මදනේස්වර් ශිව දේවාලය

විකිපීඩියා වෙතින්
(මදනේස්වර ශිව දේවාලය වෙතින් යළි-යොමු කරන ලදි)
මදනේස්වර ශිව දේවාලය
මදනේස්වර් ශිව දේවාලය is located in ඔඩිස්සා
මදනේස්වර් ශිව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′7″N 85°50′54″E / 20.23528°N 85.84833°E / 20.23528; 85.84833ඛණ්ඩාංක: 20°14′7″N 85°50′54″E / 20.23528°N 85.84833°E / 20.23528; 85.84833
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 12වන සියවස

මදනේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 12වන සියවසට අයත් ශිව දෙවියන් උදෙසා කැපකළ හින්දු දේවාලයකි. සාන්තරාපූර්හි ගැරේජ් චෞක් සිට සිසුපාල්ගාර් තෙක් දිවෙන මහාවීර් වීදියේ වම් පස මෙම දේවාලය දැකගත හැකි ය. දේවාලයේ වන්දනාවට ලක්වන ප්‍රධාන දේව පිළිමය වන්නේ වෘත්තාකාර යෝනිපීඨයක් (පාදමක්) මත පිහිටි ශිව ලිංගයකි. විනාශ වී ඇති මෙම පූජාස්ථානයෙහි අද වන විට දක්නට ඇත්තේ ප්‍රභාග කොටස පමණකි.

ගෘහනිර්මාණය සහ ව්‍යූහය[සංස්කරණය]

මෙම දේවාලය උතුරු, බටහිර සහ නැගෙනහිර යන තුන් පැතිවලින් නිවාස ගොඩනැගිලි ආදියෙන් වට වී ඇත. මෙහි දකුණු පස පෙදෙස මාර්ගයෙන් සීමා වී ඇත. නැගෙනහිරට මුහුණලා පිහිටි මෙම දේවාලයෙහි චතුරස්‍රාකාර ගර්භ ගෘහයක් ඇත. දීර්ඝ කාලයක සිට මෙහි උපරි ව්‍යූහය ඇද වැටී ඇති අතර, ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රභාගය සමග ඛුර, කුම්භ, පට, කණි සහ බසන්ත යන බොරදම් පහ පමණක් වර්තමානයේ දක්නට ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාිහර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මදනේස්වර්_ශිව_දේවාලය&oldid=410553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි