බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

විකිපීඩියා වෙතින්

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්[සංස්කරණය]

චීන මහායාන බෞද්ධ භික්ෂුවක් විජිය පන්සලක සුවද දුම් පුජා කිරිම බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරිමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතර සමහරක් තවමත් සංස්කෘත භාෂාවෙන් දතිබේ. මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරැනුවිට සියලු සම්ප්‍රදායන් බැදී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මත වර්ගීකරණය සදහා මෙය සුදුසු නොවේ.

• සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති. • සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකු වැදගත්කමක් නොලැබේ. • ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි) • බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. තේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත් නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේ නමක් යනු තනිවම නිවන් මග සොයාගෙන එය රන්නයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි.