මග්නීසියා සටන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මග්නීසියා සටන
මෙහි කොටසකි රෝමානු–සෙලූසිඩ් යුද්ධය
AntiochusIII.jpg
තුන්වන මහා ඇන්ටියෝකුස් රජුගේ රිදී කාසියක්
දිනය ක්‍රිපූ 190 දෙසැම්බර්
ස්ථානය මග්නීසියා ඇඩ් සිපලුම්, ලීඩියා අසබඩ
ප්‍රතිඵලය තීරණාත්මක පර්ගමානු-රෝමානු ජයග්‍රහණය
රණපත්හු
රෝමානු ජනරජය සෙලූසිඩ් අධිරාජ්‍යය
ආඥාපතීන් සහ නායකයන්
ලූකියුස් කොර්නේලියුස් ස්කීපියෝ
පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ
පර්ගමාන් හී දෙවන එවුමේනුස් රජ
තුන්වන මහා ඇන්ටියෝකුස් රජ
සූක්සිස්
සෙලේකුස්[1]
ප්‍රබලතාව
30,000
(පුරාතන මූලාශ්‍ර)[2]
50,000
(නූතන මූලාශ්‍ර)[3]
70,000
(පුරාතන මූලාශ්‍ර)[2]
50,000
(නූතන මූලාශ්‍ර)[4]
ආපතිකයන් සහ හානියන්
අවම වශයෙන් 349
(පුරාතන මූලාශ්‍ර)[5]
5,000
(නූතන මූලාශ්‍ර)[6]
50,000 පමණක් මිය ගොස් සහ අත්අඩංගුවට ගෙන
(පුරාතන මූලාශ්‍ර)[2][5]
10,000
(නූතන මූලාශ්‍ර)[6]

මග්නීසියා සටන යනු, රෝමානු–සෙලූසිඩ් යුද්ධයෙහි අවසාන සටන වන අතර, ලූකියුස් කොර්නේලියුස් ස්කීපියෝ කොන්සල්වරයා සහ ඔහුගේ සහෝදර, පසිඳු ජෙනරාල් ස්කීපියෝ ආෆ්රිකානුස් සමග, ඔවුන්ගේ මිත්‍ර පාක්ෂික පර්ගමාන් හී දෙවන එවුමේනුස් රජ විසින් නායකත්වය සැපයුනු රෝමානුවන් සහ, සෙලූසිඩ් අධිරාජ්‍යයෙහි තුන්වන මහා ඇන්ටියෝකුස් රජුගේ යුද්ධ හමුදාව අතර, ලීඩියා තැන්නෙහි මග්නීසියා ඇඩ් සිපලුම් අසබඩදී ක්‍රිපූ 190 දී සිදු විය.මෙහිදී සිදුවුනු තීරණාත්මක රෝමානු ජයග්‍රහණය හේතුවෙන්, වරෙක සෙලූසිඩ් අධිරාජ්‍යයෙහි පාලනය යටතේ පැවතුනු බලප්‍රදේශයෙහි විශාල කොටසක් තුල රෝමානු අධිපත්‍යය බල පැවැත්වෙන්නට විය.[7]

මෙම සටන පිළිබඳ ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍ර සපයන්නේ ලිවී සහ අපියන් විසිනි.[7]

පූර්විකාව[සංස්කරණය කරන්න]

ඔහුගේ ගවේෂණාත්මක බලකාය, තර්මෝපලී සටනෙහිදී පරාජය වීමත් හා සමගම, ඇන්ටියෝකුස් ග්‍රීසියෙන් පලවා හරින ලදි. රෝඩියානුවන් සහ අනෙකුත් මිත්‍ර පාක්ෂිකයන් හා සමග වූ රෝමානු නාවික හමුදාව විසින්, සෙලූසිඩ් නාවික හමුදාව අභිබවායෑම තුලින්, රෝමානු හමුදාවට හෙලස්පොන්ට් තරණය කිරීමට හැකි විය. රෝමානු හමුදාවේ ආඥාපතියා වූයේ ලූකියුස් කොර්නේලියුස් ස්කීපියෝ අසියාටිකුස් කොන්සල්වරයා වූ අතර , ලෙගාටුස් ලෙසින් ඔහු හා ගමන් කල ස්කීපියෝ ආෆ්රිකානුස් ගේ බාල සොහොයුරා විය. රෝමානු ජනරජයෙහි පරම සතුරා වූ කාර්තජේනියානු ජෙනරාල් හැනිබල් බාර්කා, සාමා සටනෙහිදී ඔහුගේ පරාජය සහ දෙවන පියුනික් යුද්ධයෙහි කෙළවරද හා සමග ඇන්ටියෝකුස්ගේ රාජ සභාව වෙත පලා ගොස් තිබුණි.[7] මග්නීසියා සටන වන විට එතැන හැනිබල් සිටි බවක් සමහරු විශ්වාස කරති. නාවික සේනාංකයට ආඥාපතිත්වය සපයමින් එව්රිමැදොන්හිදී පරාජයට පත්ව, පසුබැස, ඉන්පසු ඇන්ටියෝකුස් විසින් ඔහුව රෝමානුවන් වෙත පාවා දෙතැයි යන බිය නිසා හැනිබල් ක්‍රීටයට පලා ගිය බැවින්, මෙම මතය සාවද්‍ය වෙයි.[උපහරණ ඇවැසිය]

ක්‍රිපූ 200 දී සෙලූසිඩ් අධිරාජ්‍යය, (ඇනටෝලියාවට සහ ග්‍රීසියට පැතිරීමට පෙර).

හමුදාවෝ[සංස්කරණය කරන්න]

සෙලූසිඩ්වරු[සංස්කරණය කරන්න]

සටන බලාපොරොත්තුවූ ඇන්ටියෝකුස් විසින්, සාර්ඩිස් වෙත සහ ඔහුගේ නාවික සේනාංක මූලය තිබූ එෆසිස් වෙත පිවිසුම ආරක්ෂා කරනු වස් ආරක්ෂක වළලු සහිත කඳවුරක් පිහිටුවීය. ලිවී සහ අපියන් යන දෙදෙනා විසින්ම දක්වන පරිදී, 16,000 සංඛ්‍යාවක් වෙතින් සැදි ඔහුගේ ප්‍රබල ෆැලැන්ක්ස් නම් සේනාපසුර, මැසඩෝනියානු පන්නයට සන්නද්ධ කොට, මිනිසුන් 50 පළල සහ මිනිසුන් 32 ගැඹුරු ලෙසින් වූ මිනිසුන් 1,600 වෙතින් සැදි සේනාංක (ටක්සෙයිස්) ආකාරයෙන් මධ්‍යයෙහි පිහිටුවන ලදහ.

රෝමානුවෝ[සංස්කරණය කරන්න]

ඔවුන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්ව පෙළ සැදිල්ල අනුව පෙළ ගැසුනු රෝමානුවෝ වම පස කොටස ගංගාවට යාබද කලහ.

සටන[සංස්කරණය කරන්න]

රෝමය වෙතින් ඔවුනට නව කොන්සල්වරයෙක් එවීමට සහ සිසිර සෘතුව විසින් යුද මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට පෙර මෙම සටනෙහි නියුක්ත වීමට රෝමානුවෝ බලාපොරොත්තු වූහ. සාර්ථක ලෙසින් ගංගාව තරණය කල ස්කීපියයෝ, ඇන්ටියෝකුස්ගේ කඳවුරට කිමී 4 පමණක දුරින් කඳවුරු ලා ගති.

  1. XXXVII.41
  2. 2.0 2.1 2.2 ලිවී XXXVII.44
  3. ග්‍රේන්ජර්, පි. 321
  4. ග්‍රේන්ජර්, පි. 314
  5. 5.0 5.1 අපියන්, සිරියාකා 7
  6. 6.0 6.1 ග්‍රේන්ජර්, පි. 328
  7. 7.0 7.1 7.2 ග්‍රේන්ජර්, පිටු. 307-325
"https://si.wikipedia.org/w/index.php?title=මග්නීසියා_සටන&oldid=363601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි