පස් වැඩ (ඉංජිනේරු විද්‍යාව)

විකිපීඩියා වෙතින්
(බිම් වැඩ (ඉන්ජිනේරු විද්‍යාව) වෙතින් යළි-යොමු කරන ලදි)

බිම් වැඩ යනු පස් හෝ පාෂාණ විශාල ප්‍රමාණ වලින් චලනය කිරීම හරහා නිර්මාණය වු ඉංජිනේරුමය කටයුත්තකි.


ඉංජිනේරුවරුන් චලිතයේ දුර අවම කර ගන්නා අතර කැපීම්වලින් ලබාගත් පාෂාණ පිරවුම්වලට ගැලපෙන බව සහතික කර ගැනීමට ජෛව තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව (පස් තරල භාවය හා ඝර්ෂණය වැනි) හා පරිමා තක්සේරුව සමග සම්බන්ධ වී වැඩ කටයුතු සිදු කළ යුතුය. අතීතයේදී එවැනි ගණනය කිරීම් සිදු කළේ සිම්සන්ගේ රූල වැනි ක්‍රම සමගින් රූටන රූලක් යොදා ගනිමිනි. වර්තමානයේදී ඒවා පරිගණකයක් හා ඒ සදහා විශේෂිත වු මෘදුකාංග මගින් සරලවම ඉටුකර ගත හැකිය.

චලනය කිරීමට ඇති ඉතා විශාල ද්‍රව්‍ය ප්‍රමාණය නිසා (විශාල වේලි වැනි කටයුතු වලදී කියුබික් අඩි මිලියන ගණනක් එහා මෙහා ගෙන යාමට සිදුවේ. එය ස්ක්‍රැපර් හා ලෝඩර්, නිෂ්පාදන ට්‍රක් රථ, ග්‍රේඩර, ඩෝසර, බැකෝ හා ඩ්‍රැග් ලයින් ස්කැවේටර් වැනි අනෙකුත් බිම් චලන යන්ත්‍ර වල දියුණුවත් සමග පරිණාමනයකට භාජනය විය.

සාමාන්‍ය බිම් වැඩ අතරට මහා මාර්ග, වේලි, ඇළ මාර්ග, බැමි හා ගැටි ඇතුළත් වෙයි.

යුධ ඉංජිනේරු විද්‍යාවේදී බිම් වැඩ යනු වඩාත් විශේෂිත ලෙස පස්වලින් සාදන ලද ආරක්ෂක බැමිය. පස් එතරම් ශක්තිමත් නොවුණත් විශාල ව්‍යුහ තැනීම සදහා අති විශාල ප්‍රමාණවලින් ලබා ගැනීමට තරම් ලාභ දායිව පවති. අතීත බිම් වැඩ ආරක්ෂිත ව්‍යුහ සදහා උදාහරණ අතරට අගල් පිඩැලි, තාප්ප, මාලිගා හා කදු බලකොටු අයත් වෙයි. නූතන උදාහරණ වලට අගල් හා පස් වැටි ඇතුළත් වේ.