බුදු පිළිමය හා මුද්‍රා

විකිපීඩියා වෙතින්
මුද්‍රා වර්ග
  1. අභය මුද්‍රාව - (හිදි පිළිම හා හිටි පිළිම) දකුණත වැලමිටෙන් නවා ඔසවමින් කුඩා ඇගිල්ල ඉදිරියට පෙනෙන දේ දැක්වීම. උදා:- අවුකන පිළිමය
  2. ධාන්‍ය මුද්‍රාව - (හිදි පිළිම) වම් අත්ල මත දකුණු අත්ල තබා දැක්වීම. උදා:- සමාධි පිලිමය
  3. වරද මුද්‍රාව - (හිදි පිළිම හා හිටි පිළිම) දකුණු අතේ අතැගිලි සහ අත්ල ඉදිරියට පෙනෙන සේ පොලොවට දෙසට යොමු කිරීම.
  4. භූමි ස්පර්ශ මුද්‍රාව - (හිදි පිළිම) වම් අත්ල දකුණු පාදය මත තබා දකුණු අත්ල පොළෝව දෙසට දැක්වීම. උදා:- මාරපරාජය - දෙගල්දොරුව විහාරය (බිතු සිතුවම්)
  5. විතරක මුද්‍රාව - (හිදි පිළිම) වම් අත දකුණු පාදය මත තබා, දකුණු අත වැලමිටෙන් නවා, අත ඔසවා මාපට ඇගිල්ල මත දඹර ඇගිල්ල තබා දැක්වීම.
  6. ධම්ම චක්ක මුද්‍රාව - (හිදි පිළිම) දෑත පපුව මතට ගෙන, දෑතේ ඇගිලිවලින් වෘත්තයක් කරකවාන්නා සේ දැක්වීම. උදා:- සාරනාත් හි ධම්ම චක්ක මුද්‍රා පිළිමය
  7. පරදුඃඛ දුඃඛිත මුද්‍රාව - (හිටි පිළිම) දෑත පපුව මත කතිරයක් සේ තබා දැක්වීම. උදා:- ගල් විහාරය - හිටි පිලිමය
  8. අංජලිකරණීය මුද්‍රාව - දෑත් වැදගෙන සිටින අවස්ථාවක්.
  9. කටක මුද්‍රාව - (හිදි පිළිම) වම් අතින් නිරූපණය කෙරේ