භානුක ඒකනායක (Bhanuka Ekanayaka)
භානුක ඒකනායක | |
|---|---|
| Bhanuka Ekanayaka | |
| උපත | මැයි 30, 1987 |
| අධ්‍යාපනය | වික්‍රමශිලා ජාතික පාසල, ගිරිඋල්ල 1993-2004; මලියදේව විද්‍යාලය 2004-2006, කුරුණෑගල |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (University of Colombo School of Computing) 2009-2011 |
| වෘත්තිය | ICT ගුරුවරයෙකු |
| සංගණ්‍ය වන්නේ | උසස් පෙළ ICT අධ්‍යාපනය |
භානුක ඒකනායක (English: Bhanuka Ekanayaka, උපත 1987 මැයි 30) ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විෂය සඳහා ප්‍රසිද්ධ පුද්ගලික පන්ති ගුරුවරයෙකු සහ අධ්‍යාපනික ව්‍යවසායකයෙකි.[1][2] ඔහු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ GCE Advanced Level ICT විෂය සඳහා සිසුන්ට ඉගැන්වීම සඳහා ජනප්‍රිය වී ඇත.[3][4]
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
[සංස්කරණය]භානුක ඒකනායක 1987 මැයි 30 දින කුරුණෑගලදී උපත ලැබීය. ඔහුගේ පියා E. M. කරුණාරත්න (E.M. Karunarathna) වන අතර මව G. A. සීලවතී (G.A. Seelavithee) ය. ඔහු ගිරිඋල්ල පිහිටි වික්‍රමශිලා ජාතික පාසල සහ කුරුණෑගල පිහිටි මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකි. ඔහු පසුව පරිගණක හා තොරතුරු තාක්ෂණයට අදාළ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (University of Colombo School of Computing) වෙත 2009 වර්ෂයේදී ඇතුළත් වී සිය උපාධිය 2011වර්ෂයේදී අවසන් කළේය.[5][6]
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරමින් සිටින සමයේදී, විශ්වවිද්‍යාලයේ දෛනික අධ්‍යාපනික වියදම් පියවා ගැනීම සඳහා තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.[7]
ඩිජිටල් අධ්‍යාපනය හඳුන්වාදීම
[සංස්කරණය]ICT අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ප්‍රවර්ධනය කරමින් ඔහු BICT නම් ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී ඇත. මෙම යෙදුම ICT විෂය හදාරන සිසුන්ට MCQ ප්‍රශ්න, පාඩම් ඒකක අනුව ප්‍රශ්න සහ ඉගෙනුම් දත්ත ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.[8][9]
ඔහු Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහාද ICT අධ්‍යාපනික අන්තර්ගත ප්‍රචාරය කරමින් සිසුන්ට ඔන්ලයින් ඉගෙනුම ලබා ගැනීමට අවස්ථාව සලසයි.[10]
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]භානුක ඒකනායකගේ සහෝදරයා සුභාෂ් ඉෂංක ඒකනායක වේ.[11] ඔහු ඩී. එම්. ප්‍රියානි නර්මදා (D M Priyani Narmada) සමඟ 2015 ජනවාරි 22 දින විවාහ විය. ඔවුන්ට පුතුන් තිදෙනෙකු සහ දියණියක සිටී.[11][7]
ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම ශ්‍රී ලංකා පොලිස් සේවයේ සේවය කළහ.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 "මව්බිම" (PDF). මව්බිම. Ceylon Newspapers (Pvt) Ltd. 3 November 2025. සම්ප්‍රවේශය 8 March 2026.[permanent dead link]
- ↑ "Our Teachers". Sisulka (ඉංග්‍රීසි බසින්). Sisulka Higher Educational Institute. සම්ප්‍රවේශය 2026-03-18.
- ↑ "University of Colombo School of Computing". UCSC. සම්ප්‍රවේශය 8 March 2026.
- ↑ "Vidusara article". Scribd. සම්ප්‍රවේශය 15 March 2026.
- ↑ "Maliyadeva College Kurunegala". Maliyadeva College Official Website. සම්ප්‍රවේශය 8 March 2026.
- ↑ "Annual Report 2018 – University of Colombo School of Computing" (PDF). Parliament of Sri Lanka. University of Colombo School of Computing. 2018. සම්ප්‍රවේශය 8 March 2026.
- 1 2 "GCE A/L Results 2026 Released in Sri Lanka". The Morning (ඉංග්‍රීසි බසින්). 2026-04-05. සම්ප්‍රවේශය 2026-04-05.
- ↑ "BICT ICT Learning App". Google Play. සම්ප්‍රවේශය 8 March 2026.
- ↑ "GIT Seminar – Bhanuka Ekanayaka". Scribd (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 15 March 2026.
- ↑ "Bhanuka Ekanayaka Official Facebook Page". Facebook. සම්ප්‍රවේශය 8 March 2026.
- 1 2 "Key peoples in ICT education in Sri Lanka". Scribd. Dinamina. සම්ප්‍රවේශය 2026-03-20.
