බුද්ධ ධර්මයේ දැක්වෙන සමාව දීම

විකිපීඩියා වෙතින්

බුද්ධ ධර්මයට අනුව සමාව දීම පුද්ගලයෙකුගේ මනස තුළ ඇතිවන හිංසාකාරී සිතුවිලි නිසා හටගන්නා මානසික පීඩනය නැතිකර ගැනීමේ ක්‍රමයකි. වෛරය හා ව්‍යාපාද සිතුවිලි අපේ මානසික කර්මයට දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරයි. ඒ වෙනුවට බුදුදහමේ පුහුණු කරන්නේ යහපත් බලපෑම් ළගා කරවන සිතුවිලිය. කර්මය මෙනෙහි කළ විට අපට වැටහෙන්නේ පළිගැනීමට අවස්ථා සෙවීම නොව, මෛත්‍රීය හා සමාව දීම වඩා වැදගත් බවයි. මක්නිසාදයත් පළිගන්නා තැනැත්තා සියල්ලන්ටම වඩා අවාසනාවන්ත තත්ත්වයකට පත්වන බැවිනි. අමනාපකමක් හටගත් විට බුදුදහමට අනුව සිදුකළ යුත්තේ සන්සුන්ව එයට හේතුව සොයාගෙන එම අමනාපය අත්හැරීමයි. බුදුදහමේ හරය වන්නේ අවිද්‍යාව හා දුකින් මිදීමට, භාවනාවෙන් යථාර්ථයේ ස්වභාවය අවබෝධය කර ගැනීමයි. බුදුදහම තණ්හාවේ නියම ස්වරූපය මෙන්ම තණ්හාව හටගැනීමට හේතු වන වස්තූන්ගේ යථාර්තයද අධ්‍යයනය කරයි. අපි සමාව දීමට අකමැති නම් අපි අපගේ වේදනාව තවත් වැඩි කරගන්නා අතර නැවත ඉපදීමේදී දුක ලෙස හටගන්නේ මෙයයි.

වෛරය ඇතිවීම වළක්වා ගැනීම සඳහා බුදුදහමේ මෛත්‍රීය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව යන කරුණු පිළිබඳව අවධාරණය කරයි. මෙමඟින් අප තුළ හා අනුන් තුළ ඇති විඩාව අවබෝධකර ගැනීමට හැකිවේ. 9/11 ප්‍රහාරය ගැන අජානී ජයසරෝ නම් බෞද්ධ භික්ෂුව තම ශිෂ්‍යයන් අමතා මෙසේ පැවසීය. " අපි අපගේ උපත, මහළු විය, රෝගී බව හා මරණය යන කරුණුවලදී ලෝක වාසී අනෙක් සත්වයන් සමඟ ඇති බැඳීම පිළිබඳව ගැඹුරින් සිතන විට එමඟින් අපට නව යථාවබෝධයක් ලැබේ."

"යමෙක් මට හිරිහැර කළා, පහරදුන්නා, පරාජය කළා, සොකරකම් කළා යන සිතුවිලි රඳවා තබා ගන්නා තැනැත්තාගේ වෛරය නොසන්සිඳේ."

"යමෙක් මට හිරිහැර කළා, පහරදුන්නා, පරාජය කළා, සොරකම් කළා යන සිතුවිලි සිතෙන් අතහරින පුද්ගලයාගේ වෛරය සන්සිඳේ."

- ධම්මපදය 1.3 - 4 - පරිවර්තනය රාධාක්‍රිෂ්ණන්