බුද්ධිමය දේපළේ ආර්ථික විද්යාඅව
බුද්ධිමය දේපළ නීතිය
බුද්ධිමය දේපළේ ආර්ථික විද්යාඅව
ආර්ථීක විද්යාආඥයෝ රාජ්‍ය විසින් පනවනු ලැබූ තාවකාලික ඒකාධිකාරයක් ලෙස (නොඑසේනම් රාජ්‍යයේ අනුග්ිරහය ඇතිව සහන සැලසීම සඳහා වන නෛතික යාන්ත්ඩරණයන් උපයෝගී කරගනිමින් බලාත්මක කළ) බුද්ධිමය දේපල හිමිකම් සලකති.
සාමාන්‍යයෙන් බුද්ධිමය හිමිකම් තරඟකාරී නොවන භාණ්ඩයන්ට, එනම් එකවර විශාල පිරිසක් විසින් භාවිතා කරනු ලැබිය හැකි (එක් තැන්ත්තෙක් භාවිතා කිරීම අනෙක් තැනැත්තාගේ භාවිතයට බාධාවක් නොවන) භාණ්ඩයන්ට සීමා වේ. එක් වතාවකදී එක් තැනැත්තකුට පමණක් භාවිතා කළහැකි ඇඳුම් වැනි තරඟකාරී භාණ්ඩ සමඟ මෙය සන්සන්දනය කළ හැක. උදාහරණයක් ලෙස ගණික සූත්භරයක් එකවර විශාල පිරිසක් විසින් භාවිතා කරනු ලැබිය හැක. බුද්ධිමය දේපළ යන යෙදුමට විරුද්ධ වන සමහරු තර්ක කර සිටින්නේ ‘දේපළ’ යන වචනය යොදාගත හැක්කේ තරඟකාරී භාණ්ඩ (එනම් කෙනෙකුට තමන්ටම හිමි ලෙස අයිතිකරගත නොහැකි) හැඳින්වීම සඳහා පමණක් වන බවයි.
තරඟකාරී නොවන භාණ්ඩයක් එකවර බොහොමයක් දෙනා විසින් (උදාහරණයක් ලෙස පිටපත් කිරීම) භාවිතා කරනු ලැබියහැකි බැවින් (ආර්ථීක වශයෙන් අවම මුදලකට) එවැනි නිර්මාණයන් නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් දිරිමත් නොවනු ඇත. එය සමාජයට පැහැදිලිවම පාඩුවකි. මීට ප්රරතිපක්‍ෂව ඒකාධිකරයන් පැවතීමේද අවාසි (නිෂ්පාදකයෝ වැඩි මුදලක් අයකරනු ඇති බැවින් සමාජයේ සුළු පිරිසකට පමණක් එය ලබාගත හැකිවනු ඇත) පවතී.
බුද්ධිමය දේපළ හිමිකම් ස්ථාපිත කිරීම තරඟකාරී නොවන භාණ්ඩ නිෂ්පාදනයේදී සමාජයේ යහපත (ඒවා නිෂ්පාදනයට දිරිදීම මගින්) සලකමින් ඒකාධිකාරයන්ට අවසර ලබාදීමකි. ඒකාධිකාරයට අවසර ලබාදී ඇති කෙටි කාළය තුල සමාජයට ලැබෙන මෙම ලාභ සහ පාඩු එක් එක් නිෂ්පාදනය සහ සමාජයට අදාල කරුණු ගණනාවක් මත රඳා පවතිනු ඇත.