බුදුදහම හා විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුද්ධාමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

අභිධර්මය
මූලාශ්‍ර හා සබැඳි
පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

ධම්ම සාකච්ඡා
සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

අනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසඳන විට බුදුදහම, විද්‍යාව හා සමඟ එකඟ වේ. අධි ස්වභාවික සිද්ධි කෙරෙහි මධ්‍යස්ථභාවයක් දක්වන බුදුදහම විද්‍යානුකූල පර්යේෂණ සඳහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්තයේදී යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික අවධානය යොමුකරන බුදුදහම, මනෝවිද්‍යාවේ අභිධාර්මික කරුණු හා විඥානය පිළිබඳ අධ්‍යයනය සඳහා විවරණයක් සපයයි. බොහෝ විද්‍යාඥයෝ බුදුදහමේ ආගමික මුහුණුවර හා අභිධාර්මික කරුණු හා විද්‍යාත්මක ක්‍රමවේදය වෙන්කර දැක්වුවද බුද්ධ ධර්මයේ සමහර දේශනා තුළ පරිණාමය, ක්වොන්ටම් වාදය හා අජටාකාශ විද්‍යාව සම්බන්ධ කරුණු සමඟ සම්බන්ධතා පවතී. කෙසේ වුවද බුදුදහම හා විද්‍යාත්මක විමර්ශන අතර සාමානතා හඳුනාගෙන තිබේ.

බුදුදහම පිළිබඳ විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත[සංස්කරණය]

පරමාණුව සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් ‍බෝර් මෙසේ පවසා ඇත. “පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ, අපි නළුවන් ‍හා ප්‍රේක්ෂකයන් ලෙස දරණු ලබන චරිත අතර සහ එහි සම්බන්ධතාවය ගොඩනැඟීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය”.

1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යාව හා මිනිස් දැනුම, බ්‍රිතාන්‍ය ගණිතඥ, දාර්ශනවාදී හා නොබෙල් ත්‍යාග හිමිකරුවකු වන ඇල්ෆ්‍රඩ් ‍නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන 'ප්‍රින්ජිරියා, මැතමෙටිකා', ග්‍රන්ථයේ බර්ට්‍රන්ඩ් රසල් හා සමකතෘ) මෙසේ පවසා ඇත.

“බුදුදහම යනු ව්‍යවහාරික පාරභෞතික විද්‍යා ඉතිහාසයේ අති විශාලතම නිදසුනයි”

බර්ට්‍රන්ඩ් රසල් යන තවත් නොබෙල් ත්‍යාගලාභියෙකු මෙසේ පවසා ඇත. “බුදු දහම විචාරාත්මක හා විද්‍යාත්මක යන අංශ දෙකේම එකතුවකි. එය විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරමින් අවසාන‍යේ දී හේතුවාදී නිගමන වලට එළඹේ. එයින් මනස හා පදාර්ථය යනු කුමක් ද? ඒ දෙකෙන් වඩා වැදගත් වන්නේ කුමක්ද? මෙම විශ්වය ගමන් කරන්නේ යම්කිසි අරමුණක් කරාද? මිනිසාගේ සැබෑ තත්වය කුමක් ද? වැනි සිත් ඇදගන්නා සුළු ගැටළු වලට පිළිතුරු ලබා ගත හැක. විද්‍යාවේ පවතින සීමා නිසා මෙවැනි ගැටළු අපට නිරාකරණය කරගත නොහැක. එහි විජයග්‍රහණය ලැබෙන්නේ මනසටයි”.

ඇමරිකානු‍ භෞතික විද්‍යාඥයෙකු වන ජේ. රොබට් ඕපන්හයිමර් විසින් හෙයින්ස්බර්ග් අවිනිශ්චිතභාවය පිළිබඳ මූලධර්මය පැහැදිලි කරමින් “ඉලෙක්ට්‍රෝනයක පිහිටීම නොවෙනස්ව පවතී දැයි ඇසුවහොත් එයට පිළිතුර 'නැත' යන්නයි. ඉලෙක්ට්‍රෝනයේ පිහිටුම කාලයත් සමඟ වෙනස් වේදැයි ඇසුවහොත් එයට පිළිතුරද 'නැත' යන්නයි. මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ කෙරෙන ලද ප්‍රශ්න වලට ද බුදුරජාණන් වහන්සේ එවැනි පිළිතුරු සපයන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=බුදුදහම_හා_විද්‍යාව&oldid=168144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි