවා අලෙවිකිරීමේ දී පාරිභෝගික සම්බන්ධතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාම අවශ්‍ය වේ. ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙස මහජන සම්බන්ධතාව යොදා ගනී. මහජනයා කිසියම් ව්‍යාපාරයක් කෙරෙහි ප්‍රසන්න හැඟීමකින් යුක්තනම් එය ව්‍යාපාරයේ දියුණුවට හේතු වේ. මේ නිසා මහජනයා තළ එවැනි ප්‍රසන්න හැඟීමක් ඇති කිරීමට හා එහ හැඟීම පවත්වාගෙන යාමට විවිධ මහජන සම්බන්ධතා උපක්‍රම භාවිත කරනු ලබයි.

PR Video

සාම්ප්‍රදායික ජන සමාජය තුළ ද නවීන සංවිධාන තුළ ද මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය එක ලෙස පවතී. නමුත් මහජන සම්බන්ධතා විධි ක්‍රම සහ උපායමාර්ග යොදා ගන්නා ආකාරයේ වෙනසක් ඇත. එක් එක් අවශ්‍යතා සඳහා යොදා ගන්නා මහජන සම්බන්ධතා ක්‍රම විවිධ වීම එම වෙනසට හේතුව යි. එහෙත් අවසානයේ සියල්ලේ අරමුණ එකක්ම ය. එනම් මහජනයා සමඟ හොඳ හිතවත් සම්බන්ධයක් ගොඩනංවාගෙන යාම ය. පාසලකට හෝ ආරෝග්‍ය ශාලාවකට වුව ද ජනප්‍රියත්වය ආරෝපණය වීම සඳහා මනා මහජන සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. එමනිසා දැනුවත්ව මහජන සම්බන්ධතා උපක්‍රම සැලසුම්කර භාවිත කිරීමෙන් තමා හෝ තම ව්‍යාපාරය හෝ තමා සිටින සංවිධානය හෝ සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=මහජන_සම්බන්ධතාවය&oldid=768275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි